වියට්නාම් සමාජවාදී ජනරජයේ හිටපු ජනාධිපති ට්‍රාන් ඩක් ලුඕං අභාවප්‍රාප්ත වෙයි..
වියට්නාම් සමාජවාදී ජනරජයේ හිටපු ජනාධිපති ට්‍රාන් ඩක් ලුඕං (Tran Duc Luong) මහතා මැයි 20 වැනි දින අභාවප්‍රාප්ත වී තිබේ.
අභාවප්‍රාප්ත වන විට ඒ මහතාට වයස අවරුදු 88ක් විය.
ට්‍රාන් ඩක් ලුඕං මහතා 1937 මැයි 5 වන දින ක්වාං න්ගායි පළාතේ ඩක් ෆෝ දිස්ත්‍රික්කයේ (දැන් ඩක් ෆෝ නගරය) ෆෝ ඛාන් කොමියුනයේ උපත ලබා ඇති අතර, 1979 දී ඔහු භූ විද්‍යා පොදු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, සාමාන්‍ය දෙපාර්තමේන්තුවේ පක්ෂ සිවිල් කටයුතු කමිටුවේ ලේකම්වරයා ලෙස එරට සේවය කර තිබේ. පසුව සෝවියට් සංගමයේ ජාතික ආර්ථික විද්‍යා ඇකඩමියේ සාමාජිකයෙකු, උප සභාපතිවරයෙකු සහ පසුව ජාතික සභාවේ විද්‍යා හා තාක්ෂණ කමිටුවේ සභාපතිවරයෙකු වශයෙන් කටයුතු කර ඇත.
1987 ඒ මහතා අමාත්‍ය මණ්ඩලයට පත්ව අමාත්‍ය මණ්ඩලයේ උප සභාපතිවරයා ලෙස කටයුතු කර ඇති අතර, පසුව වියට්නාම් සමාජවාදී ජනරජයේ නියෝජ්‍ය අගමැති බවට පත්ව තිබේ.
පසුව වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ ඒ මහතා වියට්නාමය වෙනුවෙන් ඉමහත් සේවයක් කර විශිෂ්ඨ ගණයේ නායකයකු ලෙස ගෞරවාදරයට පත්විය.
අභාවප්‍රාප්ත ජනාධිපතිවරයා ස්මරණය කරමින් ගෞරව දැක්වීම සඳහා, පහත සඳහන් දිනවලදී කොළඹ 07, වෝඩ් පෙදෙසේ අංක 30/5 හි පිහිටි වියට්නාම් තානාපති කාර්යාල පරිශ්‍රයේදී ශෝක ප්‍රකාශ ග්‍රන්ථයක් විවෘත කර තිබේ.
2025 මැයි 24 වන සෙනසුරාදා සවස 2.00 සිට සවස 4.00 දක්වා.
2025 මැයි 25 වන ඉරිදා උදේ 10.00 සිට සවස 3.00 දක්වා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි