වෙනිසියුලාවට පහර දීමට ට්‍රම්ප්ට බලය පැවරීමේ සීමාවන් එක්සත් ජනපද සෙනෙට් සභාව ඉවත් කරයි
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනිසියුලාවට එරෙහිව හමුදා ක්‍රියාමාර්ග ගැනීමට පෙර කොංග්‍රස් අනුමැතිය අවශ්‍ය බවට ඉදිරිපත් වූ පනතක් එක්සත් ජනපද සෙනෙට් සභාව විසින් ඡන්ද දෙකකින් ප්‍රතික්ෂේප කර ඇත.
රිපබ්ලිකන් සෙනෙට් සභිකයින් දෙදෙනෙකු ඩිමොක්‍රටික් පක්ෂයට සහාය දක්වමින් එක් වුවද, පසුගිය 06 වනදා මෙම පියවර ඡන්ද 51 ට 49 ක් ලෙස පරාජයට පත්විය. ඒ අනුව ව්‍යවස්ථාදායක අධීක්ෂණයකින් තොරව ක්‍රියා කිරීමට ට්‍රම්ප්ට නිදහස ලැබී තිබේ.
"කොංග්‍රසයේ ඡන්දයකින් තොරව අපි යුද්ධයට නොයා යුතුයි" යනුවෙන් පනතට සම අනුග්‍රහය දැක්වූ ඩිමොක්‍රටික් සෙනෙට් සභික ටිම් කේන් අනතුරු ඇඟවීය.
වොෂින්ටනය කැරිබියන් දූපත් අසල සිය හමුදා පැවැත්ම වැඩි කරමින්, න්‍යෂ්ටික සබ්මැරීනයක් සහ නාවික හමුදාවේ වඩාත්ම දියුණු ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන යූඑස්එස් ජෙරල්ඩ් ආර්. ෆෝඩ් සමඟ යුධ නැව් සමූහයක් යෙදවීමට සමාන්තරව මෙම මෙම පනත පරාජයට පත්ව තිබේ. වෙනිසියුලාව සහ කොලොම්බියාව අසල ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කරමින් තිබූ යාත්‍රාවලට මෑතකදී එක්සත් ජනපදය එල්ල කළ ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 65 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.
ඉලක්ක කරගත් බෝට්ටු මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට එක්සත් ජනපද නිලධාරීන් චෝදනා කළද, ලතින් ඇමරිකානු නායකයින්, වින්දිතයින්ගේ පවුල් සහ නීති විශේෂඥයින් මෙම ප්‍රහාර නීති විරෝධී මෙන්ම නීතිය අවභාවිතවක් ලෙස හෙළා දැක ඇති අතර, මියගිය අයගෙන් බොහෝ දෙනෙක් ධීවරයින් බවද අවධාරණය කර ඇත.
ජනාධිපති ට්‍රම්ප් වෙනිසියුලානු නායක නිකොලස් මධුරෝ වෙනිසියුලාවේ බලය හොබවන "දින ගණන් කර ඇත" යනුවෙන් ඉඟි කර ඇති නමුදු ඔහු විධිමත් යුද්ධයක් සැලසුම් කිරීම ප්‍රතික්ෂේප කර ඇත. වෙනිසියුලානු භූමියට කරන ප්‍රහාරයක් සම්බන්ධයෙන් Cඹ්S මාධ්‍යවේදියෙකු විසින් අසන ලද ප්‍රශ්නයකට ට්‍රම්ප් පිළිතුරු දුන්නේ, "මම වෙනිසියුලානු භූමියට ප්‍රහාර එල්ල කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් මම වාර්තාකරුවන් සමඟ කතා කරන්නේ නැහ." යනුවෙනි.
පරාජයට වූ පනත් කෙටුම්පත, වොෂින්ටනයේ විධායක ශාඛාවට ජාත්‍යන්තර නීතිය සහ ව්‍යවස්ථාමය පරීක්ෂාවන් මඟහැර විදේශයන්හි මිලිටරිමය වශයෙන් සම්බන්ධ විය හැකි ආකාරය අවධාරණය කරයි. මෙය 1973 යුද බලතල යෝජනාව නැවත තහවුරු කරන ලැබූ අවස්ථාවාක් වන අතර යුද බලතල කෙරෙහි කොංග්‍රසයට මැදිහත් වීමට ඇති ඉඩකඩ අහිමි වීම තහවුරු වන බව විදෙස් විත්ති විශ්ලේෂකයෝ පවසති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා