
ඉහළ පෙළේ මාඕවාදී නායකයෙකු ඝාතනය කළ බව ඉන්දීය හමුදාව කියයි..
ඉහළ පෙළේ මාඕවාදී නායකයෙකු ඝාතනය කළ බව ඉන්දීය හමුදාව නිවේදනය කර තිබෙනවා. මධ්‍යම චතිස්ගාර් ප්‍රාන්තයේ ඉන්දීය ආරක්ෂක හමුදා සමඟ සටන් කරමින් සිටියදී මොහු මියගිය බවයි, ඉන්දීය හමුදාව පවසන්නේ.
ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා පවසන්නේ, "නම්බල කේෂව රාඕ" නැමති මාඕවාදී නායකයා මෙලෙස ඝාතනය කළ බවයි.
බසවරාජු සහ තවත් අන්වර්ථ නාම කිහිපයකින් ද ඔහුව හඳුන්වනු ලබනවා. ඔහුත් සමග තවත් කැරලිකරුවන් 27 දෙනෙකු එම සටන්වලදී මියගොස් ඇති බවයි, ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යවරයා පවසන්නේ.
සටනේදී එක් ඉන්දීය පොලිස් නිලධාරියෙකු ද මිය ගිය බව, වාර්තා වුණා. ඉහළපෙළේ මාඕවාදියෙකු රජයේ හමුදා විසින් ඝාතනය කරනු ලැබුවේ දශක තුනකට පසුවයි.
ඉංජිනේරුවෙකු වන රාඕ, තහනම් කරන ලද ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ නැතහොත් මාඕවාදී කණ්ඩායමේ ප්‍රධාන ලේකම්වරයා විය.
ඔහු ඉන්දියාවේ ත්‍රස්ත විරෝධී නීතිය ක්‍රියාත්මක කරන ආයතනය වන ජාතික විමර්ශන ඒජන්සියේ වඩාත්ම අවශ්‍ය ලැයිස්තුවේ සිටි අයෙක් බවයි, විදෙස් මාධ්‍ය පවසන්නේ.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මේ සම්බන්ධයෙන් ඉන්දීය හමුදාවට ප්‍රශංසාව පළ කර සිටිනවා. මේ අතර, ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය පවසන්නේ මෙම ඝාතන හෙළා දකින බවයි.
එසේම මේ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් කරන ලෙසද ඉල්ලා, ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය සිටිනවා. පසුගිය මාසයේ ද ඉන්දීය රජය එම කණ්ඩායම ඉලක්ක කර ගනිමින් දැවැන්ත හමුදා මෙහෙයුමක් දියත් කරනු ලැබීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
