News Category
From Date
To Date
Maximum Number of Result

කියුබානු විප්ලවයේ 66 වන සංවත්සරය අභිමානයෙන් සමරණ සමස්ථ ලෝකවාසි අධිරාජ්‍ය විරෝධී ජනයා සමඟ ජාතික නිදහස් පෙරමුණෙහි දේශපාලන බල මණ්ඩලය ඇතුළු සමස්ත සාමාජිකත්වයම එක්වන බව දන්වමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් කියුබානු ජනාධිපති මිගුඑල් ඩයස්-කානෙල් වෙත ලිපියක් යොමුකර ඇත. එම සම්පූර්ණ ලිපිය පහතින්

ආණ්ඩුවේ නව බදු ක්‍රමය ජනතාවට විශාල බරක් පැටවීමට හේතු වී ඇති අතර, එය රටේ ආර්ථිකයට ද අහිතකර බලපෑමක් ඇති කළ හැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.

ත්‍රිකුණාමලයට ආසන්න මුහුදේ තිබී හමු වූ ඉන්දීය සමාගමකට අයත් ඩ්‍රෝන යානයෙන් මෙරටට කිසිදු බලපෑමක් නොමැති බව හෙළි වී ඇති බව ඒ සම්බන්ධයෙන් සේවීම සඳහා පත්කළ කමිටුව පවසා ඇත. ඔවුන් විසින් සිදුකළ අවසන් වාර්තාව ගුවන් හමුදාපති වෙත භාර දී ඇති බවද සදහන්.

ලුණු මෙට්‍රික්ටොන් 30,000ක් ආනයනය කිරීම සඳහා රජය හෙට (03) සිට ටෙන්ඩර් විවෘත කිරීමට පියවර ගෙන තිබේ.

සමාජයේ ප්‍රතිලාභීන්ට යම් මෙහෙවරක් කළ හැකි වන්නේ බදු මුදල් ගෙවිය යුතු පුද්ගලයන් එය නිසි පරිදි ගෙවුවහොත් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා සඳහන් කරයි.

දේශීය පොල් තෙල් නිෂ්පාදකයන්ගෙන් සියයට දහඅටක (18%) වැට් බද්ද අයකරන ගමන් ආනයනික පොල් තෙල් සඳහා සියයට දහ අටේ (18%) බදු සහනය ලබාදී දේශීය පොල් තෙල් නිෂ්පාදකයන් ආරක්‍ෂා කරන්නේ කෙසේ දැයි පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා රජයෙන් විමසීමක් කළේය. මේ වසරේ දී ආනයනික පොල් තෙල් කිලෝ මිලියන ලක්‍ෂයක් රටට ගෙන්වා ඇති බවත්, එම තෙල් ප්‍රමාණය රුපියල් බිලියන එකොළොස්දහස් හැත්තෑවක් (11070) පමණ වන බවත් ඒ මහතා කීය.

සුරාබදු දෙපාර්තමේන්තුව හඳුන්වා දීමට යන අඩු මිල මත්පැන් බෝතලය ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කරගත් වත්මන් රජයේ ප්‍රතිපත්තියට පටහැනි යැයිද මත්පැන් කර්මාන්තයටම පමණක් යහපතක් සිදුවන එම ප්‍රතිපත්තිය ගැන නැවත සලකා බලන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සුරාබදු කොමසාරිස් ජනරාල් යූ.එල්. උදයකුමාර මහතාට ලිපියක් යොමු කර ඇත.

වෛද්‍ය උපකරණ සහ ඖෂධවේදී නිෂ්පාදන මෙරටට ආනයනය කිරීමේදී පැවැති ක්‍රමවේදය වෙනුවට යහපාලන රජයේ හිටපු අමාත්‍යවරයකු විසින් අත්තනෝමතිකව ක්‍රියාත්මක කළ ක්‍රමවේදයක් නිසා රජයේ මුදල් විශාල වශයෙන් ගසාකෑමක් සිදුවන බවට වෛද්‍ය උපකරණ ගෙන්වන ආයතන ප්‍රකාශකයෙක් ජාතික පුවත්පතකට පවසා ඇත.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නවතා දමා තිබුණු ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවාව හෙට (ජන. 2) සිට යළිත් ආරම්භ කිරීමට නියමිත ය. මේ සඳහා පසුගිය 25 වන දා සිට ආසන වෙන් කරවා ගැනීමේ කටයුතු ආරම්භ කර තිබිණි.


ප්‍රධාන පුවත්

අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..

මෙරට පෞද්ගලික ඉන්ධන සමාගම් සතුව දැනට මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ක්ෂණික ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, එහෙත්, දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ඉදිරි මාසවලදී අඛණ්ඩ ඉන්ධන සැපයුම පවත්වාගෙන යෑම සඳහා රජය පැහැදිලි උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ඉන්ධන ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් සාර්ථකව අත්පත් කරගත් ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, රටේ ඉදිරි ආර්ථික වර්ධනය තවදුරටත් වේගවත් කිරීම උදෙසා ඉදිරියේදී තවත් නව එකඟතාවකට එළඹීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..

මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.