News Category
From Date
To Date
Maximum Number of Result

පසුගිය රජය විසින් අල්ලස් වශයෙන් මත්පැන් බලපත් නිකුත් කර ඇති බවට පලවන එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිට්පු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ අදාල බලපත් කිසිවක් හොර රහසේ ලබා දුන් ඒවා නොවන බවත් එම ලයිස්තුව තමාට ලබා දීමට හැකියාව තිබූ බවයි.

විදුලි සේවක සංගමය විසින් ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් යොමු කරමින් අවධාරණය කර ඇත්තේ එම සේවක සංගමය දෙසැම්බර් මස 10 වන දිනට පෙර නත්තල් ප්‍රසාද දීමනා ලබා දීමට කටයුතු කළ යුතු බව මීට පෙර දැනුම් දී ඇති බවයි.

දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ ප්‍රමුඛ නියෝජිත පිරිස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී තිබේ. මෙම නියෝජිත පිරිසට භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් රොබට් කප්‍රෝත් සහ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ජුලී චුන්ග් ද ඇතුළත් වුහ. ශ්‍රී ලංකාව දැනට මුහුණදී සිටින සමාජ, ආර්ථික සහ දේශපාලනික ගැටලු රාශියක් මෙම සාකච්ඡාවට ඇතුළත් විය. ඩොනල්ඩ් ලූගේ මාණ්ඩලික ප්‍රධානී වර්සා පර්කින්ස්, ආසියානු කලාපයේ නියෝජ්‍ය සහකාර පරිපාලක අංජලී කෞර්, USAID ශ්‍රී ලංකා දූත මණ්ඩල අධ්‍යක්ෂ නස්රීන් මරිකාර්, එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දේශපාලන විශේෂඥ Gabriel Grau සහ දකුණු ආසියාවේ භාණ්ඩාගාර අධ්‍යක්ෂ ජෙරොඩ් මේසන් ඇතුළු USAID හි නියෝජිතයන් මෙම රැස්වීමට තවදුරටත් සහභාගී වී තිබේ. සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ප්‍රමුඛ පෙළේ මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම්, රිෂාඩ් බදියුදීන්, පලනි දිගම්බරම්, අජිත් පී පෙරේරා, මුජිබර් රහුමාන්, කාවින්ද ජයවර්ධන, සහ එස්.එම්. මරික්කාර් ද මෙම සාකච්ඡාවට එක්ව තිබිණි.

අධික වැස්සෙන් හා ජල ගැල්මෙන් අලිමංකඩ, මන්නාරම හම්බන්තොට ප්‍රධාන ලේවායන්හි ලුණු නිෂ්පාදනයෙන් අඩකට වඩා හානි සිදුවී ඇති බවත් පුත්තලම ලේවායේ අස්වැන්න සියයට 80කට පමණ හානි සිදුවී ඇති බවත් පැවසේ.

පසුගියදා පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා රත්න සහල් අධිපති ලංකේෂ්වරගේ මිත්‍රපාල සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමින් තමන් සහල් සඟවා ගෙන ඇති බවට එල්ල කරන චෝදනා අසත්‍ය බව රත්න සහල් අධිපති ලංකේෂ්වරගේ මිත්‍රපාල මහතා පවසයි.

සහල් ආනයනය කිරීමට පෞද්ගලික අංශයට බලපත්‍රවලින් තොරව කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු ආනයනකරුවන් පනස් දෙනෙකු පමණ ඉන්දියාවෙන් සහල් ඇනවුම්කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව ඉන්දියාවෙන් ඇණැවුම් කරන ලද සහල් පළමු තොගය එළැඹෙන සතියේ කොළඹ වරායට ලැබෙනු ඇති බව පිටකොටුව සහල් ආනයන වෙළෙන්ඳෝ පවසති.

රටේ දැනට සිටින මිලියන 1.3ක් වූ රාජ්‍ය සේවකයන් 750,000 දක්වා අඩු කිරීමට සිදුවනු ඇති බව කොළඹ පැවති උත්සවයක් අමතමින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව මහතා පසුගියදා පැවසුවේය. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසුවේ රාජ්‍ය සේවයෙන් සේවකයන් ඉවත් කිරීමට රජයට කිසිදු සැලසුමක් නොමැති නමුත් ඵලදායිතාව ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කරන බවයි.

රට තුල ඇති සහල් සංචිත සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සහ පාරිභෝගික සේව අධිකාරියෙන් එකිනෙකට පටහැනි වාර්තා දෙකක් ඉදිරිපත්ව ඇතැයි වාර්තාවේ. ඒ අනුව ගැටළුකාරී බව හේතුවෙන් සහල් ආනයනය කිරීමට තීරණය කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

2025 වසරේ මුල් මාස හතරෙහි වියදම් සඳහා ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම ඊයේ (06) පාර්ලිමේන්තුවේදි ඡන්ද විමසීමකින් තොරවම සම්මත වී ඇතැයි වාර්තාවේ.


ප්‍රධාන පුවත්

ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..

මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.