News Category
From Date
To Date
Maximum Number of Result

2026 වර්ෂය තුළ පාසල් පවත්වන වේලාව දීර්ඝ නොකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ මහත්මිය තාවකාලිකව සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

Justice Mission 2025 අභ්‍යාස සම්බන්ධයෙන් ජපානය, ඕස්ට්‍රේලියාව, යුරෝපා සංගමය සහ ඇතැම් යුරෝපීය රටවල් නිකුත් කළ වැරදි ප්‍රකාශ චීනය තරයේ ප්‍රතික්ෂේප කරන බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ වත්කම් නව සමාගම් 06ක් වෙත පැවරීමේ කටයුතු එළඹෙන පෙබරවාරි 01 වනදාට පෙර අවසන් කරන ලෙස බලශක්ති අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

ඓතිහාසික පානදුරාවාදයේ තිඹිරිගෙය ලෙස සැලකෙන ජෙරමියෙස් දියෙස් මහතාගේ නිවස (ආදර් වී. දෙයෙස් හෙවත් කොස් මාමා ලෙස හඳුන්වන ජාතික වීරයාගේ මහ ගෙදර) පිහිටා ඇත්තේ පානදුරේ ආතර් වී. දියෙස් මාවතේ එඩ්මන් මන්දිරය ලෙස හඳුන්වන එම ඓතිහාසික ගොඩනැගිල්ල වසර 150කට වඩා පැරණි බැවින් එවැනි ස්ථානයක් ශ්‍රී ලංකාවේ නීතිය අනුව පුරාවිද්‍යා වටිනාකමක් සහිත ස්ථානයක් ලෙස සැලකේ.

පසුගිය ඉරිදා ලංකාදීප පුවත්පතේ පළවූ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් ලියන ලද "හිතුවක්කාර අධ්‍යාපන ප්‍රතිසංස්කරනවල යටි අරමුණ" නම් වූ ලිපියේ සඳහන් වූයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව දරුවන්ට අන්තර්ජාලයට පිවිසීම සඳහා පන්ති කාමරයේදී දුරකථන භාවිතවට අවසර දෙන බවයි.

අගමැති හරිනි අමරසූරිය අධ්‍යාපන ඇමැතිවරිය ලෙස නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කරේ තබාගෙන එය සමාජයේ ගැඹුරු සංවාදයකට ලක් කිරීමට ඉඩ නොතබා ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබෙන අමෙරිකානු ඩොලර් මිලියන 200ක මුදල ලබා ගැනීමේ උවමනාවෙන් ඉතා කඩිමුඩියේ එය සකස් කළ බවත්, අධ්‍යාපනයේ ප්‍රමුඛ පරමාර්ථවලින් ඈතිවී අලුත් මොඩියුලර් ක්‍රමයක් ගෙනවිත් බටහිර රටවල් පවා ප්‍රතික්ෂේපකර ඇති ඇතැම් ආකෘති ගෙනවිත් මේ කරන්නට සූදානම් වන්නේ මේ රට පින්ලන්තයක් කිරීමට නොව හයිටියක් බවට පත්කිරීමට බවත් ජානිපෙ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

දිත්වා සුළි කුණාටු තත්ත්වයෙන් තලවකැලේ ග්‍රේට්වෙස්ටන් වතුයායේ ඇති වූ නායයෑමේ අවදානම හේතුවෙන් අවතැන්ව දැනට තලාවාකැලේ දෙමළ විද්‍යාලයේ රැඳී සිටින ජනතාව තමන්ට සිදුවන අසාධාරණයට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පෙළපොත සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය CID යාමට පෙර අමාත්‍යංශය තුළින් මූළික විමර්ශනයක් සිදුකළ යුතු බව මහාචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.


ප්‍රධාන පුවත්

ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.

අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්

අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times

ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.

ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..

පසුගිය කාලය තුළ ආයෝජන මණ්ඩලය (BOI) හරහා පැමිණි සමාගම් සඳහා රුපියල් බිලියන 276ක බදු සහනයක් ලබා දී ඇති බව Daily FT පුවත්පත වාර්තා කර තිබේ. එමෙන්ම, මෙම වසරේ පළමු කාර්තුවේ මාස තුන තුළ පමණක් අදාළ සමාගම්වලින් අය නොකර අතහැර ඇති වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 9.58ක් වන අතර, අය නොකර අත්හැර දමා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 20ක් පමණ වේ.

රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..

මෙරට ඇතිවූ "ඊනියා අරගලය" තුළ රනිල් වික්‍රමසිංහ මහතා ස්ථානගත වූ ආකාරය පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අදහස් දක්වා තිබේ.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ ඊට අදාළ ව්‍යවස්ථාපිත පසුබිම පිළිබඳව නීතිඥ කණිෂ්ක විතාරණ මහතා සිය අදහස් පළ කර තිබේ.

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාර නිලධාරීන් ලෙස බඳවා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ සිය මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණින් බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ චීන මහජන සමූහාණ්ඩුවේ අභිනව අතිවිශේෂ හා පූර්ණ බලතල සහිත තානාපතිවරයා ලෙස පත් කර ඇති ගරු වෙයි හුවාෂියං මහතා සිය ධුරයේ රාජකාරි භාර ගැනීම සඳහා අද(11) ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය.

දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ

මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සීඝ්‍රයෙන් බිඳවැටෙමින් පැවතීම පිළිබඳව "දිනන දකුණ" සාමූහිකය සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙත සිය දැඩි කනස්සල්ල පළ කර සිටි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.