News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර සබඳතා මේ වන විට මූලික වශයෙන් මානුෂීය වන නමුත් සහයෝගීතාව සඳහා තවත් බොහෝ අවස්ථාව පවතින බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan Dzhagaryan මහතා පවසයි.

සමගි ජන බලවේගයේ පුරප්පාඩු වී තිබූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 04 නම් කර තිබේ.

කථානායක අශෝක රංවල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තීරණය කළ බව පොදුජන පෙරමුණ පවසයි.

රිළවුන් බෝවීම පාලනය කිරීම සඳහා රිළවුන් වන්ධ්‍යාකරණය කිරීමේ පළමු නියමු ව්‍යාපෘතිය මාතලෙන් ආරම්භ කරන බව බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ඇමැති ගමගෙදර දිසානායක පැවැසීය.

නම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ෆයිසර් මුස්තාපා මහතාගේ නම මැතිවරණ කොමිසාරිස්වරයා වෙත යොමු කිරීමට සිදු තමාට සිදුවූයේ ඒකමතික තීරණයකට පැමිණීමට නොහැකි වූ නිසා බව එම පක්ෂයේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වෙත දැනුම්දී ඇතැයි වාර්තාවේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා වත්මන් කතා නායක අශෝක රංවලට අඩුම තරමින් දෙකේ පංතියට ඉගෙන ගත්ත බදුල්ලේ චාමර සම්පත්ට තියෙන අවංකභාවයවත් නැතැයි පවසයි. මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

2024 මහමැතිවරණයට ‘ගෑස් සිලින්ඩරය’ ලකුණින් ඉදිරිපත්වූ ෆයිසර් මුස්තාපා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වූ බව තහවුරු කරමින් ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මහනුවර ශ්‍රී දළදා මාලිගා සංකීර්ණයේ පැරණි රජ මාලිගාව සහ පුරාවිද්‍යා කෞතුකාගාරය දීර්ඝ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකින් පසු අද යළි විවෘත කෙරිණි.

ඉන්ධන පිරවුම්හල් ගැටළුවක් හේතුවෙන් මෙරට තුළ ඉන්ධන අළෙවි කරන විදේශ සමාගමක් ආනයනය කළ ඉන්ධන මෙට්‍රික් ටොන් 30,000 ක් රැගත් නෞකාවක් ඉන්ධන තොගය සමඟ නැවත ආපසු හැරී ගොස් ඇතැයි වාර්තා වේ.


ප්‍රධාන පුවත්

ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..

මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.