
විදුලිය ගාස්තුව සංශෝධනය සමග විදුලි බල මණ්ඩලය පාඩු ලබන්න පුළුවන්...මූල්‍ය අරමුදල පවසයි
මෙරට විදුලිය ගාස්තුව සංශෝධනය කිරීමට පසුගිය ජනවාරි මාසයේදී විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබෙන බවත් එම සංශෝධනයත් සමග විදුලිය නිෂ්පාදනය කිරීමේ පිරිවැය, නව ගාස්තුවෙන් ආවරණය නොවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තක්සේරු කර ඇතැයි එම අරමුදලේ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.
ඉදිරිය දෙස බලනවිට ලංකා විදුලිබල මණ්ඩලය පාඩු ලැබීමට තිබෙන හැකියාව නව ගාස්තුව යටතේ වැළැක්වීමට අවස්ථාවක් නොලැබෙන බව පැහැදිලි යැයි බෲවර් මහතා පැවැසුවේය.
ඒ හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ ණය නැවත ගොඩ ගැහීමේ අවදානමක් පවතින බවත් එවිට නැවතත් ලංකා විදුලිබල මණ්ඩලය රජයට බරක් වනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
ලංකා විදුලිබල මණ්ඩලය රජයට කෙතරම් බරක් විය හැකිදැයි යන්න පිළිබඳව සැමට අත්දැකීමක් තිබෙන බවත් ඒ හේතුවෙන් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණයක් ඉදිරි විදුලිය ගාස්තු සංශෝධනයේදී නැවත ස්ථාපනය කිරීම අත්‍යවශ්‍ය බව ද ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා පැවැසුවේය.
පාඩු නොලැබෙන ආකාරයෙන් මිල තීරණය කිරීමට ස්වයංක්‍රීය යාන්ත්‍රණ දැනටමත් තිබෙන බවත් ඒවා ක්‍රියාත්මකවීමට ඉඩ හැරිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
