1990 දශකයේ මැද භාගයේ නිවර්තන කලාපීය රටවල ඇරඹුණු කෘෂිකාර්මික වකුගඩු රෝගය රෝගී ජීවිත ලක්ෂ ගණනක් බිලිගන්නා ලදි. ශ්‍රී ලංකාව ඉන්දියාව වැනි රටවල වී වගා කරන ගොවීන් අතර ද මධ්‍යම ඇමෙරිකානු රටවල් වන කොස්ටරිකාව, එල් සැල්වදෝරය, නිකරගුවා, ගෝතමාලාව වැනි රටවල උක් වගා කරන ගොවීන් අතර ද මෙම රෝගය බහුලව දක්නට ලැබිණි. රෝගයට හේතු කාරක කවරේද යන්න වසර පහළොවකට වැඩි කාලයක් අභිරහසක්ව පැවතුණද 2012-16 කාලයේ ශ්‍රී ලාංකිකයින් පර්යේෂකයන් පිරිසක් රෝගයට මූලික හේතුව ගොවීන් යොදාගන්නා කෘෂි රසායන කිහිපයක් බව නිශ්චිත වශයෙන් පෙන්වා දෙන ලදි.
සිංහරාජ වන රක්ෂිතය දෙකඩ කරමින් සිංහරාජ අඩවියේ උප කඳුකර වැසි වනාන්තර වැස්මක් සහිත ඉතා ම සංවේදී වනාන්තර පද්ධතියක් එළිපෙහෙළි කර ඉළුඹකන්ඳ සිට සූරියකන්ඳ දක්වා කිලෝමීටර 8 ක් පමණ දිග මාර්ගයක් ඉදි කිරීමට ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය ජනක සේනාරත්න හා කලවාන ප්‍රාදේශීය සභාවේ පොතුපිටිය කොට්ඨාශ නියෝජිත ප්‍රාදේශීය සභා මන්ත්‍රි හා ජනක සේනාරත්න මන්ත්‍රිවරයා ගේ පෞද්ගලික ලේකම් නාමල් ප්‍රේමරත්න එක් ව නීති විරෝධී සැලැසුමක් සකස් කර ඇති බව පරිසරවේදී සජීව චාමිකර මහතා පවසයි.
ජ.වි.පෙ.න් කැඩී ගොස් වෙනම දේශපාලන පක්ෂයක් ලෙස ක්‍රියාත්මක වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය වසර ගණනාවක් තිස්සේ තමන් භාරයේ තබා ගනිමින් දේශපාලන කටයුතු සඳහා යොදා ගනු ලැබූ මෙම කාර්යාලය, පොලීසියේ ආශිර්වාදය හා රාජ්‍ය බලයේ මහිමය යොදා ගනිමින් මෙලෙස බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පත්ව ඇති භයානක ඉරණම කුමකදැයි මොනවාට පෙන්වා දෙනු ලබන්නක් බව පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා නිවේදනයක් නිකුත් කර ඇත.
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..