News Category
From Date
To Date
Maximum Number of Result

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ"ආචාර්ය" නාමයක් සටහන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පාර්ලිමේන්තු නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ඇත්ත පුවත්පතේ 60 වන සංවත්සරය බොරැල්ල ආචාර්ය එන්.ඒම්. පෙරේරා මාවතේ පිහිටි කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී දෙසැම්බර් 21 සෙනසුරාදා සවස 3ට විද්වතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත බව එහි සංවිධායකයන් පවසයි.

බෞද්ධ භික්ෂූන් වහන්සේලා හත් නමක් විසින් දෙමළ බෙදුම්වාදීන්ගේ අභිලාෂයන් ඉටු කරමින් සකස් කරන ලද හිමාලය ප්‍රකාශය ජනපති අනුර කුමාර වෙත පිළිගැන්වීමට සංවිධානය කළ උත්සවයකට ජනපති නොපැමිණි බව වාර්තා විය.

දේශප්‍රේමී ජාතික බලවේගය ඇතුළු සංවිධාන කිහිපයක් ඊයේ (20) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ශාලාව ඉදිරිපිට විරෝධතාවයක නියැළුණි.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජූලී චන්ග් මහත්මිය මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල හා නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල යන මහත්වරු බත්තරමුල්ල සුහුරුපාය පිහිටි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේදී හමුවී ඇත. ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයන් ශක්තිමත් කරගැනීම පිළිබඳව එහිදී සිදුවූ බව ඔවුන් ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් වනු දැකීම ඇමෙරිකාවේ අපේක්ෂාව බවත් රජයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ සහයෝගය ලබා දෙන බවත් ජුලී චන්ග් මහත්මිය මෙහිදී සඳහන් කර ඇත. මෙම අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් රවි සෙනෙවිරත්න මහතා ද සහභාගීවී තිබේ.

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ අලුත් අවුරුදු උත්සවයට පෙර පවත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවරදී ඊයේ (20) පැවසීය. ජනාධිපතිවරයා මහනුවරට ගොස් මල්වතු අස්ගිරි පාර්ශවයන්හි මහානායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.‍ පසුව මාධ්‍යට අදහස් දක්වමින් මෙසේද පැවසීය. පළාත් පාලන මැතිවරණය ලබන වසරේ අලුත් අවුරුදු උත්සවයට පෙර පැවැත්වීමට කටයුතු කරනවා. එම ඡන්දයට නාමයෝජනා බාරදුන් සන්ධාන අද නැහැ. ඒ සන්ධාන කැඩිලා. මේ නිසා ප්‍රශ්න නියෙනවා. නාම යෝජනා අවලංහු කිරීමට කැබිනට් අනුමැතිය හිමිවුණා. ඒ අනුව පනත සංශෝධනය කර ජනවාරි මාසයේදී පනත සම්මත කර ගන්නවා. ඊට පසු ඡන්දය පවත්වන්න පුළුවන්.

ඇමෙරිකානු එක්සත් ජනපදය විසින් තම හෙන්චයියා වෙච්ච ඉශ්රානලය යොදා ගනිමින් මැදපෙරදිග රාජ්යෙයන්ට එරෙහිව සිදුකරනු ලබන පහරදීම වහා නතරකරන ලෙස ඉල්ලමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අද (20) ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්විය. එහිදී අදහස් දැක්වූ දුමින්ද නාගමුව මහතා මෙසේ පැවසීය. "ලෝකයට ප්රදජාතන්ත්රූවාදය උගන්වන මහා පණ්ඩිතයා විදිහට පෙනී ඉන්න ඇමරිකාව අද ඊශ්රාියලය පාවිච්චි කරමින් මැද පෙරදිග කලාපය අස්ථාවර කරන්න ක්රිායාත්මක කරමින් ඉන්න දේශපාලන කුමන්ත්ර ණයන් වහා නවතා දමන ලෙස අප ඉල්ලා සිටින්න තමයි අද මේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපිටට ඇවිල්ලා මේ උද්ඝෝෂණය කරන්නේ. ඔවුන් මැද පෙරදිග කලාපය අස්ථාවර කරන්න ක්රිකයාත්මක වෙනවා. ඉරානය විනාශ කරමින් ඉන්නවා. සිරියානු බලය බිඳවට්ටවා තියෙනවා. මේ සියල්ල හරහා ක්රිායාත්මක වන්නේ මැද පෙරදිග කලාපය විනාශ කිරීමේ වුවමනාව. ඒ හරහා සිදුවන්නේ ඇමරිකානු බලය තහවුරු කර ගැනීමේ ක්රිායා මාර්ගයයි බව ඔහු පැවසීය https://www.youtube.com/watch?v=1dcthFELYk4 එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද නාගමුව මහතා මෙසේද පැවසීය. මේක මැද පෙරදිග විතරක් ප්රටශ්නයක් වෙන්නෙ නැහැ අපි කතාකරන්නේ පලස්තීන ප්රලශ්නය විතරක් නෙවෙයි ඇමෙරිකානු එක්සත් ජනපදය ලෝකය පුරාම මේ දේ සිදු කරමින් පවතිනවා. ඔවුන්ගේ නැතිවී යන බලය පවත්වාගෙන යන්න තමයි අද ලෝකය පුරාම ක්රිතයාත්මක වන්නේ. ලෝක ප්රනමාණයෙන් සිදුවන බලශක්ති අර්බුදය ඒවගේම ආර්ථික අර්බුදය මේවා සියල්ල සිදු කරන්න ඇමෙරිකානු එක්සත් ජනපදය. ඒවාගේම දකුණු ආසියානු කලාපය අස්ථාවර කරන්න වගේම දකුණු ආසියානු කලාපය අස්ථාවර කරන්න මේ ඇමෙරිකානු තානාපති කාර්යාලය විශාල කුමන්ත්රම පසුගිය දවස්වල විශාල ලෙස අපේ රට ඇතුලේ ඉදන් මැදිහත් වුණා. ඉශ්රා යල හමුදා මේ වන විට ලංකාවේ විශාල ප්රාමාණයක් අරුගම්බේ ඉන්නවා. එහෙම ඉන්නේ කොහොමද කියලා අපි ප්රාශ්න කරනවා. මේකෙන් වෙන්නේ ඊශ්රා යලවට සහාය පළකරන රාජ්ය යක් බවට ශ්රීැ ලංකාව පත්වීම. අපි ආණ්ඩුවට කියනවා මේක අනතුරක් මේ අනතුරට වහාම පිළියම් හොයන්න කියලා අපි ආණ්ඩුවෙනුත් ඉල්ලා සිටිනවා" යැයි පැවසීය

සහල් තොග නොලැබීමෙන් මරඳගහමුල සහල් තොග වෙළෙඳ සැල් වලින් කිහිපයක් විවෘතව පැවති අතර කීරි සම්බා, කැකුළු සම්බා වැනි වර්ග පමණක් ඒවායෙහි දැකිය හැකි විය.

ආනයනික සහල් සඳහා පනවා ඇති ආනයනික බද්ද ඉවත් කළහොත් රුපියල් 135ට එම සහල් කිලෝවක් ආනයනය කළ හැක හැකි බව වෙළඳ හා ආහාර සුරක්ෂිතතා ඇමති වසන්ත සමරසිංහ මහතා සඳහන් කර ඇත.


ප්‍රධාන පුවත්

අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය

අධිකරණයේ ස්වාධීනත්වය යනු රටක පවතින උත්තරීතරම සංකල්පයක් බැවින්, ඒ සම්බන්ධයෙන් කිසිදු ආකාරයක අවදානමක් නොගත යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා අවධාරණය කරයි.

කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.

අගෝස්තු මස 13 වනදාට යෙදෙන කියුබානු විප්ලවයේ නායක ෆිදෙල් කස්ත්‍රෝ රුස්ගේ 100 වැනි ජන්ම සංවත්සරයට සමගාමීව, ඔහුගේ චින්තනය, දේශපාලන දර්ශනය සහ උරුමය පිළිබඳ අවධානය යොමු කරන පළමු ජාත්‍යන්තර සමුළුව වන “ෆිදෙල්: උරුමය සහ අනාගතය” පසුගිය 10 වනදා කියුබාවේදී ආරම්භ විය.

LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය

වත්මන් රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැරසෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ දුෂ්කර පාසල්වල වැඩබලන විදුහල්පතිවරුන්ගේ දීමනා කපා හැරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ජාතික ගුරු ව්‍යාපාරය සිය දැඩි විරෝධය පළ කර සිටියි. බත්තරමුල්ල ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා මේ බව සදහන් කළේය.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ(12) දින සිසුකළ සාකච්ඡාවෙන් පසුව අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා පවසන්නේ, මෙම විශ්‍රම වයස දීර්ඝ කිරීම සම්බන්ධ ප්‍රශ්නය ඇත්තේ එක තැනක බවත් එහෙත් පිළිතුර ඇත්තේ තවත් තැනක බවත් ය.

කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..

කුච්චවේලි පිච්චමල් විහාරස්ථානයේ පිහිටි වසර 2300 කට වඩා පැරණි ඓතිහාසික බෞද්ධ නටඹුන් සහිත පූජනීය භූමිය විනාශ වීමේ අනතුරකට මුහුණ පා ඇති බව වාර්තා වේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..

යෝජිත සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් එල්ල වන බවත්, වත්මන් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙය හදිසි අවශ්‍යතාවක් නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (12) ජනපති අනුර කුමාර දිසානායක හමුවී පෙන්වා දී තිබේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් කනස්සල්ල පළකර තිබේ.

ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.

අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්

අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.