විමල් ගැන පොලිසිය දැමූ FB සටහනට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් දැඩි ප්‍රහාරයක්.. උතුරට වෙනම නීතියක්දැයි ප්‍රශ්න කරයි..
ජාතික රණවිරු සැමරුම් දිනය වෙනුවෙන් පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස සංවිධානය කර තිබූ පෙරහුරු කටයුතු වලට සහ රාජකාරියේ නිරත නිලධාරීන්ට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු 35 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකට එරෙහිව ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත ප්‍රධාන උත්සවයේ කටයුතු සහ පෙරහුරු මැයි 18 වනදා සිදු කෙරෙමින් පවතිද්දී, මෙම පිරිස අනවසරයෙන් එම භූමියට ඇතුළු වීමට උත්සාහ කර ඇති බවයි.
එහිදී ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එම උත්සාහය ව්‍යර්ථ කර, රැඳී සිටි පිරිස එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
පොලිසිය විසින් මේ පිළිබඳව තැබූ නිල සමාජ මාධ්‍ය සටහනත් සමඟ, ඊට ප්‍රතිචාර දක්වමින් මහජන විරෝධයක් සහ දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.
පරිශීලකයන් රැසක් චෝදනා කරන්නේ පොලිසිය නීතිය ක්‍රියාත්මක කිරීමේදී දකුණට සහ උතුරට පක්ෂග්‍රාහී ලෙස “ද්විත්ව ප්‍රතිපත්තියක්” අනුගමනය කරන බවයි.
යාපනය ඇතුළු උතුරු ප්‍රදේශවල මෑතකදී ආරක්ෂක හිස්වැසුම් (හෙල්මට්) රහිතව යතුරුපැදිවලින් ගමන් කරමින් කළ නොසන්සුන් හැසිරීම් සහ උත්සව මැඩපැවැත්වීමට පොලිසිය අසමත් වූ බවට ජනතාව චෝදනා කරති. බයිසිකල් අංක තහඩු පවා පැහැදිලිව පෙනෙන්නට තිබියදී උතුරේ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි ඔවුහු ප්‍රශ්න කරති.
පසුගිය දිනවල දකුණේ තරුණියන් පිරිසක් සහ කලාකරුවන් පිරිසක් හෙල්මට් නොමැතිව ගමන් ගත් වීඩියෝ පට උපයෝගී කරගෙන වහාම රුපියල් 20,000ක දඩ මුදල් නියම කිරීමට පොලිසිය කටයුතු කළ ආකාරය පෙන්වා දෙන පරිශීලකයන්, නීතිය සැමට සමාන විය යුතු බව අවධාරණය කර සිටිති.
- lankacnews
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි