අනුරාධපුරයේ පැරණි වැව් සහ කුඹුරු ඉඩම් විකිණීමේ ජාවාරමක් - ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන්ගෙන් අනාවරණයක්..
අනුරාධපුර පූජනීය නගරය වටා ඇති පැරණි ජලාශ සහ කුඹුරු ඉඩම් ගොඩ කර විකිණීමේ මහා පරිමාණ ජාවාරමක් දැනට ක්‍රියාත්මක වන බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා ඩේලි මිරර් වෙත පවසා තිබේ.
බසවක්කුලම, පහළ කටුකෙලියාව සහ තිසාවැව ඇතුළු අටමස්ථානයට අයත් ඓතිහාසික ජලාශ සහ කුඹුරු කිහිපයක් නීති විරෝධී ලෙස ගොඩ කර විකිණීමේ බරපතල අවදානමකට ලක්ව ඇති බව ඔහු පවසයි.
“වසර දහසකට වඩා පැරණි වැව් පවා ගොඩ කිරීමට දැන් සැලසුම් සකස් වෙමින් පවතිනවා., මෙම වැව්වලින් පෝෂණය වන කුඹුරු වගා නොකර විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහ සමහර ප්‍රාදේශීය ගොවි සංවිධාන නායකයින්ගේ පවා සම්බන්ධයක් පවතිනවා.” යැයි අනුරාධ තෙන්නකෝන් මහතා චෝදනා කරයි.
ගොඩ කරන ලද කුඹුරු ඉඩම් අක්කරයකට රුපියල් මිලියන 70 ත් 80 ත් අතර මුදලකට අලෙවි වන බවත්, එය නියමිත වටිනාකමට වඩා බෙහෙවින් වැඩි බවත්, විදේශිකයන් සහ කොළඹ පදිංචිකරුවන් සංචාරක සහ වෙනත් සැඟවුණු අවශ්‍යතා සඳහා මෙම ඉඩම් මිලදී ගැනීමේ ප්‍රවණතාවක් ඉහළ යන බවත් ඔහු පවසයි.
රජයේ සහ ආරක්ෂක හමුදා නිලධාරීන් විසින් වැව් රක්ෂිත අසල හෝටල්, නිවාස සහ අවන්හල් ඉදිකිරීම ජලාශ සහ අවට ප්‍රදේශවලට දැඩි පාරිසරික හානියක් සිදු කරන බවට තෙන්නකෝන් තවදුරටත් චෝදනා කරයි.
අටමස්ථානය භාරව සිටින ප්‍රධාන භික්ෂූන් වහන්සේලා පවා නීති විරෝධී ක්‍රියාකාරකම් නැවැත්වීමට බල රහිත කර ඇති බව ද ඔහු සඳහන් කරයි.
අනුරාධපුර පොලිසියට සහ අනෙකුත් අදාළ බලධාරීන්ට පැමිණිලි කිහිපයක් ඉදිරිපත් කර ඇතත්, ජාවාරම නැවැත්වීමට මෙතෙක් කිසිදු ඵලදායී ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාව පිළිබඳව නව වාර්තාව සම්බන්ධයෙන් ආචාර්ය සරත් වීරසේකරගෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වෙත විවෘත ලිපියක්..
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන