News Category
From Date
To Date
Maximum Number of Result

අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් නියෝජ්‍ය කතානායක රිස්වි සාලි සාලි මහතා ද වග උත්තරකරුවෙකු බව පැවසේ.

රංවලගේ ඉල්ලා අස්වීම සිදු වූයේ විරුද්ධ පක්ෂය විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට හදිස්සි වූ නිසා බව පැහැදිලිය. 17 වැනිදා ප්‍රකාශයක් කරන බවට කියා තිබියදී අද(14) හදිසියේ ඉල්ලා අස්වීම අස්වාභාවිකය. නමුත් මෙම සිදුවීමෙන් අපට ඉතා වැදගත් කරුණු කිහිපයක් කියවා ගත හැකිය.

සහල් සඳහා පනවා ඇති රුපියල් 65 ක තීරු බද්ද රුපියල් 50 දක්වා අඩු කරන්නේ නම් සහල් කිලෝවක් රුපියල් 220 ක සිල්ලර මිලට අලෙවි කළ හැකි බැව් තමන් ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කළේ යැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා දේශය පුවත්පතට ප්‍රකාශ කර ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තම පළමු විදෙස් සංචාරය ලෙස අද (15) දිනයේ සිට ලබන 17 වැනිදා දක්වා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වෙයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ අශෝක රන්වල මහතා කථානායක ධුරයෙන් ඉල්ලා අස්වුනත් ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් දින කිහිපයක් ඇතුළත ඉදිරිපත් කරනු ඇති බවයි.

දැනට මෙරටට ආනයනය කර ඇති මෙට්‍රික් ටොන් 2400ක් පමණ වන සහල් ප්‍රමානයෙන් කිලෝ ග්‍රෑම් 75,000ක් පමණ මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් යැයිසෞඛ්‍ය අංශ විසින් හෙලි කරගෙන ඇතැයි පුවත් වාර්තා පවසයි.

වසර කිහිපයක් තිස්සේ පැවැති අවිනිශ්චිතභාවයෙන් පිරුණු කාලපරිච්ඡේදයකින් පසුව, නේපාලය සහ චීනය, බීජිං ඉදිරිපත් කරන අනෙකුත් ලෝකය සමඟ සම්බන්ධ කරන නව වෙළඳ මාර්ග සංවර්ධනය කිරීමේ මහා සැලැස්ම වන තීරය සහ මාර්ග මුලපිරීම (BRI) ව්‍යාපෘතිය යටතේ සහයෝගීතාව පිළිබඳ "රාමු සැකිල්ල" පිළිබඳ ගිවිසුමක් අත්සන් කිරීමට කටයුතු කර ඇත. නේපාල අගමැති කේපී ෂර්මා ඔලි මේ මස මුලදී කළ බීජිං සංචාරය අතරතුරදී මෙලෙස අත්සන් තැබීමේ කටයුතු සම්පූර්ණ කර ඇත.

කතානායකවරයා සහ ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ මතුව ඇති ගැටළුව බලයට පත්වී මාසයක් ගතවන්නට පෙර ආණ්ඩුවේ ‘සදාචාරාත්මක උස්බව’ ( (moral high ground) ඔවුන්ට අහිමි කර තිබේ. කතානායකවරයාට ඉල්ලා අස්වීමට සිදුවීම එහි ආරම්භය පමණක් වන අතර, ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් පෙන්වා ඇතැයි අනුමාන කරන තවත් පිරිසක් මේ ලැයිස්තුවේ සිටී.

හෙට(15) සිට ලබන 17 දක්වා ජනාධිපති කුමාර දිසානායක මහතා ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. ඉන්දීය ජනාධිපතිවරයාගේ ආරාධනයක් මත මෙම සංචාරය සැලසුම් කර ඇති බවද විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.


ප්‍රධාන පුවත්

ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..

මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.