බංකොලොත් අයවැය ගෙනා විපක්ෂයේ මන්ත්‍රීවරුන් අපේ අයවැයට උපදෙස් දෙන්න පටන් අරගෙන....කැන්ඩි ඔඩිසියේ සිට ටිල්වින් සිල්වා කියයි
වත්මන් රජයේ අයවැය ඉදිරිපත් කිරීමට සූදානම් වෙද්දී විපක්ෂයේ ඇතැම් පිරිස් අයවැයට උපදෙස් ලබාදීමට පටන්ගෙන තිබෙනවා. ඔවුන්ගේ කාලයේ ඉදිරිපත් කළ අයවැයෙන් රට බංකොලොත් වී තිබෙනවා. බංකොලොත් අයවැය ගෙනා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ උපදෙස් අපට අවශ්‍ය නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
ඒ ආණ්ඩුවල අයවැය නිසියාකාරව ඉදිරිපත් කළා නම් රට මෙවැනි තැනකට වැටෙන්නේ නැහැ. ඒ අය රට වට්ටලා අපි රට ගොඩ ගන්න හදනකොට උපදෙස් දෙනවා.
අපේ රටේ ජනතාවට බලාපොරොත්තු තිබෙන රට ගොඩගත හැකි අයවැයක් ඉදිරියේදී ඉදිරිපත් වෙයි. විශේෂයෙන් වංචා දූෂණ නැති නාස්තිය අවම කරපු මහජන මුදල් සතේටම ගණන් බලා ජනතාව වෙනුවෙන් යොදවන අයවැයක් මෙවර ඉදිරිපත්වන බවට අපගේ විශ්වාසය තිබෙනවා.
විපක්‍ෂයේ අය සඳහන් කළේ අපට ජාත්‍යන්තර සහය නෑ කියලා. නමුත් අපට විශාල වශයෙන් ජාත්‍යන්තරයේ සහය ලැබෙමින් පවතිනවා. ඒ අය අප ආවොත් පෝලිං හැදෙයිි කියා කිව්වා. නමුත් අපි පෝලිං නවතා තිබෙනවා. රුපියල කඩා වැටෙයි කියා ඔවුන් බලාපොරොත්තු වුණා නමුත් ආර්ථික ස්ථාවර වී තිබෙනවා.
මෙවර අයවැයෙන් වැඩි ප්‍රතිපාදන වෙන්කොට තිබෙන්නේ ආර්ථිකය, අධ්‍යාපනය හා සෞඛ්‍ය වගේ පැති වලටයි. අපි බලය ගත්තේ ආර්ථික වශයෙන් වැටිච්ච රටක. එම නිසා ජනතාවට සහන දීම අවශ්‍යයි. ඒ වගේම රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමත් කළ යුතුව තිබෙනවා. එසේම ආර්ථිකය ස්ථාවර කොට නිෂ්පාදන ආර්ථිකයක් කරා ඉදිරියට යා යුතුව තිබෙනවා. ඒ සියල්ල අරමුණු කරගත් දිගු කාලීන අරමුණු සහිත අයවැයකුයි මෙවර ඉදිරිපත් කරන්නේ.
රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග ඇතිකරගත් ගිවිසුම් අනුව අය කළ යුතු බදු ප්‍රමාණයක් තිබෙනවා. ඒවා එසේ තිබියදීත් හැකි තරම් සාකච්ඡා කොට බදු අඩුකිරීමට පියවර ගෙන තිබෙන බවද ටිල්වින් සිල්වා මහතා පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්වරයා ඒ බව අවධාරණය කර සිටියේ එ මහනුවරට පැමිණ සති අන්තයේ ක්‍රියාත්මක කැන්ඩි ඔවිසි දුම්රියේ ප්‍රවර්ධන සංචාරයකට එක්වෙමින් මහනුවර දුම්රිය ස්ථානයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..