News Category
From Date
To Date
Maximum Number of Result

පේරාදෙණිය විශ්ව විද්‍යාල සිසුන් වසරක් පාසා ගලහා හන්දියේ නිර්මාණය කළ පහන් කූඩුව පාලන අධිකාරියෙන් තහනම් කරලා..

May 13, 2025 at 08:29 AM
|

පේරාදෙණිය විශව විද්‍යාල සිසුන් වසරක් පාසා ගලහා හන්දියේ නිර්මාණය කළ පහන් කූඩුව විශ්ව විද්‍යාල පාලන අධිකාරය  තහනම් කර ඇති බවට පුවතක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

එම සටහන පහළින්..

2002 සිට පේරදෙනිය විශ්ව විද්යාලයේ වෛද්‍ය පීඨ සිසුන් විසින් වසරක් පාසා ගලහා හන්දියේ නිර්මාණය කරන්නට යෙදුන පහන් කූඩුව විශ්ව විද්යාලීය පාලන අධිකාරිය විසින් තහනම් කර ඇත. 

ඒ වෙද්දීත් කූඩුවේ සෑහෙන කොටසක් සාදා තිබුනු බව ද පෙනී යයි. ඊයේ දිනයේ දී මේ පුවත අසන්නට ලැබීම මා හට මහත් කණගාටුවක් ගෙන දෙන්නක් විය. 

අප පේරාදෙණි විශ්ව විද්යාලයේ සිසුවන් ව සිටියදී වෙසක්, පොසොන් හෝ වෙනයම් බෞද්දාගමික සැමරීම එහි තිබුනේ නැත. එකම පහන් කූඩුව වනාහී ජයතිලක ශාලාවේ සිසුන් විසින් කාගේ හෝ සරමක් එල්ලා එය ඇතුලේ විදුලි බුබුලක් දල්වා පැටවු ලක්ශේ පහන් කූඩුව නමින් වෙසක් උත්සවය හාස්‍යයට ලක් කරනා විකාරයක් විය. 

ආගම් හාස්‍යයට ලක් කරනාවුන් ට දඬුවම් දෙන 2007 අංක 56 දරණ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්යන්තර සම්මුති (ICCPR) පනත නොතිබූ එකල එවැනි ගොං පාට් දැමීම සාමාන්ය දෙයක් විය. මා ආවසන් වසර දන්ත වෛද්‍ය සිසුවෙකු සිටියදී අභාවයට ගොස් තිබූ දන්ත වෛද්‍ය පීඨ බෞද්ද සහෝදර සංගමය නැවත ගොඩ නැගීමට උත්සාහ කරද්දී එයට ජේශ්ඨ භාන්ඩාගාරික කෙනෙකු පත් කර ගැනීමට තිබුනු අපහසුව පුදුමාකාරය. බෞද්ද නම ගෑවී තිබුනු කිසිම දේකට එක් වීම එකල ආචාර්ය මංඩලය ප්‍රතික්ශේප කරන තත්වයක් මත ලේකම් ලෙස එම සංගමය යලි පිහිටුවා ගැනීමට මා හට හැකි විය. 

පසුව වෛද්ය පීඨ ආචාර්ය මංඩලයට බැඳුනු මා ආචාර්ය උපාධිය නිමවා ලංකාවට පැමින සේවයට වාර්තා කර පැවැත්වෙන්නට යෙදුනු පළමු පීඨ රැස්වීමේ දීම වෛද්ය පීඨ ශිශ්‍ය සංගමේ ජේශ්ඨ භාන්ඩාගාරික ධූරය ආදරයෙන් මගේ ඇඟේ ගසන්නට (එම තනතුරු දැරුවාට උසස්වීමෙ ලකුණු නොතිබූ එකල ) මා මිත්‍ර වර්තමාන මහාචාර්ය සමත් ධර්මරත්න මහතා උත්සුක විය. 

ඒ වසරේ වෛද්ය පීඨ ශිශ්ය සංගමේ ක්‍රියාකාරීන් වූවේ ඕනෑම දේකට සාර්ථකව මුහුණ දෙන්නට සමත් වැඩ්ඩන් සැට් එකකි. කායව්‍යච්චෙද දෙපාර්තමේන්තුවට සහ අනෙකුත් පළමු වසර අධ්‍යයන අංශ වලට නව ගොඩනැගිල්ලක් විවෘහ වුනු ඒ වසරේ එයට සමගාමීව වෛද්‍ය සිසුන් ට කපා කොටා අධ්‍යයනය කිරීමට තම සිරුරු දන් දුන් මලගිය ඇත්තන් ට පිරිතක් කියවා, දානයක් දී ට පින් පමුණුවීමේ අදහසක් වෛද්ය ශිශ්‍ය සංගමයට පහල විය. ජේශ්ඨ භාන්ඩාගාරික ලෙස එම අදහස පීඨ මංඩලයට ගෙන ගිය මා හට එල්ල වූයෙ නොසිතූ අන්දමේ බරපතල විරෝධයකි.

කොටින්ම කියනවානම් කිසිම ආකාරයක බෞද්දාගමික වැඩක් කිරීමට ඉඩක් නොදෙන වාතාවරනයක් මැද, නොයෙකුත් තර්ජන ගර්ජන මැද විශ්ව විද්යාල පණතේ ඇති ප්‍රතිපාදන සහ  ජේශ්ඨ භාන්ඩාගාරික ලෙස ඇති බලතල පාවිච්චි කර මා තර්ක විතර්ක කරමින් සිටිනා අතර, නිසි අවසරයකින් තොරව මහ රෑ බුදු පිලිමට තැන්පත් කිරීම සිශ්යයන් විසින් සිදු කරන ලදී. පසුදින පැවති විශේශ පීඨ රැස්වීමේ දී එය වහාම ඉවත් කරන ලෙසට මා හට තර්ජනාංගුලිය එල්ල වෙද්දී මා පැවසුවේ එම පිලිමය මා විසින් තැන්පත් කලේ නැති බවත්, කැමති කෙනෙකුට එය ගලවා ඉවත් කල හැකි බවත්, එසේ සිදු කර වස් වැදීමකට ලක් වූවේ නම් මා හට ඒ පිලිබඳව වගකීමක් ගත නොහැඛි බවත් ය. බෞද්ද වැඩ කටයුතු ව්ලට අවි අමෝරාගත් ආචාර්ය මහාචාර්ය වරු වස් වදිනවාට බියෙන් ඒ ගැන වාද කිරීම එතැනින් අවසන් කල අතර එම බුදුපිලිමය අදටත් කායව්යච්චේද දෙපාර්තමේන්තු පරිශ්‍රයේ විරාජමාන වේ!! මේ ගැන සම්පූර්ණ විස්තරය මහාචාර්ය චන්න ජයසුමන ගේ පොතක සඳහන් වේ. 

වෛද්‍ය පීඨ ඉතිහාසයේ පළමු වරට ගලහ හන්දියේ සිට හේවිසි හොරණෑ පෙටටුකොටගත් මහා බුදු පෙරහරකින් ධාතු කරඬුව වඩම්මවා සර්ව රාත්‍රික පිරිතක් ද සංඝ ගත දක්ශිනාවක් ද ඩීමට එම සිසු දරුවෝ සමත් වූහ.

එම වසරේ වෙසක් උත්සවය වෙනුවෙන් මහා පහන් කූඩුවක් නිර්මාණය කිරීමට ඔවුන් අවශ්‍ය බව සිශ්‍ය සංගමය පවස්ද්දී, කලින් සිදු වූ බාධා නිසාම මා කලේ මාස දෙකකටත් ප්‍රථමයෙන්  උපකුලපති කාර්යාලයට ලියුමක් ලියා ලිඛිත අවසරයක් ලබා ගැනීමයි. 

ඊට සති කීපයකට පසු ශිශ්‍යයන් විසින් ගලහා කූඩුව තැනීමට පටන් ගත් විට අර බෞද්ද විරෝදී කන්ඩායම් නැවතත් මහා කාලගෝට්ටියක් නටන්නට විය. එවකට බලවත් තනතුරු දැරූ ආචාර්ය මහාචාර්ය කීපදෙනෙකු මට පැවසූවේ මා එම කූඩු තැනීමට ඉඩ දිය යුතු නැති බවයි. ඒ සියල්ලන්ට ම මා ශිස්ය සංගමය විසින් (මගේ උපදෙස් මත ) මගෙන් අවසර ඉල්ලා ලියූ ලියුමේ චායා පිටපත් ලබ දුන්නෙමි. කුපිත වූ ඔවුන් උප කුලපති වරයා හමු වී කූඩුව හැදීම නැවැත්වීමට උත්සාහ කල ද, බෞද්ද විරෝදීන් ගේ බලපෑම් ගැන නොදැණුවත්වම මාස දෙකකට කලින් ම ඔහු තම අවසරය දී ඇති බව උපකුලපතිවරයා පෙන්නා දුන්නේය.

කූඩුව හදන්නට පෙර ශ්ශ්යයන් විසින් මගේ රෙකමදාරුව ද සහිතව ලියූ ලිපියක් රැගෙන ගොස් උපකුලපතිතුමා හමු වී කූඩුවේ ස්මාරම්භක උත්සවයට පැමින එය විවෘත කරනා ලෙස ඉල්ලීමක් කලේය. වෛද්ය පීඨ කූඩු විරෝදීන් නිසා චූන් වී සිටි උපකුලපතිවරයා එම ඉල්ලීම එකහෙලාම ප්‍රතික්ශේප කල අතර සිසුන් විසින් ක්ශනිකව තීරණය කලේ එම විවෘත කිරීමට මා හට ආරාධනා කිරීමටය. මා එම ආරාධනය ගෞරවයෙන් බාරගතිමි.

ඒ අතරතුර කිසිදා පේරාදෙණි විශ්ව විද්යාල පරිශ්‍රයේ නොතැනුනු තට්ටු හතරක් හෝ පහක් විරුද්ද දිශාවට කැරකෙනා මහා පහන් කූදු රාජයෙක් ගලහා හන්දියේ ගොඩ නැගෙමින් තිබුනි. එහි සියළු නිර්මාණ කටයුතු කලේ වෛද්‍ය ශිශ්යයන් ය.

වෙසක් දින සවස හතට විවෘත කිරීමට නියමකරගෙන එම වෙලාවට මා එහි ගිය විට සිසුන් සියල්ලෝ මා වෙත පැමින කීවේ පැය බාගයකට කලින් සුදු වතින් සැරසී උපාසෙකයෙක් ලෙසින් පැමින උපකුලපති තුමා විසින් එම පහන් කූඩුව උත්සවාකාරයෙන් විවෘත කල බව ය!! කාරණාවට විරුද්ද වුනත් එය ලොකු සාර්තක උතස්වයක් නම් එහි මුල් පුටුව දරා අලියා වීම උපකුලපතිතුමා ට අත හැරිය නොහැකි දෙයක් බව අප සැම තේරුම් ගත්තෙමු!

එතැණ් සිට වසරක් පාසා වෙසක් උලෙල ට වෛද්‍ය පීඨ සිසුන් විසින් ගල්හා හන්දියේ මහා පහන් කූඩුවක් නිර්මාණ්ය කරන්නට යෙදුනි. අවාසනාවක මහත, ඊයේ මා හට දැණගන්නට ලැබුනේ විශ්ව විද්යාල පාලන අධිකාරිය එය තහනම් කල බව ය!

මා හට කිව හැක්කේ මෙපමනය; පාලන අධිකාරියේ මහතුනි, තොපට යන්නට සතර අපාය මදි බවයි!!!

- මහා වෙදමහත්තයා FB පිටුවෙන්..


සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.