News Category
From Date
To Date
Maximum Number of Result

"එංගලන්තේ " ප්‍රජාතන්ත්‍රවාදී රදලයෝ හා පාදිලිල ක්‍රියාත්මක වන ආකාරය

Jul 13, 2024 at 08:23 AM
|

මේ තමා "එංගලන්තේ " ප්‍රජාතන්ත්‍රවාදී රදලයෝ හා පාදිලිල  ක්‍රියාත්මක වන ආකාරය. 

පාර්ලිමේන්තුව ඊයේ රැස් උනා.. මම මේක ලියන්නේ සුද්දන්ගෙන් ඉගෙන ගනිල්ලා යන අර්ථයෙන්. පොඩ්ඩක් හොයලා බලන්න වටිනවා එක්සත් රාජධානි පාර්ලිමේන්තු ආකෘතිය...

මේකේ තියනව  " රජු (The Crown), "ස්වාමිවරුන්ගේ නිවස (House of Loards)"  සහ " පොදු ජනතාවගේ නිවස ( House of Commons)"  කියලා පැහැදිලි ස්වාධීන නමුත් එක්ව කටයුතු කරන කොටස් 3ක්. 

මේකේ ප්‍රධාන කාරණය වෙන්නේ "රජු පත් වෙන්නේ" පරම්පරාවෙන්.. මේ ස්වාමිවරුන් පත් වෙන්නෙත් පරම්පාරාවෙන්ම තමා. එත් කොටසක් මෙතන ඉන්නව "රජු විසින් පත් කරන අග්‍රාමාත්‍ය තුමා ගේ උපදෙස් පරදි-  " රදලයෝ. සමාජයේ වැදගත් යයි සම්මත පුද්ගලයින්...විශේෂයෙන් ඩියුක්ල, බැරන්ල අර්ල්ල " උසස් පන්තිය 92 පත් වෙනවා . මේකේ මාරම සෙට් එක තමා ලෝඩ්ස් ඔෆ් ස්පිරිචුවල්. ( Loars of Spiritual)  නැති නම්,.. එංගලන්ත පල්ලියේ බිෂොප්ල 26 දෙනා. .(චෙස් බෝඩ් එකට මොකටද බිෂොප් ලා ?) කොමොන්සලා තමයි ඡන්දෙන් පත් වෙන්නේ.. වෙන රටක වගේ . . මෙතන  හවුස් ඔෆ් ලෝඩ්ස්ලගේ වගකීම් බැලුවොත් මාර ඉන්ට්‍රස්ටින්.... දැන් මෙයාලට බැහැ  පාර්ලිමේතුවේ පාස් වෙන නීතියක් වලක්වන්න. එත් මෙයාලට පුළුවන් නීති සහ පනත් ප්‍රශ්න කරන්න. ඒ වගේම වෙනස් කම් යෝජනා කරන්න. ඒ වගේම සම්මත උන පනතක් ක්‍රියාත්මක වීම අවුරුද්දක් දක්වා පමා කරන්න...මේක මාර බලයක් ඡන්දෙකින් නොලැබෙන.. රදලයින්ට සහ පල්ලියේ පාදිලිලට..

ඒ කියන්නේ එක්සත් රාජධානි පාර්ලිමේන්තුවේ නීති සම්මතවීම් ක්‍රියාත්මක වීම, හැම වෙලේ ම ආගමික සංස්තාවකින්  , සහ පාරම්පරික රදල බලයෙන් අනියමාර්ථයෙන් පාලනය වෙන්වා..මේවා එංගලන්ත සමාජයයේ යටටම කාන්දු වෙලා තියනව.. උඹලා ඕස්ට්‍රේලියන් ඕපන් .. (US ඕපන්) බලන්න ෂෝර්ට් ඇදගෙන ගියාට, විම්බල්ඩන් බලන්න ඕනා නම් ෆුල් සුට් ගහගෙන පලයල්ලා එච්චරයි. එක තමා සම්ප්‍රදාය.. මේක තමා බ්‍රිතාන්‍යය බ්‍රිතාන්‍යය ලෙසට අනන්‍යතාවයකින් ඉදිරියට ගෙනියන යටින් ක්‍රියාත්මක වෙන දේශපාලනික ව්‍යුහය. 

දැන් එමු අපේ රටට.. අපේ රටේ ව්‍යවස්ථාවේ වගන්තියක් තියනව බුද්ධාගම සුපෝෂිත කොට ආරක්ෂා කිරීම රජයේ වගකීම වන්නේය කියන එක.  ව්‍යවස්ථාවේ කිසිම තැනක නැහැ.. ආගමික ප්‍රධානින්ගෙන් රජය අවසර හෝ උපදෙස් ලබාගත යුතු බව. ඒ උනාට  රජ කාලේ ඉදන් පැවතුනු සම්ප්‍රදාය තමා.. රජු මහානායක හිම්වරුන් ගේ උපදෙස් අනුව ක්‍රියා කලයුතු බව. එක නිසා තමා.. " අපේ හාමුදුරුවනේ කියන්නේ " එක නිසා තමා රනිලා අනුර, සුමන්තිරන් විතරක් නෙමේ ජුලි චන් පවා මල්වත්තේ මල්වට්ටි අරන් බඩ ගාන්නේ...  එංගලන්තේ " ඇන්ග්ලෝ සැක්සන් " සංස්කෘතිය  තමා ප්‍රධාන සංස්කෘතික සභ්‍යත්වය . එක තමා නොර්මන් ආක්‍රමණයට පස්සේ එංගලන්තේ ප්‍රධාන සංස්කෘතිය  සහ මහා බ්‍රතාන්‍ය අධිරාජ්‍යය ගොඩ නැගුනේ ඒ ඔස්ස සහ අපි වගේ රටවල් අවුරුදු ගණනක් පස්සට ඇදලා දාන තරම් හානියක් කරන්න පුළුවන් උනේ අධිරාජ්‍යවාදීන්ට.  ඇන්ග්ලෝ සැක්සන් " සංස්කෘතිය හවුස් ඕෆ්  ලෝඩ්ස් ල ආරක්ෂා කරනවා වගේ ( අනිච්චානුගතව ), සිංහල බෞද්ධ සංස්කෘතියේ නිර්මාණයක් වන ලංකා රාජ්‍යයේ.. පැවැත්මත් තීරණය ආරක්ෂා වෙන්නෙත් .. සිංහල බෞද්ධ සංස්කෘතිය තුලම තමා. එක අපිට වඩා හොදට ජුලි චං දන්නවා.  "රට ජාතිය විකුණලා ඡන්දෙ ගන්නවා " , කියලා චෝදනා කරන හැමෝටම කියන්න තියන්නේ , උඹලට දිනන්න ඕනි නම් . එංගලන්තේ සුද්දන්ගෙන් ඉගෙන ගනිල්ලා කියලයි. මේ සංස්කෘතියට සභ්‍යත්වයට එරෙහිව ගිහින් උබ්ලාට මෑත අනාගතයේ ගන්න පුළුවන් තාවකාලික ජයගහන පමණයි.  එංගලන්තේ නම් පාර්ලිමේන්තුව ඇතුලෙම පනත්, නීති වලට උපදෙස් දෙමින් සම්මත කරමින් පමා කරමින් ඉන්න 26 දෙනෙක්ම ඉන්නව බිෂොප් ලා. ලංකාවේ එහෙම නැහැ. එහෙම කරන්න තරම් " හැගීමක් සහ බුද්ධියක් තියන " නායක හිමිවරුන් ගෙන් ඒ උපදෙස් අනුග්‍රහ ලබා ගන්න ගිහි පැවිදි දෙපාර්ශවය ම සුදානම් ද?  හවුස් ඔෆ් ලෝඩ්ස්ල ගේ තීරණ මහා බ්‍රතාන්‍යයේ පැවැත්මට බලපාන විදිහ පෙන්වන එක ලස්සන වාක්‍යයක් තියනවා " //In this capacity, as a body independent from the pressures of the political process, the House of Lords is said to act as a "revising chamber" focusing on legislative detail, while occasionally asking the House of Commons to reconsider its plans.// ඒ කියන්නේ ඡන්ද බලාපොරොත්තු නොවී , " යහපත පිණිස" තීරණ ගැනීමේ හැකියාව සවාමිවරුන් ගේ නිවසට ( පාදිලිලට සහ රදලයින්ට ) තියනවා . මේක අපේ කාටද තියෙන්නේ ව්‍යවස්ථාදායක සභා මේවා ගොන් පාර්ට් කරගෙන නේද තියෙන්නේ. මහානායක හාමුදුරුවරු ( සඟයා විවේචනයක් නොවේ)  ට ඒ , නිර්භීත අපක්ෂපාති තීරණ ගැනීමේ හැකියාව ඉස්සර තිබ්බ. දැන් පක්ෂ වලට බෙදලා ඉන්නකොට එක හැකියාව තියනව ද?

.අනිත් කාරණය. එංගලන්තේ රජු.. ඉන්නේ කැන්ටබරියේ මහා පාදිලිට වඩා උඩින්.. ඒ කියන්නේ රාජ්‍යත්වය තියෙනේ ආගමික සංස්ථාවට වඩා උඩකින් . මොකෝ රජුව දිව්‍යමය තෙල් ගාලා.. දේවත්වයට පත් කරනවා එතකොට සියලු බිෂොප්ලට උඩින් රජු ඉන්නේ. ලංකාවේ මේක ආගමික සංස්ථාව පවතින්නේ ..ඉහලින් රාජ්‍ය බලයට වඩා .. අද පැවිදි වූ සාමනේර භික්ෂුවක් ලග ලංකා රාජ්‍යයේ රජු දණ නමන්න ඕනි. මේවා සංකේතාර්ථයන් . . හැබැයි ඒ වගේ ඒ ඒ  සංස්කෘතීන් වල වටිනාකම් පෙන්වනවා.  මම නම් කැමතියි. මේ වගේ ලුම්පන් සමාජයකින් පත් වෙන " ප්‍රජානත්ත්‍රවාදී නියෝජිතයන් " ගේ තීරණ ප්‍රශන කරන්න පුළුවන් වෙනත් අධිකාරි බලයක්  රාජ්‍යයේ තියනව නම් බ්‍රිතාන්‍යයේ වගේ. එකට එහෙ වගේ.. පාදිලිෙල 26 පාර්ලිමේන්තුවට රිංගා ගන්න අවශ්‍ය නැහැ. අපේ විදිහට..

සුද්දන්ගෙන් ඉගෙන ගනිමු.. වෙස්ටිමිනිස්ටර් පාර්ලිමේන්තුවේ මේ ස්ට්‍රක්ස්චර් එක බලන්න.. ලෝඩ්ස්ලට සහ කොමොන්ලට එකට හම්බ වෙන්නවත් දීලා නැහැ වාඩි වෙන්නෙත් වෙනම.. රතුපාට.. තමා හවුස් ඔෆ ලෝඩ්ස්. කොලපාට සිට්  තියෙන්නේ හවුස් ඔෆ් කොමොන්ස් පාර්ලිමේන්තුව ඇතුලේ.. වෙනම පුස්තකාල දෙකක් පවා... සුද්දෝ හිතං විදිහ කොච්චර වෙනස් ද?  පරම්පරාවෙන් එන වැදගත් රදලයින්  රජුගේ අනුභාවයෙන් සහ පල්ලියෙන් එන  බිශෝප්ලා ඡන්දෙන් පත්වෙන ගොබිලෝ එක්ක මික්ස් වෙන්නවත් දීලා නැහැ. අපේ ලිං මැඩියෝ දකින්නේ එංගලන්තේ ලසසන පාරවල්.. ලස්සන  පිට්ටනි, ගෙවල්.. කොෆි ෂොප්, ලෑන්ඩ් රෝවර් විතරයි. ඒ සිස්ටම් එක දුවන මැකැනිසම් එකත් පොඩ්ඩක්  බැලුවොත් නරකද? ..

- සිරිමල් බණ්ඩාර
(අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී)







සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.