
"එංගලන්තේ " ප්‍රජාතන්ත්‍රවාදී රදලයෝ හා පාදිලිල ක්‍රියාත්මක වන ආකාරය
මේ තමා "එංගලන්තේ " ප්‍රජාතන්ත්‍රවාදී රදලයෝ හා පාදිලිල ක්‍රියාත්මක වන ආකාරය.
පාර්ලිමේන්තුව ඊයේ රැස් උනා.. මම මේක ලියන්නේ සුද්දන්ගෙන් ඉගෙන ගනිල්ලා යන අර්ථයෙන්. පොඩ්ඩක් හොයලා බලන්න වටිනවා එක්සත් රාජධානි පාර්ලිමේන්තු ආකෘතිය...
මේකේ තියනව " රජු (The Crown), "ස්වාමිවරුන්ගේ නිවස (House of Loards)" සහ " පොදු ජනතාවගේ නිවස ( House of Commons)" කියලා පැහැදිලි ස්වාධීන නමුත් එක්ව කටයුතු කරන කොටස් 3ක්.
මේකේ ප්‍රධාන කාරණය වෙන්නේ "රජු පත් වෙන්නේ" පරම්පරාවෙන්.. මේ ස්වාමිවරුන් පත් වෙන්නෙත් පරම්පාරාවෙන්ම තමා. එත් කොටසක් මෙතන ඉන්නව "රජු විසින් පත් කරන අග්‍රාමාත්‍ය තුමා ගේ උපදෙස් පරදි- " රදලයෝ. සමාජයේ වැදගත් යයි සම්මත පුද්ගලයින්...විශේෂයෙන් ඩියුක්ල, බැරන්ල අර්ල්ල " උසස් පන්තිය 92 පත් වෙනවා . මේකේ මාරම සෙට් එක තමා ලෝඩ්ස් ඔෆ් ස්පිරිචුවල්. ( Loars of Spiritual) නැති නම්,.. එංගලන්ත පල්ලියේ බිෂොප්ල 26 දෙනා. .(චෙස් බෝඩ් එකට මොකටද බිෂොප් ලා ?) කොමොන්සලා තමයි ඡන්දෙන් පත් වෙන්නේ.. වෙන රටක වගේ . . මෙතන හවුස් ඔෆ් ලෝඩ්ස්ලගේ වගකීම් බැලුවොත් මාර ඉන්ට්‍රස්ටින්.... දැන් මෙයාලට බැහැ පාර්ලිමේතුවේ පාස් වෙන නීතියක් වලක්වන්න. එත් මෙයාලට පුළුවන් නීති සහ පනත් ප්‍රශ්න කරන්න. ඒ වගේම වෙනස් කම් යෝජනා කරන්න. ඒ වගේම සම්මත උන පනතක් ක්‍රියාත්මක වීම අවුරුද්දක් දක්වා පමා කරන්න...මේක මාර බලයක් ඡන්දෙකින් නොලැබෙන.. රදලයින්ට සහ පල්ලියේ පාදිලිලට..
ඒ කියන්නේ එක්සත් රාජධානි පාර්ලිමේන්තුවේ නීති සම්මතවීම් ක්‍රියාත්මක වීම, හැම වෙලේ ම ආගමික සංස්තාවකින් , සහ පාරම්පරික රදල බලයෙන් අනියමාර්ථයෙන් පාලනය වෙන්වා..මේවා එංගලන්ත සමාජයයේ යටටම කාන්දු වෙලා තියනව.. උඹලා ඕස්ට්‍රේලියන් ඕපන් .. (US ඕපන්) බලන්න ෂෝර්ට් ඇදගෙන ගියාට, විම්බල්ඩන් බලන්න ඕනා නම් ෆුල් සුට් ගහගෙන පලයල්ලා එච්චරයි. එක තමා සම්ප්‍රදාය.. මේක තමා බ්‍රිතාන්‍යය බ්‍රිතාන්‍යය ලෙසට අනන්‍යතාවයකින් ඉදිරියට ගෙනියන යටින් ක්‍රියාත්මක වෙන දේශපාලනික ව්‍යුහය.
දැන් එමු අපේ රටට.. අපේ රටේ ව්‍යවස්ථාවේ වගන්තියක් තියනව බුද්ධාගම සුපෝෂිත කොට ආරක්ෂා කිරීම රජයේ වගකීම වන්නේය කියන එක. ව්‍යවස්ථාවේ කිසිම තැනක නැහැ.. ආගමික ප්‍රධානින්ගෙන් රජය අවසර හෝ උපදෙස් ලබාගත යුතු බව. ඒ උනාට රජ කාලේ ඉදන් පැවතුනු සම්ප්‍රදාය තමා.. රජු මහානායක හිම්වරුන් ගේ උපදෙස් අනුව ක්‍රියා කලයුතු බව. එක නිසා තමා.. " අපේ හාමුදුරුවනේ කියන්නේ " එක නිසා තමා රනිලා අනුර, සුමන්තිරන් විතරක් නෙමේ ජුලි චන් පවා මල්වත්තේ මල්වට්ටි අරන් බඩ ගාන්නේ... එංගලන්තේ " ඇන්ග්ලෝ සැක්සන් " සංස්කෘතිය තමා ප්‍රධාන සංස්කෘතික සභ්‍යත්වය . එක තමා නොර්මන් ආක්‍රමණයට පස්සේ එංගලන්තේ ප්‍රධාන සංස්කෘතිය සහ මහා බ්‍රතාන්‍ය අධිරාජ්‍යය ගොඩ නැගුනේ ඒ ඔස්ස සහ අපි වගේ රටවල් අවුරුදු ගණනක් පස්සට ඇදලා දාන තරම් හානියක් කරන්න පුළුවන් උනේ අධිරාජ්‍යවාදීන්ට. ඇන්ග්ලෝ සැක්සන් " සංස්කෘතිය හවුස් ඕෆ් ලෝඩ්ස් ල ආරක්ෂා කරනවා වගේ ( අනිච්චානුගතව ), සිංහල බෞද්ධ සංස්කෘතියේ නිර්මාණයක් වන ලංකා රාජ්‍යයේ.. පැවැත්මත් තීරණය ආරක්ෂා වෙන්නෙත් .. සිංහල බෞද්ධ සංස්කෘතිය තුලම තමා. එක අපිට වඩා හොදට ජුලි චං දන්නවා. "රට ජාතිය විකුණලා ඡන්දෙ ගන්නවා " , කියලා චෝදනා කරන හැමෝටම කියන්න තියන්නේ , උඹලට දිනන්න ඕනි නම් . එංගලන්තේ සුද්දන්ගෙන් ඉගෙන ගනිල්ලා කියලයි. මේ සංස්කෘතියට සභ්‍යත්වයට එරෙහිව ගිහින් උබ්ලාට මෑත අනාගතයේ ගන්න පුළුවන් තාවකාලික ජයගහන පමණයි. එංගලන්තේ නම් පාර්ලිමේන්තුව ඇතුලෙම පනත්, නීති වලට උපදෙස් දෙමින් සම්මත කරමින් පමා කරමින් ඉන්න 26 දෙනෙක්ම ඉන්නව බිෂොප් ලා. ලංකාවේ එහෙම නැහැ. එහෙම කරන්න තරම් " හැගීමක් සහ බුද්ධියක් තියන " නායක හිමිවරුන් ගෙන් ඒ උපදෙස් අනුග්‍රහ ලබා ගන්න ගිහි පැවිදි දෙපාර්ශවය ම සුදානම් ද? හවුස් ඔෆ් ලෝඩ්ස්ල ගේ තීරණ මහා බ්‍රතාන්‍යයේ පැවැත්මට බලපාන විදිහ පෙන්වන එක ලස්සන වාක්‍යයක් තියනවා " //In this capacity, as a body independent from the pressures of the political process, the House of Lords is said to act as a "revising chamber" focusing on legislative detail, while occasionally asking the House of Commons to reconsider its plans.// ඒ කියන්නේ ඡන්ද බලාපොරොත්තු නොවී , " යහපත පිණිස" තීරණ ගැනීමේ හැකියාව සවාමිවරුන් ගේ නිවසට ( පාදිලිලට සහ රදලයින්ට ) තියනවා . මේක අපේ කාටද තියෙන්නේ ව්‍යවස්ථාදායක සභා මේවා ගොන් පාර්ට් කරගෙන නේද තියෙන්නේ. මහානායක හාමුදුරුවරු ( සඟයා විවේචනයක් නොවේ) ට ඒ , නිර්භීත අපක්ෂපාති තීරණ ගැනීමේ හැකියාව ඉස්සර තිබ්බ. දැන් පක්ෂ වලට බෙදලා ඉන්නකොට එක හැකියාව තියනව ද?
.අනිත් කාරණය. එංගලන්තේ රජු.. ඉන්නේ කැන්ටබරියේ මහා පාදිලිට වඩා උඩින්.. ඒ කියන්නේ රාජ්‍යත්වය තියෙනේ ආගමික සංස්ථාවට වඩා උඩකින් . මොකෝ රජුව දිව්‍යමය තෙල් ගාලා.. දේවත්වයට පත් කරනවා එතකොට සියලු බිෂොප්ලට උඩින් රජු ඉන්නේ. ලංකාවේ මේක ආගමික සංස්ථාව පවතින්නේ ..ඉහලින් රාජ්‍ය බලයට වඩා .. අද පැවිදි වූ සාමනේර භික්ෂුවක් ලග ලංකා රාජ්‍යයේ රජු දණ නමන්න ඕනි. මේවා සංකේතාර්ථයන් . . හැබැයි ඒ වගේ ඒ ඒ සංස්කෘතීන් වල වටිනාකම් පෙන්වනවා. මම නම් කැමතියි. මේ වගේ ලුම්පන් සමාජයකින් පත් වෙන " ප්‍රජානත්ත්‍රවාදී නියෝජිතයන් " ගේ තීරණ ප්‍රශන කරන්න පුළුවන් වෙනත් අධිකාරි බලයක් රාජ්‍යයේ තියනව නම් බ්‍රිතාන්‍යයේ වගේ. එකට එහෙ වගේ.. පාදිලිෙල 26 පාර්ලිමේන්තුවට රිංගා ගන්න අවශ්‍ය නැහැ. අපේ විදිහට..
සුද්දන්ගෙන් ඉගෙන ගනිමු.. වෙස්ටිමිනිස්ටර් පාර්ලිමේන්තුවේ මේ ස්ට්‍රක්ස්චර් එක බලන්න.. ලෝඩ්ස්ලට සහ කොමොන්ලට එකට හම්බ වෙන්නවත් දීලා නැහැ වාඩි වෙන්නෙත් වෙනම.. රතුපාට.. තමා හවුස් ඔෆ ලෝඩ්ස්. කොලපාට සිට් තියෙන්නේ හවුස් ඔෆ් කොමොන්ස් පාර්ලිමේන්තුව ඇතුලේ.. වෙනම පුස්තකාල දෙකක් පවා... සුද්දෝ හිතං විදිහ කොච්චර වෙනස් ද? පරම්පරාවෙන් එන වැදගත් රදලයින් රජුගේ අනුභාවයෙන් සහ පල්ලියෙන් එන බිශෝප්ලා ඡන්දෙන් පත්වෙන ගොබිලෝ එක්ක මික්ස් වෙන්නවත් දීලා නැහැ. අපේ ලිං මැඩියෝ දකින්නේ එංගලන්තේ ලසසන පාරවල්.. ලස්සන පිට්ටනි, ගෙවල්.. කොෆි ෂොප්, ලෑන්ඩ් රෝවර් විතරයි. ඒ සිස්ටම් එක දුවන මැකැනිසම් එකත් පොඩ්ඩක් බැලුවොත් නරකද? ..
- සිරිමල් බණ්ඩාර
(අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
