ගැහැණු පිරිමි ලිංගිකත්ව මාරු කරන සැත්කම් කාසල් ඇතුළු රජයේ රෝහල්වල නොමිලේ දැන් කරනවා.. - පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමිගෙන් අනාවරණයක්..
කොළඹ කාසල් වීදිය කාන්තා රෝහල ඇතුළු රජයේ රෝහල් කිහිපයක ගැහැණු දරුවන් පිරිමි දරුවන් බවට පත් කිරීමේ ලිංග විපර්යාස ශල්‍යකර්ම සිදු කෙරෙන බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති.
හිරු රූපවාහිනී නාලිකාවේ පැවති වැඩසටහනකට සහභාගී වෙමින් උන්වහන්සේ මේ බව අනාවරණය කළහ.
මෙම ශල්‍යකර්ම රජයේ රෝහල් තුළ නොමිලයේ, මහජන බදු මුදල් වැය කරමින් සිදු කරන බව උන්වහන්සේ මෙහිදී අවධාරණය කළහ.
තමන් වෙත පැමිණි වෛද්‍යවරුන් පිරිසක් මගින් මෙම තොරතුරු අනාවරණය වූ බවත්, ඒ පිළිබඳව සොයා බැලීමේදී කාසල් වීදිය රෝහලට අමතරව තවත් රජයේ රෝහල් කිහිපයකම මෙම කටයුතු සිදුවන බව දැනගන්නට ලැබුණු බවත් උන්වහන්සේ පැවසූහ.
මෙම ක්‍රියාවලිය සිදුවන ආකාරය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේ සඳහන් කළහ.
“මෙහෙන් යනවා මෙහෙ මූලික කටයුතු කරගෙන ඉන්දියාවට යනවා. ඉන්දියාවට ගිහිල්ලා ඒ කටයුතු අවසන් කරාම එහේ මේ ඉජෙක්ෂන් එකක් ගහන්න ඕනලු ඊට පස්සේ දිගට හෝමෝන් එකක්. ඉතින් ලක්ෂ 20ක් විතර යනවලු ඒකට.”
මෙම තත්ත්වය රටේ අනුමත දෙයක් ලෙස සිදුවන බව පෙනෙන්නට තිබෙන බවත්, මෙය ජාත්‍යන්තර බලපෑම් මත සිදුවන්නක් විය හැකි බවත් උන්වහන්සේ සැක පළ කරති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා