News Category
From Date
To Date
Maximum Number of Result

සමලිංගිකත්වය හා සමලිංගික චර්යා ප්‍රවර්ධනය කිරීමෙන් මෙරට තුළ සමලිංගික ප්‍රජාව වැඩි කිරීමට පමණක් ලෝක බැංකුව සහ යුරෝපා සංගමය අවධානය යොමු කරන්නේ ඇයිද යන්න ප්‍රශ්නයක් බවත් සමලිංගික ප්‍රජාව ලෙස පිළිගැනීමට, ඉගැන්වීමට අරමුදල් සැපයීම මෙන්ම ඔවුන් සඳහා රැකියා වෙන් කිරීම සඳහා ලෝක බැංකුව සහ යුරෝපා සංගමය ක්‍රියාකරන්නේ යටි න්‍යාය පත්‍රයක් සහිතව බවත් විවිධ පාර්ශ්ව පෙන්වා දෙති.

මිනිසා යනු හුදු කෑම බීම ගැන පමණක් හිතන ජීව විද්‍යාත්මක සත්වයකු නොවන බවත්, මිනිසුන්ට සමාජීය හා සංස්කෘතික අවශ්‍යතා ඇති බවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු හා ගුරුවරයකු වන ඉසුරු ප්‍රසංග මහතා පෙන්වා දෙයි.

රටේ ලොකු ලොකු කතා පවත්වන ඇතමුන් ජීවිතේටවත් දානයක් දී නැති බවත්, පංසලකට මොනයම් දෙයක් හෝ දෙනවා දුටු විට එය පිළිකා රෝහලට දුන්නා නම් හොඳයැයි පවසන බවත්, එහෙත් ඔවුන් පංසලට හෝ පිළිකා රෝහලට හෝ කවදාවත් කිසිවක් ලබා නොදුන් පුද්ගලයන් බවත් පූජ්‍ය මාවරලේ භද්දිය හිමියෝ පවසති.

යුද්ධය ඉවර වුනේ 2009 දීය. සරත් ෆොන්සේකා ජනාධිපතාවරණයට ඉදිරිපත්වුයේ 2010 දීය. එහිදී උතුරේ ජන්ද වැටුනේ ෆොනසේකාටය.

(සත්‍ය කතාවක් ඇසුරෙන්. සියලුම නම් ගම් මනංකල්පිත වෙයි.) මගේ නම චතුරිකා, මට ඉන්නේ පුංචි පුතාලා දෙන්නෙක්. මගේ මහත්තයා වෘත්තීයෙන් ව්‍යාපාරිකයෙක් . ලොකු පුතා සෙහස් එයා දැන් තුන වසරේ ඉගෙන ගන්නවා.

කූරගල විහාරස්ථානය සම්බන්ධව පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඉස්ලාම් ආගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීමෙන් ආගමික සමඟිය කඩ කිරීමේ චෝදනා දෙකකට බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වරදකරු බවට තීන්දු කළ කොළඹ මහාධිකරණය ඒ වෙනුවෙන් බරපතළ වැඩ සහිත වසර 04ක සිර දඬුවමක් විත්තිකාර හිමියන්ට ඊයේ (28) නියම කළේය.

ඊශ්‍රායල ජාතික කොඩිය කපුටකු විසින් බිම දමන අයුරු දැක්වෙන වීඩියෝවක් නිකුත් වී තිබේ.

ජාතික වීරවරයන්ගේ ලැයිස්තුවට ඇතුළත් විය යුතු වුවත් එම ලැයිසිත්ුවේ නම සඳහන් නැති ඉසිවරයෙක් වැනි වෛද්‍ය විශේෂඥයකු වූ සේනක බිබිලේ මහතා රටේ දුක්විඳින ජනතාව වෙනුවෙන් කටයුතු කළ ආකාරය සහ සෞඛ්‍ය උන්නතිය වෙනුවෙන් සිදුසළ කැප කිරීම පිළිඳව ප්‍රවීන මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා විසින් නිකුත් කළ වීඩියෝවක ඔහු පිළිබඳව මෙතෙක් මෙරට බොහෝදෙනෙකු නොදන්නා කරුණු බොහෝමයක් අනාවරණය කර තිබේ.

නවතම Times Higher Education ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රීලංකාවේ වෛද්‍ය පීඨ ජාත්‍යන්තරව පිලිගත් ඉහළ ස්ථානයක රැදී පවතී.


ප්‍රධාන පුවත්

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.