News Category
From Date
To Date
Maximum Number of Result

කැපූ දීමනා නොදුන්නොත්... GMOA එකෙන් නිවේදනයක්

Mar 21, 2025 at 07:29 AM
|

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

අතෘප්තිකර සහ අනාරක්ෂිත පරිසරයක් තුළ රෝගී සත්කාර සේවාවන් සපයන වෛද්‍යවරුන්ගේ සේවාවේ වටිනාකම අයවැය හරහා අවතක්සේරු කිරීමේ ගැටලුව සඳහා එක වූ විසඳුම් ක්‍රියාත්මක කිරීම.

ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය පද්ධතිය තුල, ජාත්‍යන්තරයේ පවා ඉහළ පිළිගැනීමක් ලබා ඇති රෝගී සත්කාර සේවාවන්, වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විසින් සපයනුයේ අවම වැටුපක් ලබමින් අහිතකර වෘත්තීය පරිසරයක් තුළය. ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති වීම, නිල නිවාස නොමැතිවීම, ප්‍රවාහන ගැටලු, ඖෂධ ගැටලු ආදී ගැටලු ගණනාවක් මධ්‍යයේ වුව ද ශ්‍රී ලාංකීය ප්‍රජාව වෙනුවෙන් තම වෘත්තීය වගකීම අභිබවා ගිය මානුෂීය සහ ජාතික වගකීමක් ඔවුන් විසින් ඉටු කරනු ලබයි.

එවන් අහිතකර වෘත්තීය පරිසර තත්ත්වයන් කළමනාකරණය කර ගනිමින් සේවයේ යෙදෙන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව පිළිබඳ බරපතල අවිනිශ්චිතතාවයක් ඇති කිරීමට පසුගිය සතියේ අනුරාධපුර ශික්ෂණ රෝහලේදී සිදුවුණු අවාසනාවන්ත සිදුවීම හේතු වී ඇත. විශේෂයෙන් වෛද්‍යවරියන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සහෝදර සේවිකාවන් ඇතුළු සියලු දෙනාට අනාරක්ෂිත පරිසර තත්ත්වයන් යටතේ සෞඛ්‍ය සේවාවන් සැපයීමට සිදුවීම, මේ මොහොතේදී හෝ ප්‍රමුඛතාවය ලබා දී විසඳිය යුතු ගැටලුවකි.

මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ලබා දුන් යෝජනා වේගයෙන් ක්‍රියාත්මක කිරීමට දැන්වත් සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගනු ඇතැයි අපි විශ්වාස කරමු.

අතෘප්තිකර සහ අනාරක්ෂිත පරිසර තත්ත්වයන් යටතේ වුවද, දැඩි කැපවිමෙන් රෝගී සත්කාර සේවාවන් සපයන වෛද්‍ය සේවාවේ වටිනාකම මෙවර අයවැය යෝජනා හරහා අසාධාරණ ලෙස අවතක්සේරුවට ලක් වී ඇති බව මෙරට සමස්ත විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ වෛද්‍යවරුන්ගේ මතයයි.

වෛද්‍යවරුන් තම සාමාන්‍ය රාජකාරියට අමතරව රාජකාරි ගණනාවක් ඉටුකරන අතර සාමාන්‍ය රාජකාරී වේලාවෙන් අනතුරුව ද අඛණ්ඩව වසරේ සෑම දිනකම පැය 24  පුරා රෝගී සත්කාර සේවාවන් පවත්වාගනිමින් සිදුකරන සුවිශිෂ්ට සේවාව වෙනුවෙන් අමතර රාජකාරි දීමනාවට සුවිශේෂී අගයක් සහ අනුපාතයක් ලබා දී ඇත. එය මෙවර අයවැයෙන් 50% කින් අඩු කර ඇත.

මූලික වැටුපෙන් 1/20 ක් ලෙස ලබාදුන් නිවාඩු දින/ඉරිදා දීමනාව ද, 1/30 ක් දක්වා අඩු කිරීමෙන්, එම දිනවලදී වෛද්‍යවරුන් රාජකාරියේ යෙදීම අධෛර්යමත් කර ඇත.

වෛද්‍යවරුන්ට පමණක් සුවිශේෂී සහ අනන්‍ය වූ අමතර රාජකාරි දීමනාව සහ එහි අගයන් අතීතයේ සිටම නිර්ණය කරනු ලැබුවේ මහා භාණ්ඩාගාරය ඇතුළු අදාළ සියලු පාර්ශවයන්හි එකඟතාවයෙනි. නමුත් මෙවර අයවැයේදී වෛද්‍ය සේවාවේ සුවිශේෂී බව ද නොසලකා හරිමින් කිසිදු පාර්ශවයක් සමග සාකච්ඡාවකින් හෝ එකඟතාවයකින් තොරව නිලධාරීන් කිහිපදෙනෙකුගේ මැදිහත්වීමෙන් ප්‍රකාශයට පත් වූ මෙම අත්තනෝමතික තීරණය හේතුවෙන් වෛද්‍යවරුන්, රජය, මහජනතාව ඇතුළු පාර්ශව ගණනාවක් අවසානයේ අපහසුතාවයට පත් වී සිටි.

සියලු පිළිගත් ක්‍රමවේද උල්ලංඝනය කරමින්, ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය පද්ධතිය තුල අනවශ්‍ය අර්බුදයක් නිර්මාණය කිරීමට මූලික වූ මෙම තීරණය ගැනීමට සැබෑ හේතු සහ පසුබිම තවමත් නිවැරදිව පැහැදිලි කිරීමට වගකිවයුත්තන් සමත් වී නැත.

ඉතිහාසයේ නොවූ පරිදි වෛද්‍යවරුන් රට හැර යන මොහොතක, ඔවුන් රට තුළ සහ සෞඛ්‍ය පද්ධතිය තුළ රැඳී සිටීම දිරිමත් කිරීම සඳහා වැඩපිළිවෙළක් නිර්මාණය කිරීම වගකිවයුත්තන්ගේ කාර්යභාරය වුවද, ඒ වෙනුවට මෙම තීරණ හරහා සිදුවී ඇත්තේ මෙරට වෛද්‍යවරුන් තම මව්බිමෙන් සහ නිදහස් සෞඛ්‍ය සේවාවෙන් තවත් දුරස් කිරීමයි.

මෙම සියලු ගැටලුවල අවසාන ප්‍රතිඵලය වනුයේ  මෙරට ජනතාවගේ ජීවත් වීමේ අයිතිය සුරකින නිදහස් සෞඛ්‍ය සේවාව තවත් අඩපණ වීම වන අතර, මෙම තීරණය පිටුපස සිටින නිලධාරීන් කිහිපදෙනාගේ සැගවුණු අරමුණ වනුයේ නිදහස් සෞඛ්‍ය සේවාව අඩපණ කිරීමද යන සාධාරණ සැකය මතුවී ඇත.

ඊට අමතරව වෛද්‍යවරුන් සහ රජය අතර අනවශ්‍ය ගැටුමක් නිර්මාණය කිරීමේ සැලැස්මක් ද මේ තීරණය පිටුපස පවතින්නේද යන වග විමර්ශනය කළ යුතුය.

මෙම අසාධාරණය නිවැරදි කර ගැනීම සඳහා ගරු ජනාධිපතිතුමා සහ සෞඛ්‍ය අමාත්‍යතුමා සමග සාධනීය සාකච්ඡාවන් පැවැති අතර, ගැටලුව හොඳින් වටහාගනිමින් ධනාත්මක විසඳුම් ලබාදීමට ද ඔවුන් එකඟ විය. ඒ වෙනුවෙන් අයවැය තුන්වෙනි වර කියවීම අවසන් වන 2025 මාර්තු මස 21 දිනය දක්වා කාලය ලබාදීමට ද එකඟ විය.

මෙම සාකච්ඡාවන්හිදී, රටේ ආර්ථික ඉලක්කයන්ට සහ සීමාවන්ට හානියක් නොවන පරිදි, අයවැය මඟින් වෛද්‍යවරුන්ට සිදු කළ අසාධාරණය නිවැරදි කර ගැනීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කිරීමට ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කරන ලදී.

ඒ අනුව, අමතර රාජකාරි දීමනාවේ 1/80 අගයත්,  නිවාඩු දින සහ ඉරිදා දින ගෙවීම් සඳහා 1/20 අගයත් සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වෙමින්, වැටුප් වැඩි කිරීම සඳහා වෙන් කර ඇති මූල්‍ය ප්‍රතිපාදන වල සීමාවන් කිසිසේත් ඉක්මවා නොයන පරිදි යම් එකඟ වුණු කාලයක් සඳහා එම අගයෙන් 2/3 ක ප්‍රමාණයක් මාසිකව ගෙවීමටත්, ඉන් අනතුරුව මූල්‍ය තත්ත්වය මත පදනම්ව ඉදිරි තීරණ ගැනීමටත් යෝජනා කරන ලදී.

මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා වගකිව යුතු වෘත්තිය සමිතියක් ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතිශයින් විවෘත සහ සාකච්ඡාමය ප්‍රවේශයක් අනුගමනය කරන අතර, එකඟ වූ පරිදි හෙට දිනයේදී මෙරට වෛද්‍යවරුන්ගේ සේවාවේ වටිනාකමට සාධාරණයක් ඉටුවන, වෛද්‍යවරුන් රට තුළ රැඳී සිටීම දිරිමත් වන සාධනීය තීරණයක් ගරු ජනාධිපතිතුමන් විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනු ඇතැයි සමස්ත වෛද්‍යවරුන් තරයේ විශ්වාස කරයි.

මෙරට වෛද්‍යවරුන්ගේ විශ්වාසය සුරකිමින් ගරු ජනාධිපතිතුමන් සහ සෞඛ්‍ය අමාත්‍යතුමන් එකඟ වූ තීරණ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගනිවී යැයි අප අපේක්ෂා කරන අතර, ඒ වෙනුවෙන් රජයේ ඉදිරි සැලැස්ම සහ වැඩපිළිවෙල තිරණය කිරීමේදි අදාල සියලු පාර්ශවයන්හි එකඟතාවය සහිත ක්‍රියාවලියක් හරහා මෙම ගැටලුව වඩා සාධනීය ලෙස විසදා ගැනීමට සියලු වගකිවයුත්තන් කටයුතු කරනු ඇතැයි අපි විශ්වාස කරමු.

සම්බන්ධිත පුවත් | Related News

පාතාල නායකයෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා, හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩ තහනම් කරන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉල්ලා සිටි බව කියන රුපියල් මිලියන 300 ක අල්ලසක් ගෙවීම ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තමන් තංගල්ලේ රඳවාගෙන සිටින බවට චෝදනා කර තිබේ.
ශ්‍රී ලංකා රජය, පදනම් විරහිත ජන සංහාර චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.
තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කර ඇත.
යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා වන මහාචාර්ය ශ්‍රී සත්ගුණරාජ් මහතා වෙසක් පොහෝ දින විශ්ව විද්‍යාල සිසුන් සමඟ අට සිල් සමාදන් වී තිබේ.
මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.
කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා පත් කිරීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට පළාත් පාලන කොමසාරිස්වරයා තීරණය කර තිබේ.
මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සේවකයින් 6,000ක් පමණ සේවයෙන් ඉවත්කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.
නි. අමාත්‍ය චතුරංග අබේසිංහ පසුගිය මැතිවරණ සමයේ සිය පාක්ෂිකයන්ට මත්ද්‍රව්‍ය ලබාදුන් සියලු විපක්ෂ සාමාජිකයන්ගේ නම් හෙළිකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.

ප්‍රධාන පුවත්

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..

බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.