කැපූ දීමනා නොදුන්නොත්... GMOA එකෙන් නිවේදනයක්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
මාධ්‍ය නිවේදනය
අතෘප්තිකර සහ අනාරක්ෂිත පරිසරයක් තුළ රෝගී සත්කාර සේවාවන් සපයන වෛද්‍යවරුන්ගේ සේවාවේ වටිනාකම අයවැය හරහා අවතක්සේරු කිරීමේ ගැටලුව සඳහා එකඟ වූ විසඳුම් ක්‍රියාත්මක කිරීම.
ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය පද්ධතිය තුල, ජාත්‍යන්තරයේ පවා ඉහළ පිළිගැනීමක් ලබා ඇති රෝගී සත්කාර සේවාවන්, වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විසින් සපයනුයේ අවම වැටුපක් ලබමින් අහිතකර වෘත්තීය පරිසරයක් තුළය. ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති වීම, නිල නිවාස නොමැතිවීම, ප්‍රවාහන ගැටලු, ඖෂධ ගැටලු ආදී ගැටලු ගණනාවක් මධ්‍යයේ වුව ද ශ්‍රී ලාංකීය ප්‍රජාව වෙනුවෙන් තම වෘත්තීය වගකීම අභිබවා ගිය මානුෂීය සහ ජාතික වගකීමක් ඔවුන් විසින් ඉටු කරනු ලබයි.
එවන් අහිතකර වෘත්තීය පරිසර තත්ත්වයන් කළමනාකරණය කර ගනිමින් සේවයේ යෙදෙන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව පිළිබඳ බරපතල අවිනිශ්චිතතාවයක් ඇති කිරීමට පසුගිය සතියේ අනුරාධපුර ශික්ෂණ රෝහලේදී සිදුවුණු අවාසනාවන්ත සිදුවීම හේතු වී ඇත. විශේෂයෙන් වෛද්‍යවරියන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සහෝදර සේවිකාවන් ඇතුළු සියලු දෙනාට අනාරක්ෂිත පරිසර තත්ත්වයන් යටතේ සෞඛ්‍ය සේවාවන් සැපයීමට සිදුවීම, මේ මොහොතේදී හෝ ප්‍රමුඛතාවය ලබා දී විසඳිය යුතු ගැටලුවකි.
මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ලබා දුන් යෝජනා වේගයෙන් ක්‍රියාත්මක කිරීමට දැන්වත් සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගනු ඇතැයි අපි විශ්වාස කරමු.
අතෘප්තිකර සහ අනාරක්ෂිත පරිසර තත්ත්වයන් යටතේ වුවද, දැඩි කැපවිමෙන් රෝගී සත්කාර සේවාවන් සපයන වෛද්‍ය සේවාවේ වටිනාකම මෙවර අයවැය යෝජනා හරහා අසාධාරණ ලෙස අවතක්සේරුවට ලක් වී ඇති බව මෙරට සමස්ත විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ වෛද්‍යවරුන්ගේ මතයයි.
වෛද්‍යවරුන් තම සාමාන්‍ය රාජකාරියට අමතරව රාජකාරි ගණනාවක් ඉටුකරන අතර සාමාන්‍ය රාජකාරී වේලාවෙන් අනතුරුව ද අඛණ්ඩව වසරේ සෑම දිනකම පැය 24 පුරා රෝගී සත්කාර සේවාවන් පවත්වාගනිමින් සිදුකරන සුවිශිෂ්ට සේවාව වෙනුවෙන් අමතර රාජකාරි දීමනාවට සුවිශේෂී අගයක් සහ අනුපාතයක් ලබා දී ඇත. එය මෙවර අයවැයෙන් 50% කින් අඩු කර ඇත.
මූලික වැටුපෙන් 1/20 ක් ලෙස ලබාදුන් නිවාඩු දින/ඉරිදා දීමනාව ද, 1/30 ක් දක්වා අඩු කිරීමෙන්, එම දිනවලදී වෛද්‍යවරුන් රාජකාරියේ යෙදීම අධෛර්යමත් කර ඇත.
වෛද්‍යවරුන්ට පමණක් සුවිශේෂී සහ අනන්‍ය වූ අමතර රාජකාරි දීමනාව සහ එහි අගයන් අතීතයේ සිටම නිර්ණය කරනු ලැබුවේ මහා භාණ්ඩාගාරය ඇතුළු අදාළ සියලු පාර්ශවයන්හි එකඟතාවයෙනි. නමුත් මෙවර අයවැයේදී වෛද්‍ය සේවාවේ සුවිශේෂී බව ද නොසලකා හරිමින් කිසිදු පාර්ශවයක් සමග සාකච්ඡාවකින් හෝ එකඟතාවයකින් තොරව නිලධාරීන් කිහිපදෙනෙකුගේ මැදිහත්වීමෙන් ප්‍රකාශයට පත් වූ මෙම අත්තනෝමතික තීරණය හේතුවෙන් වෛද්‍යවරුන්, රජය, මහජනතාව ඇතුළු පාර්ශව ගණනාවක් අවසානයේ අපහසුතාවයට පත් වී සිටි.
සියලු පිළිගත් ක්‍රමවේද උල්ලංඝනය කරමින්, ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය පද්ධතිය තුල අනවශ්‍ය අර්බුදයක් නිර්මාණය කිරීමට මූලික වූ මෙම තීරණය ගැනීමට සැබෑ හේතු සහ පසුබිම තවමත් නිවැරදිව පැහැදිලි කිරීමට වගකිවයුත්තන් සමත් වී නැත.
ඉතිහාසයේ නොවූ පරිදි වෛද්‍යවරුන් රට හැර යන මොහොතක, ඔවුන් රට තුළ සහ සෞඛ්‍ය පද්ධතිය තුළ රැඳී සිටීම දිරිමත් කිරීම සඳහා වැඩපිළිවෙළක් නිර්මාණය කිරීම වගකිවයුත්තන්ගේ කාර්යභාරය වුවද, ඒ වෙනුවට මෙම තීරණ හරහා සිදුවී ඇත්තේ මෙරට වෛද්‍යවරුන් තම මව්බිමෙන් සහ නිදහස් සෞඛ්‍ය සේවාවෙන් තවත් දුරස් කිරීමයි.
මෙම සියලු ගැටලුවල අවසාන ප්‍රතිඵලය වනුයේ මෙරට ජනතාවගේ ජීවත් වීමේ අයිතිය සුරකින නිදහස් සෞඛ්‍ය සේවාව තවත් අඩපණ වීම වන අතර, මෙම තීරණය පිටුපස සිටින නිලධාරීන් කිහිපදෙනාගේ සැගවුණු අරමුණ වනුයේ නිදහස් සෞඛ්‍ය සේවාව අඩපණ කිරීමද යන සාධාරණ සැකය මතුවී ඇත.
ඊට අමතරව වෛද්‍යවරුන් සහ රජය අතර අනවශ්‍ය ගැටුමක් නිර්මාණය කිරීමේ සැලැස්මක් ද මේ තීරණය පිටුපස පවතින්නේද යන වග විමර්ශනය කළ යුතුය.
මෙම අසාධාරණය නිවැරදි කර ගැනීම සඳහා ගරු ජනාධිපතිතුමා සහ සෞඛ්‍ය අමාත්‍යතුමා සමග සාධනීය සාකච්ඡාවන් පැවැති අතර, ගැටලුව හොඳින් වටහාගනිමින් ධනාත්මක විසඳුම් ලබාදීමට ද ඔවුන් එකඟ විය. ඒ වෙනුවෙන් අයවැය තුන්වෙනි වර කියවීම අවසන් වන 2025 මාර්තු මස 21 දිනය දක්වා කාලය ලබාදීමට ද එකඟ විය.
මෙම සාකච්ඡාවන්හිදී, රටේ ආර්ථික ඉලක්කයන්ට සහ සීමාවන්ට හානියක් නොවන පරිදි, අයවැය මඟින් වෛද්‍යවරුන්ට සිදු කළ අසාධාරණය නිවැරදි කර ගැනීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කිරීමට ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කරන ලදී.
ඒ අනුව, අමතර රාජකාරි දීමනාවේ 1/80 අගයත්, නිවාඩු දින සහ ඉරිදා දින ගෙවීම් සඳහා 1/20 අගයත් සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වෙමින්, වැටුප් වැඩි කිරීම සඳහා වෙන් කර ඇති මූල්‍ය ප්‍රතිපාදන වල සීමාවන් කිසිසේත් ඉක්මවා නොයන පරිදි යම් එකඟ වුණු කාලයක් සඳහා එම අගයෙන් 2/3 ක ප්‍රමාණයක් මාසිකව ගෙවීමටත්, ඉන් අනතුරුව මූල්‍ය තත්ත්වය මත පදනම්ව ඉදිරි තීරණ ගැනීමටත් යෝජනා කරන ලදී.
මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා වගකිව යුතු වෘත්තිය සමිතියක් ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතිශයින් විවෘත සහ සාකච්ඡාමය ප්‍රවේශයක් අනුගමනය කරන අතර, එකඟ වූ පරිදි හෙට දිනයේදී මෙරට වෛද්‍යවරුන්ගේ සේවාවේ වටිනාකමට සාධාරණයක් ඉටුවන, වෛද්‍යවරුන් රට තුළ රැඳී සිටීම දිරිමත් වන සාධනීය තීරණයක් ගරු ජනාධිපතිතුමන් විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනු ඇතැයි සමස්ත වෛද්‍යවරුන් තරයේ විශ්වාස කරයි.
මෙරට වෛද්‍යවරුන්ගේ විශ්වාසය සුරකිමින් ගරු ජනාධිපතිතුමන් සහ සෞඛ්‍ය අමාත්‍යතුමන් එකඟ වූ තීරණ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගනිවී යැයි අප අපේක්ෂා කරන අතර, ඒ වෙනුවෙන් රජයේ ඉදිරි සැලැස්ම සහ වැඩපිළිවෙල තිරණය කිරීමේදි අදාල සියලු පාර්ශවයන්හි එකඟතාවය සහිත ක්‍රියාවලියක් හරහා මෙම ගැටලුව වඩා සාධනීය ලෙස විසදා ගැනීමට සියලු වගකිවයුත්තන් කටයුතු කරනු ඇතැයි අපි විශ්වාස කරමු.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..