News Category
From Date
To Date
Maximum Number of Result

ජනාධිපති අනුර කුමාර දිසානායක චීනයේ රාජ්‍ය සංචාරයක් සඳහා පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 05ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර ඇත.

ඩෙන්මාර්කය, ආක්ටික් භූ දේශපාලනයේ ව්ශ්මය ජනක වෙනසක් පෙන්නුම් කරමින්, එක්සත් ජනපදය ග්‍රීන්ලන්තය ඈඳා ගැනීමේ සැලසුම් වලින් ආරක්ෂා වීම සඳහා ඩෙන්මාර්කය රුසියාවේ උදව් ඉල්ලා සිටීන බවට එක්සත් ජනපදයට තර්ජනය කර ඇතැයි වාර්තාවේ. අනපේක්ෂිත රාජ්‍ය තාන්ත්‍රික පියවර සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වන්නේ ග්‍රීන්ලන්තයේ භෞමික අඛන්ඩතාවය සහ ස්වෛරීභාවය සම්බන්ධයෙන් එක්සත් ජනපදය සහ ඩෙන්මාර්කය අතර උත්සන්න වන ආතතීන් මධ්‍යයේ ය.

ජනාධිපති මාධ්‍ය අංශයේ රුපියල් මිලියන 160 කට අධික වටිනාකමකින් යුත් උපකරණ අතුරුදහන් වී ඇති බවට එල්ල වන චෝදනාවලට පිළිතුරු දෙමින් ජනාධිපති මාධ්‍ය අංශයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

වත්මන් ආණ්ඩුව බලයට පත්වූ විගසම ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන ගාලුමුවදොර පිටියේ ගාල්කර මාධ්‍යයට සහ ජනතාවට පෙන්වූ අතර අද එම වාහන ජාතික ජනබලවේගයේම මන්ත්‍රීවරුන් හා ආයතන ප‍්‍රධානීන් අතර බෙදා දී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා මාධ්‍ය අමතමින් පැවසුවේය.

පසුගිය ජනාධිපතිවරණයට දින 50කට පෙර දෙරණ රූපවාහිනී නාලිකාවේ 'කොළඹ දේශපාලනය, ජනාධිපතිවරණය සහ රට' නම් මාතෘකාව යටතේ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනේ දී නීතිඥ කනිෂ්ක විතාරණ මහතා පවසා සිටි එක්තරා කරුණක් අද වන විට සත්‍ය ලෙසම ඔප්පුවී ඇති බව වර්තමාන දේශපාලන තත්ත්වය විශ්ලේෂණය කිරීමේ දී පෙනී යයි.

ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් මෙම වසරේ හජ් වන්දනාව සඳහා ශ්‍රී ලාංකිකයන් 3,500 දෙනකුට සෞදි අරාබියට යෑමට අවස්ථාව ලබා දී ඇති බව වාර්තා වේ.

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගැනීමට හේතු වන තොරතුරු සඳහා වන ත්‍යාගය එක්සත් ජනපදය ඩොලර් මිලියන 25 දක්වා වැඩි කර ඇතැයි පැවසේ.

වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම පිළිබඳ වාර්තා හේතුවෙන්, පෞද්ගලික උපකාරක පන්ති සදහා යම් යම් සීමාවන් පැනවීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව එහි නිලධාරියෙක් පැවසීය. ඊට ප්‍රධාන හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ ප්‍රශ්න පත්‍ර පිටවීම බොහෝ විට සිදුවන්නේ උපකාරක පන්ති හරහා බවයි. පසුගිය දිනක උතුරු මැද පළාතේ පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ඇතැම් ගුරුවරුන් විසින් සිංහල භාෂාව පිළිබඳ වසර අවසාන වාර විභාග ප්‍රශ්න පත්‍රය පිට කර තිබුණි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය මහින්ද වික්‍රමාරච්චි මහතා විසින් රචිත ''සෙනෙවියකු පාමුල" කෘතිය ජන ගත කිරීම 2025 ජනවාරි 11 වැනිදා, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශ්‍රවණාගාරයේදී සිදුවිය.


ප්‍රධාන පුවත්

ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ

බද්දේගම නගර ශාලාවේදී ඊයේ (11) පැවැති දේශපාලන සම්මන්ත්‍රණයක අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වත්මන් ආණ්ඩුවේ දෙවසරක පාලනය දැඩි ලෙස විවේචනය කරමින්, ආර්ථික කළමනාකරණය, විදේශ සබඳතා, බුද්ධ ශාසනය, රණවිරුවන් සම්බන්ධ නඩු කටයුතු සහ රටේ භෞමික අඛණ්ඩතාව සම්බන්ධයෙන් බරපතළ විවේචන රැසක් මතු කළේය.

ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..

රුසියානු ඩීසල් සැපයුම් සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක තාවකාලිකව අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය හදිසියේ ගත් තීරණයත් සමඟ ජාත්‍යන්තර දේශපාලන කරළිය දැඩි උණුසුම් වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡෙදය රට බවත්, දෙවන පරිච්චේඡද ආගම නොව බුද්ධාගම බවත්, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවති.

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කිරීමට නොයන ලෙසත්, ජනාධිපතිවරයා උතුරට ගොස් 'කිසිම ජාතිවාදයකට නැගිටින්න දෙන්නේ නෑ' යැයි පවසන බවත්, එසේ නම් උතුරේ නැගිටින දෙමළ ජාතිවාදය ද නතර කළ යුතු බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..

මෙරට පෞද්ගලික ඉන්ධන සමාගම් සතුව දැනට මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ක්ෂණික ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, එහෙත්, දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ඉදිරි මාසවලදී අඛණ්ඩ ඉන්ධන සැපයුම පවත්වාගෙන යෑම සඳහා රජය පැහැදිලි උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ඉන්ධන ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් සාර්ථකව අත්පත් කරගත් ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, රටේ ඉදිරි ආර්ථික වර්ධනය තවදුරටත් වේගවත් කිරීම උදෙසා ඉදිරියේදී තවත් නව එකඟතාවකට එළඹීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..

මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.