රටේ දරු උපත් සංඛ්‍යාව පහළට... දරුවන් අතර දියවැඩියාව වේගයෙන් ඉහළට - සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි
පසුගිය දශකය තුළ මෙරට වාර්ෂික උපත් සංඛ්‍යාව සැළකිව යුතු ලෙස අඩු වී ඇති අතර 2013 වසරේදී මෙරට උපත් සංඛ්‍යාව 350,000 ක් ලෙස වාර්තා විය.
නමුත් 2024 වන විට, මෙම සංඛ්‍යාව 250,000 දක්වා පහත වැටී ඇති අතර, 2025 දී තවදුරටත් පහත වැටීමක් අපේක්ෂා කෙරේ.
මේ වනවිට පෙන්නුම් කෙරෙන්නේ එම සංඛ්‍යාව උපත් 228,000 ක් පමණක් වන බවයි.
කෙසේවෙතත්, වාර්ෂික උපත් සංඛ්‍යාව 228,000 දක්වා අඩු වුවද, විවිධ සෞඛ්‍ය තත්වයන් හේතුවෙන් රෝහල්වලට ඇතුළත් වන ළමුන් සංඛ්‍යාව ඉහළ යමින් පවතී.
මේ අතර, ළමුන් 100 කට අධික සංඛ්‍යාවක් දියවැඩියා රෝගයෙන් පෙළෙන බව හඳුනාගෙන ඇති බවත්, ළාබාල ජනගහණය අතර මෙම තත්ත්වය ඉහළ යෑම බරපතල තත්ත්වයක් බවත් සෞඛ්‍ය අංශ පවසයි.
මෙම තත්ත්වය මත ළමුන් තුළ දියවැඩියා ව්‍යාප්තිය වැඩිවීමට බලපාන සාධක සමීපව පරීක්ෂා කිරීමට සෞඛ්‍ය විශේෂඥයන් කටයුතු කරමින් සිටින බව ද වාර්තා වේ.
රිජ්වේ ආර්යා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසන්නේ, උපත් අනුපාත පහත වැටීම අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ ශ්‍රම බලකායට බලපානු ඇති බවත්, එය සැළකිව යුතු ලෙස ජනගහණ ව්‍යුහයේ වෙනස්කම්වලට ද තුඩුදෙනු ඇති බවත්ය.
Autism Spectrum Disorder (ASD) සහ Attention-Deficit/ Hyperactivity Disorder (ADHD) යන රෝගවලින් පෙළෙන ළමුන්ගේ සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති බවද ඔහු පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි