
ට්‍රම්ප් ආගමනය චීන-යුරෝපා සංගම් සබඳතාවලට ඇති කරන බලපෑම පිළිබඳ ප්‍රශ්නයට ජාතික මහජන කොංග්‍රස ප්‍රකාශක පිළිතුරු දෙයි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආගමනය චීන-යුරෝපා රාජ්‍ය තාන්ත්‍රික සහ වෙළඳ සබඳතාවලට බලපාන ලබන ආකාරය කෙසේදැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් , 14 වන ජාතික මහජන කොංග්‍රසයේ (NPC) තුන්වන සැසිවාරයේ ප්‍රකාශක ලූ ක්වින්ජියන් පැවසුවේ චීනය යුරෝපා සංගමය සමඟ සබඳතාවලට ඉහළ වැදගත්කමක් ලබා දෙන බවයි. චීනය සහ යුරෝපය සාමය සඳහා ප්‍රධාන නිර්මාණාත්මක බලවේග දෙකක් වන අතර, හොඳ සහ ස්ථාවර චීන-යුරෝපා සංගම් සම්බන්ධතාවයක් දෙපාර්ශ්වයේම මූලික හා දිගුකාලීන අවශ්‍යතා සඳහා සේවය කරන අතර ජාත්‍යන්තර ප්‍රජාවේ පොදු අපේක්ෂාවන් සපුරාලන බවද ඔහු පැවසීය.
2025 වසර චීන-යුරෝපා සංගම් රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 50 වන සංවත්සරය සනිටුහන් කරන බව ලූ සඳහන් කළේය. පසුගිය වසර 50 තුළ සිදු වූ දේ මගින් නැවත නැවතත් පෙන්නුම් කරන්නේ චීනය සහ යුරෝපා සංගමය අතර මූලික අවශ්‍යතා ගැටුමක් හෝ භූ දේශපාලනික ප්‍රතිවිරෝධතා නොමැති බවයි යනුවෙන් පැවසූ ඔහු චීනය සහ යුරෝපා සංගමය එකිනෙකාගේ සාර්ථකත්වයට දායක වන හවුල්කරුවන් විය හැකි බවද අවධාරණය කළේය.
එහිදී වැඩි දුරටත් අදහ්හස් දක්වමින් ඒ මහතා, "චීනය සහ යුරෝපා සංගමය අතර ආර්ථික හා වෙළඳ සබඳතා සමස්තයක් වශයෙන් ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතිනවා. ආර්ථික හා වෙළඳ සහයෝගීතාවය දෙපාර්ශ්වයේම ආර්ථික වර්ධනය ඉහළ නැංවූවා පමණක් නොව, ස්ථාවර කාර්මික හා සැපයුම් දාම සහ ගෝලීය වශයෙන් ආර්ථික වර්ධනයට ද දායක වූවා. චීනයට සහ යුරෝපයට එකිනෙකාගේ ශක්තියට අනුපූරක විය හැකි අතර සහයෝගීතාවයේ බොහෝ ක්ෂේත්‍රවල අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ලබා ගත හැකියි. චීන-යුරෝපා සංගම් සබඳතා කිසිදු තෙවන පාර්ශවයක් ඉලක්ක කර ගන්නේ නැහැ. එලෙසම කිසිදු තෙවන පාර්ශවයකට යටත් වීමක් හෝ පාලනය කිරීමක් සිදු වන්නේ නැහැ. චීන-යුරෝපා සංගම් සබඳතා වර්ධනය කිරීම සඳහා වන යතුර විශ්වාසය සහ සන්සුන් භාවය තිබීම මිස තාවකාලික සිදුවීම් මගින් ඒත්තු ගැන්වීම නොවේ. නායකයින් වැදගත් අවබෝධයන් ක්‍රියාත්මක කිරීම, ව්‍යවස්ථාදායකයන් අතර මෙන්ම විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩි දියුණු කිරීම, ගෝලීය අභියෝග ඒකාබද්ධව ජය ගැනීම, ඒකපාර්ශ්විකත්වයට සහ ආරක්ෂණවාදයට විරුද්ධ වීම, චීන-යුරෝපා සංගම් සම්බන්ධතාවය ඉහළ මාවතකට ගෙන යාම සහ අපගේ ලෝකයට වැඩි ස්ථාවරත්වයක් සහ නිශ්චිතභාවයක් ලබා දීම සඳහා චීනය යුරෝපීය පාර්ශවය සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටිනවා". යනුවෙන් පැවසුවේය.
NPC spokesperson responds to question on impact of Trump’s re-inauguration on China-EU relations
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදි අවසර දෙයි..
