News Category
From Date
To Date
Maximum Number of Result

බුදුරජාණන් වහන්සේ පන්සිල් නොදුන් බවට එක්තරා භික්ෂුවක් විසින් පවසා ඇති කතාවට පිළිතුරු සපයා ඇති සමාජ මාධ්‍ය සංසරණය වන සටහනක දක්වා ඇත්තේ බුද්ධ දේශනාවේ පන්සිල් ගැන ඕනෑ තරම් සූත්‍ර ඇති බවයි.

රටේ සිනමාව නූතනකරණය කරන අපේ රටේ වැඩ්ඩන්ගේ චිත්‍රපට හැදීමේ අමුතු කලාව ගැන සමාජ මාධ්‍ය ඔස්සේ හරි අපූරු සටහනක් පළ කර තිබේ.

ආන්දෝලනයකට තුඩු දී ඇති ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට සිසුන් බඳවා ගැනීම සඳහා දැන්වීම් පළකිරීමෙන් පසු දහසකට ආසන්න අයදුම්පත් ලැබී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පසුගිය දා පවසා තිබේ.

පස් වැදෑරුම් ඉන්දියානු ආක්‍රමණයේ වැදගත් කොටසක් දැන් අපට සංචාරක කර්මාන්තයට මුවාවී සිදුවෙමින් පවතී.

සති දෙකක විතර ඉඳලා ලංකාවේ නිවුස් පිරිලා තියෙන්නේ රුසියානු - යුක්‍රේන යුද්ධයෙන්.

ශ්‍රී ලංකාවේ සීමාවාසික වෛද්‍යවරුන්ට ඔවුන්ගේ දැනට ලබා දෙන ලබන වැටුප දීර්ඝ කාලයක සිට වැඩි කර නොමැති අතර, එම වැටුප වැඩිකර ලබා දෙන ලෙස විවිධ ඉල්ලීම් ඉදිරිපත් කර ඇතත් එය මෙතෙක් විවිධ හේතු කියමින් බලධාරීන් විසින් ප්‍රමාද කරමින් ඇති බව වාර්තා වේ.

මෑත කාලයේ දී බුදු දහමට හා බෞද්ධ දර්ශනයට අපහාස කරමින් බුදුදහම හා බෞද්ධ දර්ශනය විකෘත්ති කිරීමට කටයුතු කළ කල්ලිය පිළිබඳව සහ රෝහණ බැද්දගේ මහතාගේ 'සූරිය මංගල්ලේ' ගීතය විකෘත්ති කර සමාජ මාධ්‍යයට මුදාහැරි පුද්ගලයාව සාධාරණීයකරණය කිරීමට එම කල්ලිය විසින් කටයුතු කළ ආකාරය පිළිබඳ හෙළිදරව්වක් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමියන් අනාවරණය කර තිබේ.

ඒ 1987 බව මටතකය. එදා 8 පංතියේ පාසල් සිසුවකුව සිටි මට ඉන්දු ලංකා ගිවිසුම,වඳුරු හමුදාව,පලා බබා ගැන අවබෝධය ලබා දුන්නේ ජවිපෙ ශිෂ්‍ය අංශයේ ප්‍රසන්න නම් අයියා කෙනෙකි. එදා පාසැල් අධ්‍යාපනය මුළුමනින්ම වගේ අඩපණ කල ජවිපෙ ශිෂ්‍ය ක්‍රියාකාරීන් පංති වල ඉගැන්වීමට ගුරුවරුන්ට ඉඩ නොදී ඔවුන් පැමිණ ඉන්දු ලංකා ගිවිසුම, ඉන්දීය වඳුරු හමුදාව නිසා රට ඉන්ඳියාවට යටත් වන බවත් ගිවිසුම නිසා පලාත් සබාවලට බලය බෙදීමෙන් රට කැබලි වලට බෙදෙන බවත් අධ්‍යාපනය ලබන්නත් ජීවත් වන්නටත් රටක් තිබිය යුතු බවට හර බර දේශණද දින දින සූදානම් කරන පිකටිං වලට අපව යොදවා ගැනීමත් තාප්ප පුරා සටන් පාඨ සටන් පුවරු ලිවීමත් හැරුනුකොට පාසල් අධ්‍යාපනයක් නොවීය.

බුදුන් වහන්සේ උපන් ස්ථානය හබරණ, හිරිවඩුන්න විහාරස්ථානයේ බෝධිය අසල බවට ඇතැමුන් පවසන කතාව සනාථ කිරීම සඳහා කිසිඳු පුරාවිද්‍යාත්මක සාක්ෂියක් හමුවී නොමැති බව පුරාවිද්‍යාඥයෝ හෙළිදරව් කරති.


ප්‍රධාන පුවත්

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.