ශ්‍රී ලංකාවේ පැරණි නිවාස
නිවාස ඉදි කිරීම සහ ඒවායේ ජීවත් වීම ශිෂ්ටාචාරික ලක්ෂණයකි. දඩයම් කිරීම සහ තැන තැන ඇවිද යමින් ආහාර එකතු කිරීම සිය ජීවනෝපාය කර ගත් ප්‍රාග් ඓතිහාසික යුගයේ මිනිස්සු පසු කාලයක සිය සංචාරක ජීවිතයෙන් මිදී එක් තැනක දීර්ඝ කාලයක් ජීවත් වීමේ පුරුද්දට නැඹුරු වූහ. එය හඳුන්වන්නේ 'ස්ථීරවාසීතාව' යනුවෙනි. කිසියම් ජනකොටසක් ස්ථීරවාසීතාවට පත් වූ බව පෙන්නුම් කරන ප්‍රධානතම දර්ශකය ස්ථීර නිවාස තනා ගැනීම යි.
නිවාස තැනීම පිළිබඳ දීර්ඝ ඉතිහාසයක් ශ්‍රී ලංකාව සතු ය. එම ඉතිහාසය පිළිබිඹු කරන සාක්ෂි සොයා ගෙන තිබෙන්නේ පුරාවිද්‍යාත්මක කැණීම් මඟිනි. දැනට අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව ක්‍රිස්තු පූර්ව 1750 වන විට ශ්‍රී ලංකාවේ කඳුකර පළාත්වල ජීවත් වූ ජනතාව නිවාස තනා ගැනීමේ සමත්කම් දැක්වූ බව තහවුරු වී තිබේ. ඒ කාලයට අයත් පැරණි නිවාසයක ගෙබිමක් සොයා ගැනීමට 2011 වසරේ දී පුරාවිද්‍යාඥයෝ සමත් වූහ. එය පිහිටා තිබෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයට අයත් හල්දුම්මුල්ලේ පිහිටි කොස්වත්ත නමින් හැඳින්වෙන පෞද්ගලික තේ වත්තක ය.
මෙම නිවාසය සොයා ගැනීමට වසරකට පෙර තවත් පැරණි නිවාසයක ගෙබිමක් කැණීමකින් අනාවරණය විය. එය පිහිටා තිබෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයට අයත් කුඩා ගම්මානයක් වූ උඩරංචාමඩමේ ය. පවුල් දහයක් පමණ ජීවත් වන මෙම ගම්මානය තිබෙන්නේ කඳු ගැටයකට අයත් සානුවක ය. එම නිවාසය ක්‍රිස්තු වර්ෂාරම්භයට සියවස් දොළහකට පමණ පෙර ඉදි කරන ලදැයි සැලකිය හැකි ය. වඩා පැරණි කාලයකට අයත් හල්දුම්මුල්ලේ නිවාසය වෘත්තාකාර හැඩයෙන් යුත් ගෙබිමක් සහිත වූවකි. එහි විෂ්කම්භය මීටර් 2.20කි. කැණීම්වලින් එය මතු කරන අවස්ථාවේ ගෙබිම සකස් කිරීමට යොදා ගන්නා ලද ගල්කැබලිති ඇතුරුමට අයත් කොටස් එහි ඉතිරි වී තිබුණි. එහෙත් එම නිවාසයේ ඉතිරි කොටස්වලට අයත් කිසිදු දෙයක් එහි නො තිබීමෙන් පැහැදිලි වන්නේ ඒවා දිරාපත් ව විනාශ වී ඇති බව ය. නිසැකයෙන් ම එහි බිත්ති වරිච්චි මැට්ටෙන් තනා තිඛෙන්නට ඇත.
අපේ රටේ ගම්බද පළාත්වල තව මත් වරිච්චි මැටියෙන් සෑදූ බිත්ති සහිත ගෙවල් දකින්නට තිබේ. පහසුවෙන් සොයා ගත හැකි වීමත් ස්වභාවධර්මයට වඩාත් ගැළපීමත් යන කරුණු නිසා අපේ ආදි මුතුන්මිත්තෝ සිය නිවාස තැනීමට වරිච්චි මැටි භාවිත කළහ. මෙම නිවාසයේ වහල කිසි යම් කොළ අතු වර්ගයක් භාවිත කර දැව වලින් තනා තිබෙන්නට ඇතැයි ද ඒවා පහසුවෙන් දිරායන සුලූ ද්‍රව්‍ය නිසා අතුරුදන් ව ගොස් ඇතැයි ද සිතිය හැකි ය. ඉලූක්, මානා, පිදුරු සහ පොල් අතු ආදියෙන් වහල සෙවිලි කිරීම අපේ රටේ පැවතිනී. මෑතක් වන තුරු ප්‍රචලිත ව ගම්බද පළාත්වල දැනුදු ඒ ක්‍රමය භාවිත වේ.
ගෙබිමේ ඇතුළත තිබී පැරණි වළං කැබැලිති, යකඩ උපකරණයකට අයත් කොටස් සහ මැටියෙන් සාදා පුලූස්සා ගත් පබළු කිහිපයක් ද සොයා ගත හැකි විය. සොයා ගන්නා ලද වළං කටු අතර සුදු පැහැති පසුබිමක රතු පැහැයෙන් වර්ණ ගැන්වූ වළං කැබලිති කිහිපයක් ද තිබිණි. පුළුල් ලෙස කැණීම් කටයුතු සිදු කිරීමේ දී පෞද්ගලික තේ වත්තට ඇති විය හැකි හානිය සැලකිල්ලට ගෙන නිවාසයේ සම්පූර්ණ ගෙබිම මතු කර ගැනීමේ අදහස පසුව අත්හැර දැමිනි.
උඩරංචාමඩමෙන් සොයා ගන්නා ලද්දේ ද පැරණි නිවාසයක ගෙබිමකි. එය ආයත චතුරස්‍රාකාර හැඩයකින් යුක්ත ව තනන ලද්දකි. එහි ගෙබිමට කළුගල් අතුරා තිබිණි. නිවාසය දිගින් මීටර් 10.20කින් ද පළලින් මීටර් 6.80කින් ද සමන්විත ය. එහි ඇතුළත අවකාශය කොටස් දෙකකට ඛෙදා ඇත. ඊට යොදා ගෙන තිඛෙන්නේ බිත්තියකි. එම බිත්තියට අයත් අත්තිවාරම කැණීමේ දී මතු කර ගැනීමට හැකි විය. එම අත්තිවාරමේ මැද කොටසේ කණු වළවල්
දෙකක් තිබිර්‍ණ. ඒ එම බිත්තිය මැද වූ දැවමය උළුවස්සට අයත් කණු වළලා තිබූ තැන් ය. මෙම උළුවස්ස භාවිත කොට තිබෙන්නේ නිවාසයේ ඉදිරිපස කොටසින් පසුපස කොටසට ප්‍රවේශ වීම සඳහා ය. ඉදිරිපස කොටසේ තිබී සොයා ගන්නා ලද පුරාවස්තු අතර කාන්තාවන් ඇස් අඳුන් තැබීමට භාවිත කරන ලෝහ කූරක්, ශරීරය වර්ණ ගැන්වීමට යොදා ගත් කහ සහ රතු පැහැති ගුරුගල් කැබලි දෙකක්, මැටියෙන් සාදා පුලූස්සා ගත් පබළු කිහිපයක් සහ පිලිස්සූ මැටියෙන් තැනූ මූර්තියක් ද විය. මෙම අවශේෂවල ස්වරූපය සැලකිල්ලට ගත් විට පෙනෙන්නේ මෙම නිවසේ ඉදිරිපස කොටසේ කාන්තාවන් විසූ බව ය.
නිවසේ පිටුපස කොටස භාවිත කර තිබෙන්නේ මුළුතැන්ගෙයක් ලෙස ය. කැණීම්වල දී ඊට අයත් ළිප සොයා ගැනීමට පුරාවිද්‍යාඥයෝ සමත් වූහ.
ළිප අවට තිබී යකඩ පිහි කැබලි කිහිපයක් සහ ගල්මෙවලම් කිහිපයක් හමු විය. මුළුතැන්ගෙයින් පිටතට ජලය ගලා යෑමට කානුවක් සකස් කර තිබිණි. මෙම නිවාසය තුළ තිබී රතු පැහැයෙන් වර්ණ ගැන්වූ ඉතාමත් විසිතුරු කුඩා මැටි බඳුනක් ද සොයා ගැනිණි. බිම් සැලැස්ම පරීක්ෂා කරන විට ඉතා පැහැදිලි ව පෙනෙන්නේ මෙම නිවෙස ඉදි කර තිබෙන්නේ ඉදිරිපස කොටස දකුණු දිශාවටත් පිටුපස කොටස උතුරු දිශාවටත් වන පරිද්දෙන් බව යි.
පාදා ගන්නා ලද ගෙබිමේ අවට කැණීම් කිරීමේ දී පිලිස්සී ගිය වරිච්චි කැබලි කිහිපයක් හමු විය. නිසැකයෙන් ම ඒවා නිවාසයේ බිත්තිවලට අයත් ව තිබූ ඒවායි. එම වරිච්චි කැබලි දැවී ගිය බවට සාක්ෂි තිබෙන හෙයින් එම නිවාසය ගිනි ගැනීමකට ලක් වීමෙන් විනාශයට පත් වූ බව පෙනේ.
හම්බන්තොට දිස්ති්‍දිස්ත්‍රික්කයට අයත් තිස්සමහාරාමයේ පිහිටි කිරින්දගොඩාන සහ වලගම්පත්තුව නමින් හැඳින්වෙන ගම්මානවල තිබී තවත් පැරණි නිවාස දෙකකට අයත් සාක්ෂි සොයා ගැනීමට පුරාවිද්‍යාඥයෝ සමත් වූහ. ඒ 2000 වසරේ දී ය. මෙම ස්ථාන දෙකෙන් ම හමු වූ නිවාස වටකුරු හැඩයේ ගෙබිම්වලින් සමන්විත ය. කිරින්දගොඩානේ නිවාසය ක්‍රිස්තු පූර්ව 240දී ඉදි කරන ලද්දක් බව අනුමාන කෙරේ. එහි ගෙබිම බොරලූ දමා යහමින් තළා සකස් කර තිබිනි. එය ද වරිච්චියෙන් තැනූ නිවෙසකි. වලගම්පත්තුවේ නිවස මෙහි විස්තර කළ අන් සියලූ නිදර්ශනවලට වඩා වෙනස් ය. එහි ගෙබිම සකස් කර තිබෙන්නේ සෙන්ටිමීටර් 35ක් පමණ ගැඹුරට පොළොව සෑරීමෙනි. එහි දී සෑදෙන නො ගැඹුරු වළේ පතුලේ සහ ඉවුරුවල ගොම-මැටි ආලේප කර ගෙබිම
නිමවා ගෙන තිබේ. පොළොව සාරා ගෙබිම සකස් කර ගැනීමෙන් අත් වන වාසිය නම් අදාළ නිවාසයේ වහල නූස් වීම ය. කොළ අතු සෙවිලි කළ නිවාසයක වහල උසට පිහිටීමෙන් එය සුළඟට හසු වී ගසාගෙන යෑමට තිබෙන අවකාශය මහත් ය. වලගම්පත්තුවේ නිවාසය ඉදි කර තිබෙන්නේ ක්‍රිස්තු වර්ෂයෙන් 240 දී පමණ ය.
මහාචාර්ය රාජ් සෝමදේව විසින් ලියන ලද ලිපියකින් උපුටා ගන්නා ලද්දකි.



සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්