වේදිකාවල හෝ පාර්ලිමේන්තුවේ කතා පැවැත්වීමෙන් පමණක් මත්ද්‍රව්‍ය ව්‍යවසනයෙන් රට ගොඩගැනීමට නොහැකියි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ “රටම එකට“ ජාතික මෙහෙයුමට බේද නොසලකා සහාය දෙන්නැයි ජනාධිපතිවරයා විසින් සියල්ලන්ගෙන් ඉල්ලා සිටීම අගය කරන බවත්, එහෙත් ප්‍රශ්න ඇත්තේ වේදිකාවල හෝ පාර්ලිමේන්තුවේ කතා පැවැත්වීමෙන් පමණක් මෙම ව්‍යවසනයෙන් ගොඩඒමට ක්‍රියාමාර්ග ගත හැකිදැයි යන්න බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක් ක්‍රියාත්මක වූ බවත්, එය මෙහෙයවූයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ඇතුළු පිරිසක් බවත් පවසන ඒ මහතා රාජ්‍ය ආයතන 13ක ප්‍රධාන නිලධාරීන් සහ ජාතික සංවිධාන නියෝජනය කරමින් විද්වතුන් රැසක්ද ඊට සම්බන්ධව සිටි බවත් සඳහන් කරයි.
2024 දී එහි වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර සභාගත කළ බවත්, එම වාර්තාවෙන් නිර්දේශකර ඇති දේ පිළිබඳව ජනාධිපතිවරයා මෙන්ම නිලධාරීන් කියවා බැලිය යුතු බව සහ අවධානය යොමුකළ යුතු බවත් වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.
එසේ නොමැතිව කතා පැවැත්වීමෙන් පමණක් මෙම අභියෝගය ජයගත නොහැකි බවත් පවසන ඒ මහතා, පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ යුක්තිය මෙහෙයුම මගින් ද අවධානය යොමු කළේ අත්අඩංගුවට ගැනීම් සඳහා පමණක් බවත් එය පමණක් මෙයට විසඳුම නොවූ බවත් සඳහන් කරයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්