
කැනඩාවේ LTTE ඊළාම් ස්මාරකයක් විවෘත කරලා..
කැනඩාවේ වෙසෙන දෙමළ ජාතිකයින් පිරිසක් එරට බ්‍රැම්ප්ටන් නගරයේ ඉදිකළ, LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට වන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය.
මේ සම්බන්ධයෙන් කැනඩාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයෙන් වාර්තාවක් කැඳවීමට බලාපොරොත්තු වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇති අතර, කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දෙමළ ජාතිකයින් පිරිසක් විසින් එරට බ්‍රැම්ප්ටන් නගරයේ ඉදිකරනු ලැබූ ස්මාරකයක් පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ මේවනවිට වීඩියෝපට කිහිපයක් සංසරණය වෙයි.
සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ සටහන් මගින් ඔවුන් සඳහන් කර ඇත්තේ, 2021දී යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකළ අනුස්මරණ ස්මාරකය විනාශ කිරීමට ලක්රජය කටයුතු කිරීමට ප්‍රතිචාර වශයෙන් මෙම ස්මාරකය ඉදිකළ බවය.
කැනේඩියානු දෙමළ ජාතික කවුන්සිලය ඇතුළු කැනඩාවේ සිටින දෙමළ සංවිධානවල අනුග්‍රහයෙන් ඉදිකර ඇති මෙම ස්මාරකය, LTTE සංවිධානය නිර්මාණය කළ බවට පැවසෙන දෙමළ ඊළාම් සිතියම ද ඇතුළත් කරමින් ස්ථාපනය කර ඇති අයුරු දැකගත හැකිය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
