විදුලි ගාස්තුව පිරිවැය නිරූපිත කරනැයි IMF දන්වයි..
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දූත පිරිසක් එළැඹෙන 22 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව එම අරමුදලේ සන්නිවේදන අංශයේ ප්‍රධානි ජුලී කොසැක් මහත්මිය ප්‍රකාශ කළාය.
මෙම මස 28 වැනිදා දක්වා මෙරට රැඳී සිටින එම දූත පිරිසට මූල්‍ය අරමුදලේ ආසියා සහ ශාන්තිකර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් සහ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානි එවන් පැපජෝර්ජියෝ ඇතුළු පිරිසක් ඇතුළත් වෙති.
මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ මෑතකදී බලපෑ සුළි කුණාටුවෙන් මෙරටට සිදු වූ හානිය පිළිබඳව පැහැදිලි චිත්‍රයක් ලබා ගැනීමයි. සුළි කුණාටු හානිය හේතුවෙන් මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහනට අදාළ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට එල්ල වී ඇති බාධා පිළිබඳව ද මෙහිදී රජය සමඟ සාකච්ඡා කිරීමට නියමිතය. එමෙන්ම ශ්‍රී ලංකාවට ඉදිරියට යාම සඳහා අවශ්‍ය වන සහාය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම ද මෙහි අරමුණකි.
විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමට යන පිරිවැයට සරිලන ගාස්තු ක්‍රමයක් පවත්වාගෙන යාම මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව ලබා දී ඇති ප්‍රධාන කැපවීමක් බව කොසැක් මහත්මිය මෙහිදී සිහිපත් කළාය.
පිරිවැයට සරිලන ගාස්තු ක්‍රමයක් මගින් මෙරට මූල්‍ය තිරසරභාවය සහතික කෙරේ. ලංකා විදුලි බල මණ්ඩලයට පාඩු නොලබා මෙහෙයුම් කටයුතු සිදු කිරීමට මෙලෙස ගාස්තු සංශෝධනය කිරීම වැදගත් වේ.
මෙරටට පැමිණෙන දූත පිරිස මේ සම්බන්ධයෙන් ද මෙරට බලධාරීන් සමඟ වැඩිදුරටත් සාකච්ඡා කරනු ඇත
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?