”විපක්‍ෂයේ” රැළිය ගැන ජාතික නිදහස් පෙරමුණ තම ස්ථාවරය පැහැදිලි කරයි..
නොවැ: 21 නුගේගොඩදී පැවැත්වීමට සැළසුම් කර ඇති ”විපක්‍ෂයේ” රැළිය සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණ තම ස්ථාවරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කර තිබේ.
අදාළ නිවේදය පහළින්..
නොවැ: 21 නුගේගොඩදී පැවැත්වීමට සැළසුම් කර ඇති ”විපක්‍ෂයේ” රැළිය පිළිබඳව
ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රමුඛ ජාතික ජන බලවේගය පාලනය විසින් අපගේ රට බාරගත්තේ, 76 වසරක් තිස්සේ පැමිණි ගමන් මග වෙනුවට නව ප‍්‍රගතිශීලී හා ජනහිතකාමී යුගයකට අපගේ දේශය ඔසවා තබනු ලබන බවට වූ පොරොන්දු රාශියක් මහජනතාව හමුවේ තබමිණි. ගෙවී ගිය වසරකට වැඩි එම පාලන කාලය තුළ මැනැවින් සනාථ වී ඇත්තේ, එය විසින් විකල්ප හා නවීන සමාජ ආර්ථික හා සංස්කෘතික මාවතකට අප දේශය කැඳවනු වෙනුවට අසාර්ථක පැරණි මාවතේම ඇතැම් විට කලින්ටත් වඩා බොහෝ සෙයින් හානිකර ලෙස රට ප‍්‍රපාතය කරා ඇදගෙන යමින් තිබෙන බව ය.
ජාතික ජන බලවේගය ආණ්ඩුව බොරු පොරොන්දු රාශියක් රට හමුවේ තබමින් ද, පොදුවේ සමස්ත දේශපාලන හා නිලධාරී තන්ත‍්‍රය පිළිබඳව වෛරය වඩවමින් ද බලය ලබාගත් බව අපි දනිමු. එලෙස බලය ලබා ගැනීමෙන් අනතුරුව එම පාලනය විසින් ඉටු කරමින් සිටින්නේ පොදු ජනයාට පොරොන්දු වූ කිසිවක් නොවන බව පැහැදිළි ය.
ඒ වෙනුවට,
(අ). රාජ්‍යයේ ස්වෛරීභාවය හා ආර්ථික ස්වාධීනත්වය පාවා දෙන ගිවිසුම් ඉන්දියාව ඇතුළු බාහිර පාර්ශවයන් සමග අත්සන් කරමින් හා මහජනතාවට ඒවා ස`ගවා තබා ගනිමින් ද,
(ආ). රට ගොදුරු කොට ඇති ආර්ථික අර්බුදයෙන් හා තීරණාත්මක ණය අර්බුදයෙන් රට ගොඩගන්නා මාවතක ගමන් කරනු වෙනුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අසාර්ථක වට්ටෝරුව කර තබාගෙන ගමන් කිරීමෙන් ද,
(ඇ). දේශයේ නිෂ්පාදන ආර්ථිකය (කාර්මික හා කෘෂි ආදී සෑම කේෂ්ත‍්‍රයක් තුළම දරුණු ලෙස බිඳවට්ටමින්, එම ආර්ථික ක‍්‍රියාවලියේ නියුතු ජනයා බලවත් පීඩාවකට ගොදුරු කරමින් ද,
(ඈ). රජයේ උපායමාර්ගික තීරණාත්මක වැදගත්කමින් යුත් රාජ්‍ය ආයතන විදේශීය සමාගම් වෙත විකුණා දමමින්, රාජ්‍ය හා මහජනතාව බලවත් අසරණ ඉරණමකට ඇද හෙළමින් ද,
(ඉ). නව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ ඇති කිරීමේ නාමයෙන් ඉතිහාසය, බුදු දහම හා සෙසු ආගම් පිළිබඳ අධ්‍යාපනය පිළිකන්නට දමා, මෙරට මහා සංස්කෘතියට පටහැනි LGBTQ ආදී සුළුතර ලිංගික ප‍්‍රවණතා ප‍්‍රවර්ධනය කිරීම හරහා මෙරට දරු පරපුර අසංස්කෘතික ජීවියකු බවට පත් කරමින් ද,
(ඊ). මෙරට ගෞරවණීය මහා සංඝරත්නයත්, උන්වහන්සේලාගේ ශාසනික හා සමාජමය කාර්යභාරයත් උතුරු පළාත හා රටේ සෙසු පළාත් බොහොමයක් තුළ දී බලවත් තර්ජනයකට වැඩි වශයෙන් මුහුණ පා ඇත්තේ, වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ වන අතර, බුද්ධ ශාසනයත්, එය තුළින් බිහි වූ මහා සංස්කෘතියත් වනසන මිස දුටු බලවේග පෝෂණය කරමින් හා එමගින් බුදු සසුන බලවත් අනාරක්ෂිත ඉරණමකට ඇද හෙළනු ලැබීමෙන් ද,
(උ). ඩිජිටල් හැඳුනුම්පත පිළිබඳ ව්‍යාපෘතිය ඉන්දියානු සමාගම් වෙත පැවරීම හරහා මෙරට වැසියන්ගේ සියළු ජෛවමිතික දත්ත ඉන්දියාව සතු කර ගැනීමට මහ පාදා දෙමින් ද,
(ඌ). සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවක භාරකාර අරමුදල (ETF) සතු වැඩකරන ජනතාවගේ අරමුදල් රාජ්‍ය වියදම් පියවා ගැනීමේ උවමනාව වෙනුවෙන් කොල්ල කෑමට ක‍්‍රියාමාර්ග සකස් කරමින් ද,
(එ). එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවේ සහ එයට හිතවාදී ජාත්‍යන්තර බලවේගයන්ගේ න්‍යාය පත‍්‍රය අනුව යමින්,
i. විරෝධාර රණවිරුවන් අත්අඩංගුවට ගනිමින්, රාජ්‍ය හමුදා බෙලහීන කිරීමත්,
ii. ජිනීවා මානව හිමිකම් කොමිෂමේ ශ‍්‍රී ලංකාවට හතුරු යෝජනා පිළිගෙන ඊනියා යුද අපරාධ චෝදනා සනාථ කර ආරක්ෂක හමුදා සාමාජිකයන්ට ද`ඩුවම් කිරීම පිණිස ස්වාධීන අභිචෝදක කාර්යාලය සහ තවත් ඒ සඳහා වූ ව්‍යුහයන් පිහිටුවීමට ක‍්‍රියා කිරීමත්,
iii. ඉදිරියේදී පළාත් සභා මැතිවරණය පවත්වා, 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණව බලාත්මක කිරීම මගින් හා මහ ඇමැතිවරයාට අවනත ආණ්ඩුකාරවරයකු පත් කිරීම හරහා රාජ්‍යය බෙදා වෙන් කිරීමේ ජාතිවාදී බෙදුම්වාදී දේශපාලනය බල ගැන්වීමට කටයුතු කිරීමත්,
ඒ මගින් රාජ්‍යයේ ඒකීයභාවය හා වීරෝධාර රණවිරුවන්ගේ ඉරණම අතිශය අවධානමට ඇද හෙළමින් ද,
(ඒ). මහ බැංකුව ස්වාධීන කිරීමේ නාමයෙන් එම ආයතනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දාස ආයතනයක් බවට පත්කොට තිබෙන තත්වය එසේම පැවතීමට කටයුතු කිරීමෙන් ද,
(ඔ). විදේශ විනිමය පණත වහා සංශෝධනය කර, රටට අයිති විදේශ විනිමය නිශ්චිත කාලයක් තුළ රට තුළට ගෙන්වා ගැනීම සහතික කිරීමට පියවර නොගැනීමෙන් හා තවත් ගත යුතු නිවැරදි පියවර නොගැනීමෙන් වත්මන් ආර්ථක අර්බුදයේ කරවටක් ගිල්වා තව තවත් අපගේ රාජ්‍යය හා එහි වෙසෙන ජනතාව අසරණභාවයේ පතුළට ඇද හෙළමින් ද,
( ඕ) අසීමාන්තිකව බදු බර හා ජීවන බර වැඩි කරමින් ජීවත්වීමට තබා හුස්ම ගැනීමටවත් අසීරු ඉරණමක අති බහුතර මහජනතාව ඇද වට්ටවාලීම තුළින් ද,
ආණ්ඩුව තවදුරටත් ගමන් කරමින් ඇත්තේ, බරපතළ ජනතා ද්‍රෝහී හා දේශද්‍රෝහී මාවතකය.
එබදු පාලනයක් නොපමාව පරාජයට පත් කළ යුතු බව පිළිගන්නා අපි එය කළ යුතු වන්නේ, එම ගමන් මගට ප‍්‍රභලව හා විවෘතව එරෙහිවන, එම විනාශකාරී ප‍්‍රතිපත්තිය පැරදවීමට සමත් හා විකල්ප නිවැරදි ප‍්‍රතිපත්ති මත නොබියව සිට ගැනීමට සමත්, මහජනතාව ඒ අනුව දේශපාලන වශයෙන් පෙළ ගැස්වීමට නායකත්වය දෙනු ලබන අවංක හා එඩිතර දේශපාලන නායකත්වයන් මගින් බව බලවත්ව විශ්වාස කරමු. එසේ නොමැතිව ජනප‍්‍රිය ආණ්ඩු විරෝධී සරල සටන් පාඨ ඔසවාගත්, එක් හෝ වෙනත් පුද්ගල නායකයන් අභිෂේක ගැන්වීම අරමුණු කරගත් පටු හා වංචනික දේශපාලන මැදිහත්වීමකින් සැබෑ ලෙසම වත්මන් ආණ්ඩුවත්, එය සතු වැරදි ප‍්‍රතිපත්්තිමය ගමන් මගත් පැරදවිය නොහැකි බව අපි තරයේ විශ්වාස කරමු.
විපක්ෂයේ ඇතැම් දේශපාලන පක්ෂ එකතුවකින් නොවැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙන ආණ්ඩු විරෝධී රැළිය, අප ඉහත දක්වා ඇති ආණ්ඩුවට අදාළ තීරණාත්මක කරුණු පිළිබඳව නිශ්චිත එක`ගතාවකින් තොර හා ඊට ප‍්‍රතිවිරුද්ධ පුළුල් හා නිවැරදි වැඩපිළවෙලක් පිළිබඳ එක`ගතාවයකින් තොර එක්සත් ක‍්‍රියාමාර්ගයක් ලෙස අපි වටහාගෙන සිටිමු. සරල හා පටු ආණ්ඩු විරෝධය වෙනුවට, ඉහත අප පෙන්වා දී ඇති පරිදි ගැඹුරු හා අර්ථවත් ආණ්ඩු විරෝධයත්, ඒ මත ගොඩනැගෙන විකල්ප ප‍්‍රතිපත්තිමය පදනම මත සිදු කෙරෙන දියුණු ම`ගපෙන්වීමත් අද ජාතියට අත්‍යවශ්‍ය වී ඇති බව අපි දැඩිව විශ්වාස කරමු. මුලූ මහත් ජාතියට ම`ග පෙන්වනු ලබන එබදු බලවත් ජනතා න්‍යාය පත‍්‍රයකින් තොරව හා අප සියළු පක්‍ෂවල අතීත භාවිතයන් පිළිබඳ විවෘත හා අවංක ස්වයං විවේචනයක නිරත වීමෙන් තොරව සිදු කෙරෙන කුමන දේශපාලන කටයුත්තක් වුව ගැඹුරු හා තියුණු අර්බුදයක කරවටක් ගිලී පීඩාවෙන් පීඩාවට පත්ව සිටින අපගේ ජන සමාජයට හා සියවස් ගණනාවක ඓතිහාසික උරුමයට හිමිකම් කියන අපගේ රාජ්‍යයට සාධාරණයත්, ගෞරවයත් සැබෑ ජයග‍්‍රහණයත් හිමිකර නෙදෙන බව කණගාටුවෙන් වුව පැවසිය යුතුව ඇත.
එබැවින්, නොවැම්බර් 21 දින පැවැත්වීමට නියමිත රැළිය සඳහා, ඉහත දැක්වූ හේතු මත අප පක්‍ෂය සහභාගී නොවීමට තීරණය කර ඇති බවත්, අප ඉහත පෙන්වා දී ඇති දේශපාලන කරුණු නිවැරදිව හා සම්පූර්ණව සැළකිල්ලට ගත් සාධනීය පරිවර්ථනයක් විපක්ෂයේ පක්ෂ එකමුතුව අතර ඇති කෙරෙන තත්වයක් තුළ පමණක් අප පක්‍ෂයේ සජීවී දායකත්වය ආණ්ඩු විරෝධී පොදු ක‍්‍රියාමාර්ග සඳහා ලබාදීමට ඉතා උනන්දුවෙන් බලාපොරොත්තු සහගතව සිටින බවත් අවසන් වශයෙන් ඔබ වෙත අවධාරණය කර සිටිමු!
ආණ්ඩුවේ ජනතාද්‍රෝහී - දේශද්‍රෝහී ප‍්‍රතිපත්තියට එරෙහිව, නිවැරදි ප‍්‍රතිපත්තිමය පදනම මත පිහිටා ආණ්ඩුව පළවා හැරීමේ සටන බලගැන්වීම කෙරෙහි මින් ඉදිරියට හෝ දැඩි ලෙස අවධානය යොමුකිරීමට ඔබ සැමට හැකිවේවායි ප‍්‍රාර්ථනා කර සිටිමු.
ස්තූතියි
මෙයට
විශ්වාසී
විමල් වීරවංශ
සභාපති,
ජාතික නිදහස් පෙරමුණ
(දේශපාලන මණ්ඩලය වෙනුවෙන්*
2025.11.07
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්