News Category
From Date
To Date
Maximum Number of Result

මෙරට මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඉදිරියට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් කාර්යාලයේ සහාය ලබාගැනීමට අවශ්‍ය නොමැති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය අද (27) ආරම්භ වීමට නියමිතව තිබේ. කාරක සභා අවස්ථා විවාදය අද පෙරවරු 10 සිට පස්වරු 6 දක්වා පැවැත්වීමට නියමිත අතර ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ වැය ශීර්ෂයන් ඇතුළු මුදල් අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂයන් පිළිබඳ විවාදය එහිදී සිදුකිරීමට නියමිතය.

කොටහේන ප්‍රදේශයේ මෑතකදී සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ගේ මරණ පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල වැඩබලන පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලා තිබේ. හැකි ඉක්මනින් වාර්තාව ඉදිරිපත් කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇති බව අමාත්‍ය විජේපාල ජනමාධ්‍ය වෙත පවසා ඇත.

සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන්කළ මුදල් අවභාවිත කිරීමට ආධාර අනුබල දෙමින් රජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් මඟනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරීන් දෙදෙනකු ලබන 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ඊයේ (25දා) නියෝග කළාය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව ගුවන් යානා ඇණියක් ප්‍රතිස්ථාපන කිරීමේදී සිදු වූ බව කියන මුදල් ගනු දෙනුවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. 2013 වසරේ සිදු වූ එයාර් බස් ගනු දෙනුවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට නියමිතය.

මේ අවස්ථාවේදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් උපයන ඩොලර් මුදල් සඳහා බදු මුදල් අය කරගැනීමට සිදුවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

රුසියානු - යුක්‍රේන යුදමය තත්වය රුසියානු ජයග්‍රහණය දෙසට තල්ලු වෙමින් පවතින බවත් ඉන් පසුව ලෝකයේ තත්වයන් වෙනස් වනු ඇතැයි ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති LEVAN S. DZHAGARYAN මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ ”‍යුක්‍රේන ප්‍රොක්සි යුද්ධය : ඇත්ත සහ බොරුව”‍ (Ukraine Proxy War: The Truth and Lies) නමින් ‘අධිරාජ්‍ය විරෝධී ජාතික සංසදය‘ විසින් සංවිධානය කළ ඡායාරූප ප‍්‍රදර්ශනය හා සම්මන්ත‍්‍රණය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද අවධාරණය කළේය. ‘‘රුසියාව කිසිම විටක යුරෝපා ජාතීන් සහ ඇමෙරිකානු වැසියන්ට කිසිදු විරුද්ධත්වයක් නැති බවත් රුසියාව තුළ ඇත්තේ සමස්ත අධිරාජ්‍යවාදයට එරෙහිව සටනක් පමණක් බවයි. “

බටහිර අධිරාජ්‍යවාදීන් තමන්ගේ අවි ආයුධ යුක්‍රේනයට ලබාදීම හරහා බලාපොරොත්තු වූයේ රුසියාව පරාජය කිරීමට හැකිවනු ඇතැයි කියා වුවද, නමුත් ගතවූ කාලයේ දී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඇතුළු ජනතාවට බටහිර කඳවුරේ යුද උපායික උවමනාව පරාජය කරා ගමන්කරවීමට හැකිවී ඇති බවද ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

වසර 3ක් තිස්සේ පවතින රුසියාවට එරෙහි යුක්රේන යුද්ධය පිළිබඳව මෙරට ජනයා තුළ පවතින ආකල්පය නිර්මාණය කර ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදයෙන්, යුරෝපා සංගමයෙන් සහ ඔවුන්ට හිතවාදී රටවලින් මෙන්ම එම රටවලට සමීප මෙරට දේශපාලන සහ සමාජ කණ්ඩුයම්වලින් විසින් බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.


ප්‍රධාන පුවත්

කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..

කළු ජූලිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෑතකදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ කනගාටුව සහ සමාව අයැදීම සාදරයෙන් පිළිගන්නා බව පවසමින්, එවකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ සහ මහාචාර්ය අතුල සුමතිපාල යන මහත්වරුන් විසින් විපක්ෂ නායකවරයා වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.

අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය මඟින් ශ්‍රී ලංකා ජනරජය තුළ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති අතර, බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සහ සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් බව පැහැදිලිව සඳහන් කර ඇති බවත්, එබැවින් බෞද්ධ ආගමික සංකේතයක් වන චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය පියවර ගැනීමේදී මීට වඩා ඉතා සැලකිලිමත්ව කටයුතු කළ යුතු වුවද, එවැන්නක් සිදුවී නොමැති බවත් ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා පවසයි.

2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, 2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළ ගොස් තිබේ.

ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ

බද්දේගම නගර ශාලාවේදී ඊයේ (11) පැවැති දේශපාලන සම්මන්ත්‍රණයක අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වත්මන් ආණ්ඩුවේ දෙවසරක පාලනය දැඩි ලෙස විවේචනය කරමින්, ආර්ථික කළමනාකරණය, විදේශ සබඳතා, බුද්ධ ශාසනය, රණවිරුවන් සම්බන්ධ නඩු කටයුතු සහ රටේ භෞමික අඛණ්ඩතාව සම්බන්ධයෙන් බරපතළ විවේචන රැසක් මතු කළේය.

ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..

රුසියානු ඩීසල් සැපයුම් සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක තාවකාලිකව අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය හදිසියේ ගත් තීරණයත් සමඟ ජාත්‍යන්තර දේශපාලන කරළිය දැඩි උණුසුම් වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡෙදය රට බවත්, දෙවන පරිච්චේඡද ආගම නොව බුද්ධාගම බවත්, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවති.

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කිරීමට නොයන ලෙසත්, ජනාධිපතිවරයා උතුරට ගොස් 'කිසිම ජාතිවාදයකට නැගිටින්න දෙන්නේ නෑ' යැයි පවසන බවත්, එසේ නම් උතුරේ නැගිටින දෙමළ ජාතිවාදය ද නතර කළ යුතු බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..

මෙරට පෞද්ගලික ඉන්ධන සමාගම් සතුව දැනට මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ක්ෂණික ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, එහෙත්, දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ඉදිරි මාසවලදී අඛණ්ඩ ඉන්ධන සැපයුම පවත්වාගෙන යෑම සඳහා රජය පැහැදිලි උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ඉන්ධන ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් සාර්ථකව අත්පත් කරගත් ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, රටේ ඉදිරි ආර්ථික වර්ධනය තවදුරටත් වේගවත් කිරීම උදෙසා ඉදිරියේදී තවත් නව එකඟතාවකට එළඹීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..

මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.