ඉහළ පෙළේ මාඕවාදී නායකයෙකු ඝාතනය කළ බව ඉන්දීය හමුදාව කියයි..
ඉහළ පෙළේ මාඕවාදී නායකයෙකු ඝාතනය කළ බව ඉන්දීය හමුදාව නිවේදනය කර තිබෙනවා. මධ්‍යම චතිස්ගාර් ප්‍රාන්තයේ ඉන්දීය ආරක්ෂක හමුදා සමඟ සටන් කරමින් සිටියදී මොහු මියගිය බවයි, ඉන්දීය හමුදාව පවසන්නේ.
ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා පවසන්නේ, "නම්බල කේෂව රාඕ" නැමති මාඕවාදී නායකයා මෙලෙස ඝාතනය කළ බවයි.
බසවරාජු සහ තවත් අන්වර්ථ නාම කිහිපයකින් ද ඔහුව හඳුන්වනු ලබනවා. ඔහුත් සමග තවත් කැරලිකරුවන් 27 දෙනෙකු එම සටන්වලදී මියගොස් ඇති බවයි, ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යවරයා පවසන්නේ.
සටනේදී එක් ඉන්දීය පොලිස් නිලධාරියෙකු ද මිය ගිය බව, වාර්තා වුණා. ඉහළපෙළේ මාඕවාදියෙකු රජයේ හමුදා විසින් ඝාතනය කරනු ලැබුවේ දශක තුනකට පසුවයි.
ඉංජිනේරුවෙකු වන රාඕ, තහනම් කරන ලද ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ නැතහොත් මාඕවාදී කණ්ඩායමේ ප්‍රධාන ලේකම්වරයා විය.
ඔහු ඉන්දියාවේ ත්‍රස්ත විරෝධී නීතිය ක්‍රියාත්මක කරන ආයතනය වන ජාතික විමර්ශන ඒජන්සියේ වඩාත්ම අවශ්‍ය ලැයිස්තුවේ සිටි අයෙක් බවයි, විදෙස් මාධ්‍ය පවසන්නේ.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මේ සම්බන්ධයෙන් ඉන්දීය හමුදාවට ප්‍රශංසාව පළ කර සිටිනවා. මේ අතර, ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය පවසන්නේ මෙම ඝාතන හෙළා දකින බවයි.
එසේම මේ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් කරන ලෙසද ඉල්ලා, ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය සිටිනවා. පසුගිය මාසයේ ද ඉන්දීය රජය එම කණ්ඩායම ඉලක්ක කර ගනිමින් දැවැන්ත හමුදා මෙහෙයුමක් දියත් කරනු ලැබීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි