News Category
From Date
To Date
Maximum Number of Result

භීෂණ සමයේදී තරුණයින් ඝාතනය කිරීමට එවකට තරුණ කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ සම්බන්ධ බවට තොරතුරු වාර්තා වනවා. එවකට බටලන්ද ඇතුළු වධකාගාරවලදී තරුණයින් ඝාතනය කිරීමට ඒ සමයේ හිටපු තරුණ කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ සම්බන්ධ බව පවසන්නේ ඉන්ද්‍රාන්ද සිල්වා මහතායි ඔහු රනිල් වික්‍රමසිංහ ඊට සම්බන්ධ වූ අකාරය තම ඇසින් දුටු බවයි පවසන්නේ.

ශ්‍රී ලංකාවේ දසවැනි විධායක ජනාධිපතිවරයා වැඩි කල් නොගොස් එක්සත් ජාතික පක්ෂයෙන් බිහිවනු ඇතැයි එජාප සභාපති වජිර අබේවර්ධන මහතා ඊයේ (12) ප්‍රකාශ කළේය.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ දුලාන් සමරවීර සම්බන්ධයෙන් සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ගිශාන්ත දසනායක ඊයේ විශේෂ අනාවරණයක් සිදුකළේය.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති නව සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයකට පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පැමිණීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කළුතර දිස්ත්‍රික් සංවිධායක ලක්ෂ්මන් විජේමාන්න විරෝධය පළ කළා. කෙසේ වෙතත්, පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත් වී තත්ත්වය සමනය කර ගැනීමට කටයුතු කළ බවයි

ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ මැදින් පුර පසළොස්වක පොහෝ දිනය දෙමව්පියන්ට ගෞරව කිරීම සැලකීම කියා දෙන උතුම් වූ පුන් පොහෝ දිනයකි. බෝසත් චරිතයෙන් සහ බුද්ධ චරිතයේ කැපී පෙනෙන ලක්ෂණයකි දෙමව්පියන්ට සැලකීම.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක්ව දූෂණය කිරීමේ සිද්ධියට විරෝධය පළකරමින් අද (12) දිවයින පුරා සංකේත වැඩ වර්ජනයකට යොමුවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) තීරණය කර ඇත. ඒ අනුව අද උදෑසන 8 සිට පැය 24ක කාලයක් ඔවුන් මෙම වර්ජනයේ නිරත වේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුව ඊයේ (11) පස්වරුවේ පැවැත් වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

මහනුවර ජනතාව වෙනුවෙන් පොදුජන පෙරමුණෙන් නැවත වරක් දේශපාලනයට අවතිර්ණ වීමට තිරණයක් ගත් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා පවසයි.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිදු වූ අවාසනාවන්ත සිද්ධියට සම්බන්ධ වෛද්‍යවරියගේ අනන්‍යතාවය හෙළි කිරීමෙන් වළකිමින් ඇයගේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සියලු මුද්‍රිත සහ ඩිජිටල් මාධ්‍යවලින් ඉල්ලා සිටියා. X පෝස්ටුවක ඔහු කාන්තා වෛද්‍යවරියට එල්ල වූ බව කියන ලිංගික අතවරය හෙළා දකී.

මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියට පෙර ලබාදුන් අනුමැතීන්ට අනුව කටයුතු කිරීමට රජය කැමැත්තෙන් පසුවන්නේ නම් නැවතත් මෙගා වොට් 484 ක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය ආරම්භ කිරීමට තම සමාගමට හැකි බව අදානි ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා සමාගම බලශක්ති අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.


ප්‍රධාන පුවත්

සලේ උපවාසය අත්නොහරී..

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු රැඳවුම් භාරයේ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා සිය උපවාසය අත්නොහරින බවට යළිත් අවධාරණය කර තිබේ.

ඩොලර් මිලියන 808ක් ලේඛණවල නෑ.. මහ බැංකුව කියනවා පොඩි දෙයක්ලු.. - දිනන දකුණ සාමූහිකය

ශ්‍රී ලංකාවේ ගෙවුම් ශේෂ ලේඛනවල "දෝෂ සහ අතපසුවීම්" යටතේ සටහන් වී ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 808 ක දැවැන්ත විෂමතාවය, හුදු "සංඛ්‍යානමය දෝෂයක්" හෝ දත්ත වාර්තාගත වීමේ "කාලීන ප්‍රමාදයක්" ලෙස සලකා බැහැර නොකරන ලෙස ‘දිනන දකුණ සාමූහිකය’ මූල්‍ය බලධාරීන්ගෙන් සහ රජයෙන් ඉල්ලා සිටී.

ලෝකයේ ලොකුම ජාවාරම දත්ත ජාවරම බව කී ජනාධිපතිත් මේ ජාවාරමට හවුල් වෙලාද ඉන්නේ? – පුබුදු ජයගොඩ ප්‍රශ්න කරයි

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව ඉලක්ක කරමින් දැඩි ප්‍රශ්න කිරීමක් සිදු කර තිබේ.

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩු වුනත් අපට තාම එන්නේ වැඩි මිලට ඕඩර් කළ ඒවා.. ඒ නිසා ඉන්ධන මිල අඩුකරන්න බැහැ - මුදල් නියෝජ්‍ය ඇමති

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහත වැටී තිබුණද, ශ්‍රී ලංකාව තවමත් පරිභෝජනය කරනු ලබන්නේ වැඩි මිලට මිලදී ගත් ඉන්ධන තොග බැවින් දේශීය වෙළෙඳපොළේ ඉන්ධන මිල වහාම අඩු කිරීමට රජයට දැනට හැකියාවක් නොමැති බව මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

සුරේෂ් සලේගේ පරිගණක මුරපද CIDයට දීම මිලේනියම් සිටි පාවාදීමටත් වඩා භයානකයි.. රාජ්‍ය බුද්ධි රහස් ඩයස්පෝරාවේ කුලීකරුවන්ට පාවා නොදෙනු! - ජයන්ත සමරවීර

රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරල් තුවාන් සුරේෂ් සලේ මහතා සතු ජාතික ආරක්ෂාවට අදාළ අතිශය රහසිගත බුද්ධි තොරතුරු සහ පරිගණක මුරපද (Passwords) ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ කරමින් සිටින බවත්, එම තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් බලධාරීන්ට ලබාදීම රට පාවාදුන් “මිලේනියම් සිටි” පාවාදීමටත් වඩා භයානක අපරාධයක් හා විනාශයක් රටට අත්පත්කර දීමක් බවත් ජාතික නිදහස් පෙරමුණ අවධාරණය කරයි.

හම්බන්තොට වරාය අසල අක්කර 108ක් සංවර්ධනය කිරීමට විදේශීය ආයෝජකයින් සොයයි..

හම්බන්තොට ප්‍රදේශයේ පිහිටි අක්කර 108ක ඉඩමක් කර්මාන්ත සහ බහාලුම් (container) ව්‍යාපෘතියක් සඳහා වසර 50කට බදු දීමට සහ ඒ සඳහා ආයෝජකයින් කැඳවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

සූරේෂ් සලේව නිරුවත් කළ බව CIDය පිළිගත්තා.. - සලේගේ බිරිඳගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සූරේෂ් සලේ මහතා රඳවා සිටියදී නිරුවත් කර පරීක්ෂාවකට ලක් කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පිළිගත් බව සූරේෂ් සලේ මහතාගේ බිරිඳ, මනෝරි සලේ මහත්මිය පවසන්නීය.

පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් ආයතනයේ නිර්මාතෘ සහ සභාපති ආරියශීල වික්‍රමනායක 2026 වසරේ ආසියාවේ ශ්‍රේෂ්ඨතම වෙළඳ නාම සහ නායකයන් අතර ගෞරවයට පාත්‍ර වෙයි..

පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් ආයතනය 2026 වසරේ ආසියාවේ ශ්‍රේෂ්ඨතම වෙළඳ නාම (Asia’s Greatest Brands 2026) අතරට තේරී පත්ව ඇති අතර, එහි නිර්මාතෘ සහ සභාපති ආරියශීල වික්‍රමනායක මහතා 2026 වසරේ ආසියාවේ ශ්‍රේෂ්ඨතම නායකයන් (Asia’s Greatest Leaders 2026) අතරට නම් කර ගෞරවයට පාත්‍ර කර ඇත.

සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව පැරීසියේදී දැවැන්ත විරෝධතාවයක්..

හිටපු බුද්ධි අංශ ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා රහස් පොලිසිය (CID) මගින් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් සංවිධානය කරනු ලබන දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් 2026 ජූනි 24 වන අඟහරුවාද පස්වරු 3.00 ට ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.