News Category
From Date
To Date
Maximum Number of Result

කරෙයිනගර් බෝට්ටු අංගනය ප්‍රතිසංස්කරණය සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව 2024 දෙසැම්බර් 16 වැනි දින අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ. ඉන්දීය රජයෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 290ක ප්‍රදානයකින් සහාය දක්වන ලද මෙම ගිවිසුමට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ එම අවස්ථාවේ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්ෂෙනුකා සෙනෙවිරත්න විසින් අත්සන් කර තිබේ.

දින 100 ක් තුළ අසාර්ථකම ආණ්ඩුව රට පාලනය කරන බව ජනතාවට දකින්න ලැබී ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සියලුම කොට්ඨාසවලට සර්වජන බලය තරගකරන බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරිනියක වන ජීන් ප්‍රිම්රෝස් නතානියෙල්ස් නොහොත් ජීන් ඇන්ටිට පුද්ගලයින් දෙදෙනෙකු නිවසට පැන පහර දී තිබේ. එම පහරදීමෙන් ඇයට සහ ඇගේ සැමියාට තුවාල සිදුව ඇති අතර, දෙදෙනාම රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. එඩේරමුල්ලේ පිහිටි ඇගේ නිවසට පැමිණ මෙම පහරදීම සිදුකර තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් මෙන්ම විද්වතෙකු වන ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කොළඹ ක්‍රිෂ් ගොඩනැගිල්ලේ නිවාස 5ක් මිලදීගෙන ඇති ව්‍යාපාරිකයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ ඇතුළු ඉදිරි මැතිවරණ සඳහා ‘පුටුව’ ලකුණින් තරග කරන බව එම පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක අද ප්‍රකාශ කළේය.

කියුබාවේ ආඥාදායක බැටිස්ටාගේ පාලනය අවසන් කර කියුබානු පීඩිත ජනයා වෙත කියුබානු විප්ලවයේ ජයග්‍රාහී අරුනළු රැගෙන විත් වසර 66ක් සපිරෙන මේ මොහොතේදී ඊට සුබ පැතුම් එක් කරන බව ශ්‍රී ලංකා බොලිවේරියානු සහයෝගිතාවය පවසයි.

ඊයේ(01) අලුයම එක්සත් ජනපදයේ දකුණු ප්‍රදේශයේ පිහිටි ලුසියානා ප්‍රාන්තයේ නිව් ඕර්ලියන්ස් හිදි පැවැති අලුත් අවුරුද්ද උදාවීම වෙනුවෙන් පැවැත්වූ විනෝදාස්වාදය සපයමින් තිබූ ස්ථානයක් වෙත පුද්ගලයෙකු පිකප් ට්‍රක් රථයක් ධාවනය කිරීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් ඇති බව අමෙරිකානු බලධාරීන් මාධ්‍ය හමුවක් පවත්වමින් මියගිය ගණන යාවත්කාලීන කළ විදෙස් ප්‍රවෘත්ති සේවා පවසයි.


ප්‍රධාන පුවත්

අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..

මෙරට පෞද්ගලික ඉන්ධන සමාගම් සතුව දැනට මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ක්ෂණික ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, එහෙත්, දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ඉදිරි මාසවලදී අඛණ්ඩ ඉන්ධන සැපයුම පවත්වාගෙන යෑම සඳහා රජය පැහැදිලි උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ඉන්ධන ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් සාර්ථකව අත්පත් කරගත් ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, රටේ ඉදිරි ආර්ථික වර්ධනය තවදුරටත් වේගවත් කිරීම උදෙසා ඉදිරියේදී තවත් නව එකඟතාවකට එළඹීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..

මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.