කැබිනට් එක අඩුම තිහක්වත් විය යුතුයි....කැබිනට් එකට වරප්‍රසාද දුන්නා කියලා රට කඩා වැටෙන්නෙ නෑ - විජේදාස රාජපක්ෂ
රටේ තියෙන සංකීර්ණ තත්ත්වයත් සමග කැබිනට් එක අඩුම තිහක්වත් විය යුතු බවත්, එවැනි කැබිනට් එකක් නියෝජනය කරන අයට වරප්‍රසාද දුන්නා දිය යුතු බවත් ඔවුන්ට වරාප්‍රසාද දුන්නා කියා රට කඩා නොවැටෙන බවත් හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. ඔහු මෙම අදහස් පවසා ඇත්තේ ජාතික පුවත පතක් සමග සාකච්ඡාවකට එක්වෙමින්
එම සම්මුඛ සාකච්ඡාවේදී ඔහු වැඩිදුරටත් මෙසේද පවසා ඇත.
“වරප්‍රසාද අඩු කරලාවත් කැබිනට් එක කුඩා කරලවත් රට හදන්න බෑ. රටේ තියෙන සංකීර්ණ තත්ත්වයත් සමග කැබිනට් එක අඩුම තිහක්වත් විය යුතුයි. එවැනි කැබිනට් එකක් නියෝජනය කරන අයට වරප්‍රසාද දුන්නා කියලා රට කඩා වැටෙන්නෙ නෑ. රට සංවර්ධනය කරන්න වැඩපිළිවෙළක් තිබිය යුතුයි. තියෙන දේවල් අඩු කළාට රට සංවර්ධනය වෙන්නේ නෑ.
පසුගිය ආණ්ඩුවල පාලකයෝ නායකයෝ දූෂිතයි කියන කතාව ගැන තර්කයක් නෑ. ඒ අය රට විතරක් නොවෙයි තමන් නියෝජනය කළ දේශපාලන පක්ෂය පවා විනාශ කරලා තියෙන්නේ. එවැනි වැරදි පාලකයන් සම්බන්ධයෙන් නීතියට අනුව කටයුතු කළ යුතුයි.
ඒ කියන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ගමට දෙනවා කියන එක නෙමෙයි. වැරදි ගැන හෝ වැරදිකරුවන් ගැන කතාකරන එක නවත්වලා වැරැද්ද හා වරදකරු හඳුනාගෙන නීතිය ක්‍රියාත්මක කරන ගමන් රට සංවර්ධනය කළ යුතු ආකාරය නිවැරදිව සැලසුම් කරලා ඒවා ක්‍රියාත්මක කිරීමයි කළ යුතුව තියෙන්නේ. වත්මන් ආණ්ඩුව එලෙස කටයුතු කරනවද කියලා ජනතාව බලාගෙන ඉන්නවා”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..