ආණ්ඩුව ඇමරිකාව එක්ක තවත් යුධ අවබෝධතා ගිවිසුමක් ගහලා.. වෙනත් රටවල භූ දේශපානලන අරමුණුවල ඉත්තෙක් වෙන්නද ආණ්ඩුව සූදානම් වෙන්නේ? - වසන්ත මුදලිගේ
ඇමරිකාව සමග අත්සන් කළ රහසිගත ආරක්ෂක ගිවිසුමේ අවධානම සම්බන්ධයෙන් ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ නුගේගොඩදී මාධ්‍යය හමුවේ අදහස් දක්වන ලදී.
" දැන් මේ ආණ්ඩුව බලයට ඇවිත් අවුරුද්දක කාලයක් වෙනවා. මේ කාලේ ඇතුළත විවිධ රටවල් එක්ක ආණ්ඩුව ගිවිසුම් අත්සන් කළා. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නේ ඒ ගිවිසුම් ගැන කිසිවක් ජනතාවට කියන්නේ නැහැ. පසුගිය අප්‍රේල් 8 වෙනිදා ඉන්දියාව එක්ක අත්සන් කළා ගිවිසුම් 7ක් අදටත් ඒ ගිවිසුම් අබිරහසක්. ඒ වගේම තමයි පසුගිය දවසක ජනතාවගෙන් හංගලා ජපානයත් එක්කත් ආරක්ෂක ගිවිසුමකට එළඹුනා.
දැන් මේ ගිවිසුම් එකක්වත් ජනතාවට හෙළි නොකරන ගමන් ඔන්න ආණ්ඩුව ඊයෙ දවසේ තව නාඩගම් නටලා. ඒ තමයි ඇමරිකාව එක්කත් යුධ ආරක්ෂක අවබෝධතා ගිවිසුමක් ආණ්ඩුව අත්සන් කරලා. ලංකාව පැත්තෙන් මේකට සම්බන්ධ වුනේ ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා ඇතුළු පිරිසක්. ඒ වගේම ඇමරිකාව පැත්තෙන් ජුලී චං ඇතුළු නිලධාරීන් පිරිසක් සම්බන්ධ වෙලා තියනවා.
අපිට තියන ප්‍රශ්නේ තමයි ආණ්ඩුව මේ විදිහට අත්සන් කරන ගිවිසුම් ජනතාව දැනගන්න ඕන නැද්ද කියන එක. මොකද රටේ සමුද්‍රීය ආරක්ෂාව, යුධ භාණ්ඩ හුවමාරුව, භූ දේශපානලන මැදිහත් වීම් මේ සියල්ල මේ ගිවිසුම් එක්ක සම්බන්ධයි.
මේ ආණ්ඩුව බලයට එන්න කලින් විපක්ෂෙ ඉන්න කාලේ මේ වගේ දේවල් වෙනකොට අපි දැක්කා හන්දි ගානේ නටනවා. ගිවිසුම් හෙළිකරන්න කිය කියා. එහෙම කියලා බලයට ආව ආණ්ඩුව දැන් ඇමරිකාව, ඉන්දියාව, ජපානය මේ ඔක්කොම රටවල් එක්ක හිතුණ හිතුණ වෙලාවට ගිවිසුම් ගහනවා. අපි කියනවා මේක ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි. ඇමරිකාවට ඉන්දියාව තියනවා භූ දේශපානලන අරමුණු. ඒ දේශපානලන අරමුණුවල ඉත්තෙක් වෙන්නද ආණ්ඩුව මේ සූදානම් වෙන්නේ ? මේ රටේ ජනතාව එහෙම දේකට ආණ්ඩුවට බලය දුන්නේ නැහෑ.
මෙතන තියනවා තවත් බරපතළ කාරණාවක්. ඒ තමයි ආණ්ඩුව මේ යුධ ගිවිසුම්වලට එළඹුණ ඇමරිකාව, ඉන්දියාව සහ ජපානය කියන්නේ කව්ඩ් සම්මුතියට අයිති රටවල්. සරළවම ක්වඩ් එක හඳුන්වන්නේ ආසියානු කලාපයේ නේටෝව විදිහට. ඒ නිසා මෙතන පැහැදිලිවම පේනවා මේ දේශපානලනේදි යම් මතයක් ආණ්ඩුවලට තියෙන්න පුලුවන්. හැබැයි එහෙම කියලා රටේ ආරාක්ෂාව තුට්ටු දෙකට ඇදලා දාලා කටයුතු කරන්න අයිතියක් නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවට වහාම කියනවා දැන්වත් මේ යමින් ඉන්න පාර මොකක් ද කියලා ජනතාවට කියන්න. ඒ වගේම තමයි ජනතා අනුමැතියකින් තොරව ඉන්දියාව එක්ක ඇමරිකාව එක්ක වගේම ජපානය එක්ක අත්සන් කරපු ද්‍රෝහී ගිවිසුම් වහාම හකුළාගන්න කියලා අපි මේ වෙලාවේ ආණ්ඩුවට මතක් කරනවා. එහෙම නොවුනොත් ඉදිරියේදී මේ ජනතාද්‍රෝහී වැඩපිළිවෙළ පරාජයට පත් කරන්න ජනතාව සංවිධානය කරන්න අපි පසුබට වෙන්නේ නැහැ කියන කාරණයත් මේ වෙලාවේ මතක් කරන්න ඕන. "
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්