
වියට්නාම් සමාජවාදී ජනරජයේ හිටපු ජනාධිපති ට්‍රාන් ඩක් ලුඕං අභාවප්‍රාප්ත වෙයි..
වියට්නාම් සමාජවාදී ජනරජයේ හිටපු ජනාධිපති ට්‍රාන් ඩක් ලුඕං (Tran Duc Luong) මහතා මැයි 20 වැනි දින අභාවප්‍රාප්ත වී තිබේ.
අභාවප්‍රාප්ත වන විට ඒ මහතාට වයස අවරුදු 88ක් විය.
ට්‍රාන් ඩක් ලුඕං මහතා 1937 මැයි 5 වන දින ක්වාං න්ගායි පළාතේ ඩක් ෆෝ දිස්ත්‍රික්කයේ (දැන් ඩක් ෆෝ නගරය) ෆෝ ඛාන් කොමියුනයේ උපත ලබා ඇති අතර, 1979 දී ඔහු භූ විද්‍යා පොදු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, සාමාන්‍ය දෙපාර්තමේන්තුවේ පක්ෂ සිවිල් කටයුතු කමිටුවේ ලේකම්වරයා ලෙස එරට සේවය කර තිබේ. පසුව සෝවියට් සංගමයේ ජාතික ආර්ථික විද්‍යා ඇකඩමියේ සාමාජිකයෙකු, උප සභාපතිවරයෙකු සහ පසුව ජාතික සභාවේ විද්‍යා හා තාක්ෂණ කමිටුවේ සභාපතිවරයෙකු වශයෙන් කටයුතු කර ඇත.
1987 ඒ මහතා අමාත්‍ය මණ්ඩලයට පත්ව අමාත්‍ය මණ්ඩලයේ උප සභාපතිවරයා ලෙස කටයුතු කර ඇති අතර, පසුව වියට්නාම් සමාජවාදී ජනරජයේ නියෝජ්‍ය අගමැති බවට පත්ව තිබේ.
පසුව වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ ඒ මහතා වියට්නාමය වෙනුවෙන් ඉමහත් සේවයක් කර විශිෂ්ඨ ගණයේ නායකයකු ලෙස ගෞරවාදරයට පත්විය.
අභාවප්‍රාප්ත ජනාධිපතිවරයා ස්මරණය කරමින් ගෞරව දැක්වීම සඳහා, පහත සඳහන් දිනවලදී කොළඹ 07, වෝඩ් පෙදෙසේ අංක 30/5 හි පිහිටි වියට්නාම් තානාපති කාර්යාල පරිශ්‍රයේදී ශෝක ප්‍රකාශ ග්‍රන්ථයක් විවෘත කර තිබේ.
2025 මැයි 24 වන සෙනසුරාදා සවස 2.00 සිට සවස 4.00 දක්වා.
2025 මැයි 25 වන ඉරිදා උදේ 10.00 සිට සවස 3.00 දක්වා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
