අමෙරිකා එක්සත් ජනපදයේ නව තීරු බදු ඉහළ නැංවීම ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරයට දැඩි බලපෑමක් එල්ල කරනවා- ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය
ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ නව තීරු බදු ප්‍රතිපත්තිය මෙරට ආර්ථික ස්ථාවරත්වයට දැඩි බලපෑමක් එල්ල කරන බවයි.
එමගින් වැඩිදුරටත් කරුණු දක්වමින් වාණිජ මණ්ඩලය පවසන්නේ තීරු බදු ඉහළ දැමීම සම්බන්ධයෙන් වාණිජ මණ්ඩලය දැඩි අවධානයක් යොමුකර තිබෙන බවත්, ඇමරිකා එක්සත් ජනපදයට මෙරටින් වසරකට ඩොලර් බිලියන තුනක භාණ්ඩ අපනයනය කෙරෙන බවත් පවසන එය මෙරට සමස්ත අපනයන ආදායමෙන් සියයට විසිපහක් (25%)ක් බවයි.
එලෙසම ඇමරිකාව තීරු බදු ඉහළ නැංවීම හේතුවෙන් ලෝක වෙළෙඳපොළට සහ සැපයුම් ජාලාවලටත් යම් බලපෑමක් එල්ල කරන බව පෙන්වා දෙන එම නිවේදනය යුරෝපයේ සහ ඇමරිකාවේ පවතින දීර්ඝ කාලීන ව්‍යාපාරවලට ද එය බලපෑමක් එල්ල කරන බව පෙන්වා දෙයි.
කෙසේ වුවද මේ සම්බන්ධව සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් වානිජ මණ්ඩලය සතුටු වන බවද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව පවත්වාගෙන යන මූල්‍ය ප්‍රතිපත්තියට ද අමෙරිකානු එක්සත් ජනපද ආණ්ඩුව කළ තීරු බදු ඉහළ නැංවීම බලපෑම් ඇතිකළ හැකි බවද වානිජ මණ්ඩලය අවධාරණය කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..