භීක්ෂු කථිකාවත සම්බන්ධයෙන් නැවත අවධානය යොමුකරන ලෙස ත්‍රිකුණාමලයේ ආනන්ද හිමියන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කළහ. ඒ් ඊයේ (10) අමරපුර මහා නාකයේ මහානායක පදවියට පත් අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති හිමියන්ට ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමේ අවස්ථාවට එක්වෙමිනි. එහිදී ආනන්ද හිමියන් මෙසේද පැවසූහ. ''ජනාධිපතුමනි, ඔබතුමන්ලා නව ගමනක් ආරම්භ කරලා තියෙනවා. ඒ ගමන ධර්මානුකූල විය යුතුයි, ධර්මය කියන්නේ බුද්ධ ධර්මය නෙවෙයි, ධර්මය කියන්නේ නීතිය, යුක්තිගරුක භාවය, මානව දයාව, සමානාත්මතාව, මේ සියල්ල ධර්මයයි. මේ නිසා ධර්මතාන්ත්‍රික රාජ්‍යයක් නිර්මාණය කිරීමට ඔබතුමන්ලා නිර්මාණය කරන නව ව්‍යවස්ථාවෙන් අවධාරණය යොමුකරන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම ස්වාමින් වහන්සේලාගේ කථිකාවත ගැනත් අවධානය යොමුකරන්න කියලා ඉල්ලා සිටිනවා" යැයි පැවසීහ.
ශ්‍රී ලංකාවේ ආගමන විගමන නීතිරීති උල්ලංඝනය කරමින්, සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ යාපනය ප්‍රදේශයේ අන්තවාදී ආගමික ප්‍රචාරණ කටයුතු සහ ලී මඩුවක කැටයම් ශිල්පීන් ලෙස කටයුතු කරමින් සිටි ඉන්දීය ජාතිකයන් 15 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන 05/07 දින ආපසු පිටුවහල් කර තිබේ.
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..