ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
පළාත් පාලන ඡන්දයේදී ජාතික ජන බලවේගය නොදිනන ආයතනවලට රාජ්‍ය මූල්‍ය වෙන් නොකරන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ගැන වහා රටට පැහැදිලි කිරීමක් කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කොමිසමට ලිපියක් මගින් දැනුම් දී ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමයේ මැදිහත්වීමෙන් පක්ෂ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් විසින් මෙම ලිපිය එම කොමිසමට භාරදෙනු ලැබ තිබේ.
ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය මුදල් ඇමතිවරයා වශයෙන් කළ බරපතළ සිදුවීමක් සේ සලකා කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නැයි මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කළේ යැයි සාගර කාරියවසම් මහතා ‘මව්බිම’ට පැවසීය.
මැතිවරණ කොමිසම ඒ ගැන ජනාධිපති ලේකම්වරයාට ලිපියක් මගින් දැනුම් දුන් බව එහි සභාපතිවරයා තමන්ට පැවැසූ නමුත් එය කිසිසේත් ප්‍රමාණවත් නොවන බව පවසමින් සිදුවීම ගැන මැතිවරණ කොමිසමේ මතය රටට කියන ලෙස අවධාරණය කළේ යැයි මහලේකම්වරයා කීය.
අනුර කුමාර දිසානායක ජාතික ජන බලවේගය මෙහෙයවමින් ජනාධිපති ධූරයට පත් වූයේ ද ජනතාවට බොරු පොරොන්දු දී යැයි චෝදනා කළ කාරියවසම් මහතා මහ මැතිවරණයේදී තුනෙන් දෙකක බලයක් ගැනීමට භාවිත කළේ ද එම මඟ ම යැයි කීවේය.
ජනාධිපතිවරයාගේ මෙම සාහසික ප්‍රකාශයෙන් පෙනෙන්නේ ජාතික ජන බලවේගය පළාත් පාලන ඡන්දයේදී ද එම උපක්‍රමය භාවිත කරමින් සිටින බව යැයි ද පොදුජන පෙරමුණේ ලේකම්වරයා කීය.
පළාත් පාලන ආයතනවලට මුදල් වෙන් නොකිරීමට ජනාධිපතිවරයාට කිසිදු හැකියාවක් මෙන් ම බලයක් නැතැයි කී හෙතෙම සියලු පළාත් පාලන ආයතනවලට රාජ්‍ය මූල්‍ය වෙන් වන්නේ නීතිය අනුව යැයි ද කීවේය.
ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් මැදිහත් වුවත් නැතත් අදාළ මුදල් පළාත් පාලන ආයතනවලට ලැබෙන්නේ යැයි ද මහලේකම්වරයා වැඩිදුරට ත් පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි