ඉරාන කාන්තාව, ඉස්ලාම් විප්ලවයට පෙර සහ පසු?
👉 එදා 1976 ඉස්ලාම් විප්ලවයට පෙර ඉරානයේ කාන්තා සාක්ෂරතාව 24%ක් වූ අතර 2022දී එම අගය 85%කි.
👉 එදා ඉස්ලාම් විප්ලවයට පෙර එරට සිටි විශේෂඥ වෛද්‍යවරියන්ගේ සංඛ්‍යාව 1988ක් වූ අතර 2012දී එම අගය 20177කි.
👉 ඉරානය වනාහී 2015 වසරේදී ජනගහනයට සාපේක්ෂව ලෝකයේ වැඩිම ඉන්ජිනේරු උපාධිධාරීන් ප්‍රමාණය බිහිකළ රට වන අතර, අද එරට විද්‍යා විෂයන්ට අදාළ උපාධිධාරීන්ගෙන් සීයට 70%ක්ම කාන්තාවෝ වෙති.
👉 තවමත් විශාල ආගමික නැඹුරුවක් සහිත රටක් වන ඉරානය සිය ආගමික නිර්ණායකවලට සාපේක්ෂව කාන්තාවන් හිස් ආවරණ පැළඳීම වැනි කාරණා නීතියෙන්ම ස්ථාපිත ඇත. එහෙත් හිස් ආවරණ පැළඳි කාන්තාවන් අධ්‍යාපනය, සමාජ තත්ත්වය, වෘත්තීය මට්ටම, ආර්ථිකය ආදිය අතින් ඉතා ඉහළ තැනකට ගෙන ඒමට නූතන ඉරානය සමත් වී තිබේ.
👉 එහෙත් මේ කිසිවක් නොදන්නා ලිංගිකත්වය හා මත්ද්‍රව්‍ය පමණක් මැජික් ලෙස සලකන ලංකාවේ රැඩිකල් ලිබරල් ළිං මැඬියෝ තවමත් ඉස්ලාම් විප්ලවයට පෙර අඩ නිරුවතින් දුම්පානය කළ කාන්තාවන්ගේ පුදුමාකාර නිදහස ගැන පමණක් කවි කතා ලියති.
👉 අපගේ අදහස සෑම ආගමික නීතියක්ම කොන්දේසි විරහිතව සාධාරණීකරණය කළ යුතු බව නොවේ. එය අදාළ සන්දර්භයට සාපේක්ෂ වන සංකීර්ණ කාරණයකි.
👉 ප්‍රශ්නය වන්නේ බටහිර කෝණයෙන් පමණක් සියල්ල දකිමින් නිරුවතින් සිටීමේ නිදහස ගැන පමණක් කතා කරන අය, ඊට වෙනස් මාර්ග ඔස්සේ ඉරානය වැනි රටවල් අත් කරගත් සැබෑ ජයග්‍රහණ ගැන කිසිවක් නොදැන සිටීමය.
👉 ඒ නිසාම ලිංගිකත්වය හා මත්ද්‍රව්‍ය පමණක් උත්කර්ෂයට නංවමින් එය මානව නිදහසේ ඉහළම ඵලය ලෙස හුවාදැක්වීමට අදහස් කරන අයට, ලෝකයේ එකම සංස්කෘතිය බටහිර සංස්කෘතිය පමණක් විය යුතු යැයි සිතන කරන අයට මෙන්ම ආගම රටක දියුණුවට බාධාවක් වෙතැයි සිතන අයටද ඉරානයෙන් උගත හැකි පාඩම් බොහෝය.
👉 එය යල් පැන ගිය බටහිර කේන්ද්‍රිය ඒක ධ්‍රැවීය ලෝකය වෙනුවට අනාගත බහුධ්‍රැවීය ලෝකයේ හැඩය කෙබඳු විය යුතුදැයි අපට මැනවින් පෙන්වා දෙන්නකි.
- ඉසුරු ප්‍රසංග
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..