නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් පත් කිරීම සම්බන්ධයෙන් එම සංගමයට ඇති ගැටළු සහගත තත්ත්වයන් ගෙනහැර දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
ජනවාරි 08 වැනිදා යොමු කර ඇති එම ලිපියෙහි දැක්වෙන්නේ, එවැනි පත්වීම්වලදී විනිවිදභාවය, කුසලතාවය, නීතිමය සහ සදාචාරාත්මක ප්‍රමිතීන් පිළිපැදීමේ වැදගත්කමයි.
පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සහ නීතියේ ආධිපත්‍යය සහතික කිරීමේදී අධිකරණයේ වැදගත් කාර්යභාරය ද ඔවුන් එහිදී සඳහන් කර තිබෙනවා.
අධිකරණ පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය පවත්වා ගැනීම සඳහා විනිසුරුවරුන් පත් කිරීමේ ක්‍රියාවලිය ජ්‍යෙෂ්ඨත්වය, සුදුසුකම් සහ කුසලතාව මත පදනම් විය යුතු බවත් එහි සඳහන්.
එම සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු හතරක් පවතින බව ද පෙන්වා දුන් අතර, මෙම තනතුරු පිරවීම අධිකරණයට සහ පුළුල් නීති පද්ධතියට සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි බව අවධාරණය කර තිබෙනවා.
පත්වීම් අඛණ්ඩතාව, ස්වාධීනත්වය සහ නිපුණතාවය පිළිබිඹු කරන බව සහතික කරන නිර්ණායක අනුගමනය කරන ලෙසයි එම සංගමය රජයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.
එම ලිපිය පහතින්,



සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි