News Category
From Date
To Date
Maximum Number of Result

"කොටිත් එක්ක යුද්ධ කළේ ජීවිතය දෙන්න බලාගෙන.. මාව අමතක වුනත් වීරෝදාර රණවිරු දරුවන් මතකයේ තබා ගන්න.." - රණවිරු සමරු දිනය වෙනුවෙන් මහින්ද සටහනක් තියයි

May 19, 2026 at 07:33 AM
|

LTTE සංවිධානය සමග යුද්ධ කිරීමට තීරණය කළේ ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවිය හැකි බව අවබෝධ කරගෙන යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රණවිරු සමරු දිනය වෙනුවෙන් සටහනක් තබමින් පවසයි.

එම සටහනේ මහින්ද රාජපක්ෂ මහතා මෙසේද සඳහන් කරයි.

"2005 වර්ෂයේ නොවැම්බර් මස 19 වන දින මා ජනාධිපති ධුරයට පත් ව දින 08කට අනතුරුව පැවති එල්ටීටීඊ සැමරුම් දිනයේ දී ත්‍රස්තවාදී නායක ප්‍රභාකරන් විසින් සිදු කළ සැමරුම් දින කතාව කෙරෙහි දේශීය සහ විදේශීය වශයෙන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව පැවතිණි. නව රජය ඔවුන්ගේ ඉල්ලීම් සඳහා ඉඩ නොදී දැඩි මතධාරී පිළිවෙතක් අනුගමනය කළහොත් ඔවුන් විසින් ස්වයං පාලනයක් ස්ථාපනය කරනවා යන්න එම කතාවෙහි අන්තර්ගතය විය. 2006 වසරෙන් අඩක් ගෙවී යන තුරු ද අප සියල්ල ඉවසමින් රජයක් ලෙස සාම වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන ලදී. එහෙත්, ත්‍රස්තවාදීන් සුපුරුදු පරිදි සාම වැඩ පිළිවෙලට මුවා වී තම ත්‍රස්ත ක්‍රියා දිගින් දිගටම සිදු කළහ. ඔවුන් හමුදා රථ වෙත බෝම්බ ප්‍රහාර එල්ල කරමින් හමුදා සෙබළුන් ඝාතනය කළහ. මායිම් ගම්මානවලට පහර දෙමින් සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව ඝාතනය කළහ. මුහුදු කොටි යාත්‍රා මඟින් අපගේ යාත්‍රාවලට ප්‍රහාර එල්ල කරනු ලැබූහ. අවසානයේ කැබිතිගොල්ලෑව බලා ගමන් කරමින් තිබූ මගීන් රැගත් ලං.ග.ම. බස් රථයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමින් බරපතල වරදක් සිදු කළේය. එම ප්‍රහාරයෙන් අහිංසක සිඟිති දරුවන්, සිවිල් වැසියන්, ග්‍රාම ආරක්ෂක බටයන්, ඇතුළු විශාල පිරිසක් මියගියහ. බොහෝ දෙනෙකු තුවාල ලැබුවෝය. ඔවුන් එදා නැඟූ විලාප හඬ නොවෙනස් ලෙස මා මතකයේ අද ද පවති. ඉන් අනතුරුව සිංහල, දමිළ හා මුස්ලිම් ජනතාවගේ දෛනික පරිභෝජනය සහ වගා කටයුතු සඳහා යොදා ගත් මාවිල්ලාරු ජලාශයේ සොරොව්ව වසා දැමීමට ත්‍රස්තවාදින් කටයුතු කිරීම හේතුවෙන් නැවතත් ජනතාව පීඩා වින්ඳහ. අතිශය මානවවාදී කරුණු හේතුවෙන් මගේ ජනතාව අමානුෂික ලෙස පීඩනයට පත් වීම මා වැනි ජනාධිපතිවරයෙකුට බලා සිටිය නොහැකි වූයේය. දරාගැනීමේ සීමාවත් ඉවසීමේ සීමාවත් අවසන් වූයේය.

අප සටන් කළේ ලොව දරුණුතම ත්‍රස්තවාදයට එරෙහිවය. සටනකට නැත්නම් යුද්ධයකට නීති, රීති, ‌‌කොන්දේසි සහ සදාචාරාත්මක සීමා මායිම් පවතී. එහෙත්, එල්ටීටීඊ ත්‍රස්තවාදයට එම සීමා කිසිවක් අදාළ වූයේ නැත. වසර ගණනාවක් පුරා එය ඔබත් මමත් අත්දැක්කෙමු. ශ්‍රී මහා බෝධි මළුවෙහි ආගමික වතාවත් වල යෙදී සිටි අහිංසක මිනිසුන් අත අවි ආයුධ නොතිබුණි. ඔවුන් යුද්ධ කළේ නැත. අරන්තලාවේ අපේ හාමුදුරුවරු යුද්ධ කලේ නැත. නමුත් ත්‍රස්තවාදීන් ඔවුන්ව ඉතා ම්ලේච්ඡ ලෙස ඝාතනය කළේය. රාත්‍රියේ ගමට කඩා වැදුණු ත්‍රස්තවාදීන් මායිම් ගම්මානවල විසූ ජනතාව කපා කොටා ඝාතනය කළහ. වෙඩි හඬ ඇසුණවිට අවට කඳවුරුවල රැඳී සිටින ආරක්ෂක අංශ පැමිණිය හැකි බැවින් තියුණු කඩු මන්නා වැනි ආයුධ වලින් අහිංසක නිරායුධ මිනිසුන් කපා කොටා මාරු දැමූහ. ගෝනගල ගම්මානයේ මෙලෙස ඝාතනය කරන ලද ගම් වැසියන් පිරිස අතරට ගැබිනි මව්වරුන් ඇතුළු කාන්තාවන් සහ කුඩා ළමුන් ද සිටියහ. මෙවැනි ඛේදජනක නිදසුන් බොහෝමයක් අප ඉතිහාසය පුරා දැකිය හැක. එකල එල්ටීටීඊ සංවිධානය තම ආරක්ෂාව සඳහා මිනිස් පලිහක් ලෙස භාවිතා කළ අහිංසක දෙමළ සිවිල් වැසියන් වෙනුවෙන් ආහාර හා බෙහෙත් ද්‍රව්‍ය එම ප්‍රදේශ වෙත යැවීමට රජයට දැඩි වෙහෙසක් දැරීමට සිදුවිය. සිවිල් ජනතාව බේරා ගැනීමේ ක්‍රියාන්විත ආරම්භ කිරීමේ දී, එම ප්‍රදේශ මුදා ගැනීමේ දී අපේ රණවිරුවන්ට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවූහ. වරක් එසේ සිවිල් වැසියන් විශාල ප්‍රමාණයක් බේරා ගනු ලැබූ වාකරේ ප්‍රදේශයේ සංචාරයක මම නිරත වූයෙමි. සංචාරය අතරතුර මා වාකරේ හින්දු කෝවිලක් වැඳ පුදා ගැනීමට ගිය අතර එහි දී එම කෝවිලේ පූසාරි වරයා වන කුරුක්කල් තුමා මල් මාලයක් දමා මා පිළිගනු ලැබුවේය. ඉන් සිව් දිනකට පසු ත්‍රස්ත්‍රවාදීන් විසින් එම කුරුක්කල් තුමා ඝාතනය කර ඇති බව මට දැන ගැනීමට ලැබිණි. ත්‍රස්තවාදය හමුවේ ආගම, ජාතිය පවා පරාජයට පත් විය. මම වේදනාවට පත්වූයෙමි. ත්‍රස්තවාදවට සීමා මායිම් නොමැති බව මා පැවසුවේ එහෙයිනි. එහෙත් එවන් කෲර ත්‍රස්තවාදයට පවා අප පිළිතුරු දුන්නේ මානුෂීය මෙහෙයුමකින් බව ඔබ සැම මතක තබා ගත යුතුය. ඔබත් මමත් ගන්නා හුස්මක් ගානේ එම රණවිරු දරුවන් ගෞරවනීය ලෙස සිහිපත් කළ යුතුය.

මම අභිමානවත් සිංහල බෞද්ධයෙකි. එසේ පැවසීමට කිසි සේත් මම පසුබට ‌නොවෙමි. එහෙත් මම කිසි සේත් ම ජාතිවාදියෙකු නොවෙමි. යම් පිරිසක් එසේ හුවා දක්වමින් දේශපාලන වාසි ලබා ගැනීම කනගාටුවට කරුණකි. දකුණ රැක ගත් මා උතුර ද රැක ගැනීම ජාතිවාදී නම්, උතුරේ වේවා දකුණේ වේවා මේ රටේ පුරවැසියෝ වන මගේ ජනතාව රැක ගැනීමේ වගකීම නිසි ලෙස ඉටු කිරීම ජාතිවාදී නම්, සිංහල දරුවා සේම අපේම දමිළ දරුවා ද රැක ගැනීම ජාතිවාදී නම්, යටිතල පහසුකම් ඇතුළු සේවා සපයමින් උතුරට වසන්තය ගෙන යෑම ජාතිවාදී නම්, ඔව් මේ මහින්ද රාජපක්ෂ දැඩි ජාතිවාදියෙකි. මම දකුණ රැකගනිමින් උතුරට ගියෙමි. උතුර ද නැගෙනහිර ද රැක ගත්තෙමි. මගේම ජනතාව දකුණට පැමිණෙන අයුරුත්, දකුණේ ජනතාව උතුරට ගමන් කරන අයුරුත් මම බලා සිටියෙමි. උතුරත් දකුණත් වෙන් නොකරමින්, කොළඹ හා යාපනය අතර දුම්රිය මාර්ගය යළි විවෘත කරමින් වසර 24 කට පසුව යාපනය බලා ගමන් කළ ‘යාල් දේවි’ දුම්රියේ ප්‍රථම මගියා බවට පත්ව උතුරට නෑගම් ගියේ සිංහල බෞද්ධ මහින්ද රාජපක්ෂය. ඒ මගේම සහෝදර ජනතාව බැලීමටය.

තවත් කොපමණ කාලයක් ගත වුව ද, ත්‍රස්තවාදයට සහාය දැක් වූ කණ්ඩායම් විවිධ ස්වරූපයන්ගෙන් අප මව්බිමේ ඒකීයත්වයට බලපෑම් කිරීමට උත්සාහ කරනා බව මම හොඳින් දනිමි. තවත් කෙතරම් කාලයක් අප මාතෘභූමියේ ඒකීය භාවය වෙනුවෙන් සහ ආදරණීය රණවිරු දරුවන් වෙනුවෙන් පෙනී සිටීමේ හැකියාව මට ලැබේ දැයි මා දන්නේ නැත. අනාගතයේ යම් දවසක ඔබට මා අමතකව යනු ඇත. එහෙත් ඔබ සැම විසින් වීරෝදාර රණවිරු දරුවන් මතකයේ තබා ගත යුතුමය. ඔවුන්ගේ ගෞරවය රැක ගත යුතුමය. මෙය මාගේ ඉල්ලීමකි. මහින්ද රාජපක්ෂගේ ඉල්ලීමකි. එවකට ත්‍රිවිධ හමුදාවෙහි නායකත්වය දැරූ සියලු ම සන්නද්ධ සේවා නායකයින්ගෙන් මා ඉල්ලා සිටින්නේ ඔබ යටතේ මාතෘ භූමිය වෙනුවෙන් යුධ වැදුණු එම දරුවන් වෙනුවෙන් පෙනී සිටිනා ලෙසයි. අන් සියලු දෙනාට වඩා ඔවුන්ගේ කැප කිරීම් දුටුවේ ඔබය. කිසිවෙකුට ඔවුන් වෙත චෝදනා කිරීමට ඉඩ නොතැබීමේ වගකීමක් සහ යුතුකමක් ඔබ සතුය.

ත්‍රස්තවාදීන් යුද්ධ කරද්දී, ලෝකයේ ඇතැම් බලවතුන් දේශපාලනික වශයෙන් මා සමඟ සටන් කරද්දී, යුද්ධය නවත්වන ලෙස පවසද්දී මහින්දට ශක්තියක් වූයේ මේ රටේ ජනතාව වන ඔබ තමුන්නාන්සේලා බව මම සිහිපත් කරමි. රණවිරු දරුවන්ගේ මෘත දේහ පෝලිමට ගමට ගෙන එද්දීත් ඒ හා සමානව රට ජාතිය වෙනුවෙන් සටන් කිරීමට අපේ අම්මලා තාත්තලා තමන්ගේ ලෙයින් බිහි වූ දරුවන් හමුදාවට භාර දුන්හ. ඒ අයුරින් තම දරුවා දන් දුන් බොහෝ නිවෙස් තුළ අද ද සෙබළ ඇඳුමින් සැරසුනු පින්තූරයක් සුදු පැහැති පර නොවූ මල් මාලයක් දමා එල්ලා තිබේ. පින්තූරය පැරණි වුව ද එහි පැළඳි මල් මාලය නැවුම්ය. සිදුවීම් අතීතයට අයිති විය හැක. එහෙත් වේදනාවන් අතීතයට පමණක්ම අයිති නොවේ. අපට නිදහසේ ජීවත් වීම උදෙසා මේ භූමිය රැක ගනිමින් මේ මහ පොළොව වැළඳ ගත් මිනිසුන්ගේ ජීවිතවල වටිනා කම හෑල්ලු කිරීමට ඉඩ නොදිය යුතු බව මම තරයේ විශ්වාස කරමි. මේ පොළොව ආරක්ෂා කර දී, රැක ගත් බිමේ අද තම දෙපා තබා අඩියක් ඇවිද යාමට නොහැකි දරුවන්ගේ කැප කිරීම් අවතක්සේරු කිරීමට ඉඩ නොදිය යුතුය. එම අභීත රණවිරු දරුවන් ඔබේ හදවත් තුළ ගෞරවනීය ලෙස රඳවා තබා ලන්නා ලෙස මම ඔබ සැමගෙන් හදවතින් ම ඉල්ලා සිටිමි.

මෙම භූමිය ගුවනින්ද , මුහුදින් ද, ගොඩ බිමින් ද වීරෝදාර රණවිරුවන් සටන් කර දිනා දුන් අපගේ මාතෘ භූමියයි. මෙම භූමිය සතුරා ඉදිරියේ තම ජීවිතය හා ආරක්ෂාව පසෙකලා අභීතව කැපවීමෙන් සටන් කර මව්බිම වෙනුවෙන් දිවි පුදා රැක දුන් භූමියයි. දස දහස් ගණනින් අත් පා අහිමිව රණක්ෂිතයට පත්ව රැක ගනු ලැබුවේ මෙම භූමියයි. අප සැම එක්ව දශක තුනක් පුරාවට පැවති කුරිරු යුද්ධය නන්දිකඩාල් කලපුවේ උතුරු ඉවුර මතින් අවසන් කළෙමු. ඔව්, අපි ත්‍රස්තවාදය අවසන් කළෙමු. මරණ සහතිකය අත දරා ගත්, තම ජීවිතයට වඩා මව්බිමට අසීමිතව ආදරය කළ තරුණ දරුවෝ පිරිසක් මෙම ත්‍රස්තවාදය අවසන් කළහ. කිසිවිට තම සගයා අතහැර නොගිය, අවසන් උණ්ඩය තෙක් සටන් කළ, ධෛර්යවන්ත දරුවන් පිරිසක් මේ යුද්ධය අවසන් කළහ. යුද්ධය අවසන්ව වසර 17 ක් ගතව ඇති වර්තමානයේ එම වීරෝදාර දූ පුතුන් පිරිසකගේ නවාතැන වී ඇති අභිමංසලට, මිහිඳු සෙත් මැදුරට ඔබේ දරුවන් සමඟ පැමිණෙන ලෙස මම ඔබ සැමගෙන් ඉල්ලීමක් කරමි. එවිට ඔබ කිසි දිනක එවන් දූ පුතුන්ට රණවිරුවන් ලෙස ඇමතීමට පසුබට නොවනු ඇත.

යුධ මෙහෙයුම් ආරම්භ කළ දිනයේ සිට සියලු ජාතීන්ට නිහසේ හුස්ම ගතහැකි රටක් බිහි කිරීම දක්වා තම සේවය මව්බිම වෙනුවෙන් ලබා දී ඒකීය රටක් වෙනුවෙන් මින් වසර 17කට පෙර යුධ බි‌මේ රුධිරය වගුරුවා ඇස්, ඉස්, මස් දන් දී අවසානයේ තම හුස්ම පවා රට වෙනුවෙන් කැප කළ වීරෝදාර යුධ, ගුවන්, නාවික, පොලිස් හා සිවිල් ආරක්ෂක බලකායේ දරු දැරියන්ව ද, අප වෙනුවෙන් අහිමි කර ගත් දෑත් දෙපා නිසා රණක්ෂිතයට පත්ව සිටින සියලුම රණවිරු දරු දැරියන්ව ද, විජයග්‍රාහී ගමනක පෙරමුණ ගත් එවකට ධූරයන් හෙබවූ ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුධ, නාවික, ගුවන් හමුදාපතිවරුන්, පොලිස්පති තුමන්, සිවිල් ආරක්ෂක බලකා ප්‍රධානී ඇතුළු සියලුම නිලදරුවන් ද මම ගෞරවයෙන් සිහිපත් කරමින් ආචාරය පුද කරන්නෙමි. එවන් නිර්භීත දරුවන් බිහි කරමින් තම මව්බිම වෙනුවෙන් සංග්‍රාම භූමියට යන්නට නියත විවරණ දුන් මව්පියවරුන්ද, අපමණ කැපකිරීම් කළ බිරින්දෑවරුන් ද, ස්වාමිවරුන් ද මම ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි. පැවති සංකීර්ණ දේශපාලන, ආර්ථික හා සමාජීය තත්ත්වයන් මැනවින් තේරුම් ගනිමින් සියල්ල ඉවසා සහයෝගය ලබා දුන් සියලු ශ්‍රී ලාංකික මගේම ජනතාවට ද මාගේ ප්‍රණාමය පුද කරමි.

මෙම ගෞරවනීය දිනයේ දී අවසන් වශයෙන් මම ඔබට යමක් පවසමි. යුද්ධ කිරීමට මා තීරණය කළේ සියල්ලට සූදානමිනි. දේශපාලන වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් මා වෙත ඇඟිල්ල දිගු වන බව මම හොඳින් දැන සිටියෙමි. ජීවිතයෙන් වුව ද වන්දි ගෙවීමට සිදු විය හැකි බව මම අවබෝධ කරගෙන සිටියෙමි. එය මට ගැට‍ළුවක් වූයේ නැත. නින්දා අපහාස ද මහින්දට හොඳින් හුරු පුරුදුය. නමුත් ඔබ පැහැදිලිවම මතක තබා ගත යුතු කරුණක් ඇත. ඒ අප යුද්ධ කරනු ලැබුවේ දෙමිළ ජනතාවට විරුද්ධව නොවන බවය. අප යුද්ධ කරනු ලැබුවේ ත්‍රස්තවාදයට විරුද්ධවය. කවුරුන් කෙසේ ප්‍රකාශ කළ ද අපි ඔබව ත්‍රස්තවාදයෙන් බේරා ගත්තෙමු. අප විසින් වැඩි වශයෙන් බේරා ගනු ලැබුවේ ද ‌දෙමිළ ජනතාවය. මුලතිව් නන්දි කඩාල් කළපුව අසල පිහිටි කුඩා බිම් ප්‍රමාණයකට ඒල්ටීටීඊ ත්‍රස්තවාදීන් කොටුව සිටිය දී, ත්‍රස්තවාදීන් එම දමිළ ජනතාව මානුෂීය පලිහක් ලෙස යොදා ගත්හ. ඔවුන්ගෙන් ඔබව බේරා ගනු ලැබූයේ මගේ රණවිරු දරුවන්ය. ප්‍රාණ ඇපකරුවන් බවට පත් කරගෙන තිබූ ලක්ෂ ගණනක දමිළ ජනතාව බේරා ගැනීමේ ලොව විශාලතම මානූෂීය මෙහෙයුම කරනු ලැබූවේ මගේ වීරෝදාර හමුදාවය. යුද්ධයේ අවසන් හෝරා කිහිපයේ දී පවා ඔබව ත්‍රස්තවාදී බර අවි ප්‍රහාරයන්ගෙන් බේරා ගත්තේ අපේ වීරෝදාර හමුදාවය. ඔබේ දරුවාව දෑතින් ඔසවාගත්තේ මගේ රණවිරු දරුවන්ය. ඔබේ හිතේ පැවති බිය ද, තුවාල හේතුවෙන් ඇති වූ ශාරීරීක වේදනාව ද, කුස ගින්න ද නිවා දැමූයේ මිනිසත් කම හිතේ දරා ගත් අප රටේ මානුෂීය හමුදාවය. එම දිනය මා ජීවිතයේ වැඩි වශයෙන් ම සතුටට පත් වූ දිනයයි. මහින්ද රාජපක්ෂ වන මා හට එම මතකය ද සතුට ද පමණක් ප්‍රමාණවත්ය."

සම්බන්ධිත පුවත් | Related News

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.
ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදම් පිල්ලේ 2026 වසරේ නොබෙල් සාම ත්‍යාගයෙන් අද (9) පිදුම් ලැබීය.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ප්‍රධාන පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.