
පේරාදෙණිය විශ්ව විද්‍යාල සිසුන් වසරක් පාසා ගලහා හන්දියේ නිර්මාණය කළ පහන් කූඩුව පාලන අධිකාරියෙන් තහනම් කරලා..
පේරාදෙණිය විශව විද්‍යාල සිසුන් වසරක් පාසා ගලහා හන්දියේ නිර්මාණය කළ පහන් කූඩුව විශ්ව විද්යාල පාලන අධිකාරය තහනම් කර ඇති බවට පුවතක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
එම සටහන පහළින්..
2002 සිට පේරදෙනිය විශ්ව විද්යාලයේ වෛද්‍ය පීඨ සිසුන් විසින් වසරක් පාසා ගලහා හන්දියේ නිර්මාණය කරන්නට යෙදුන පහන් කූඩුව විශ්ව විද්යාලීය පාලන අධිකාරිය විසින් තහනම් කර ඇත.
ඒ වෙද්දීත් කූඩුවේ සෑහෙන කොටසක් සාදා තිබුනු බව ද පෙනී යයි. ඊයේ දිනයේ දී මේ පුවත අසන්නට ලැබීම මා හට මහත් කණගාටුවක් ගෙන දෙන්නක් විය.
අප පේරාදෙණි විශ්ව විද්යාලයේ සිසුවන් ව සිටියදී වෙසක්, පොසොන් හෝ වෙනයම් බෞද්දාගමික සැමරීම එහි තිබුනේ නැත. එකම පහන් කූඩුව වනාහී ජයතිලක ශාලාවේ සිසුන් විසින් කාගේ හෝ සරමක් එල්ලා එය ඇතුලේ විදුලි බුබුලක් දල්වා පැටවු ලක්ශේ පහන් කූඩුව නමින් වෙසක් උත්සවය හාස්‍යයට ලක් කරනා විකාරයක් විය.
ආගම් හාස්‍යයට ලක් කරනාවුන් ට දඬුවම් දෙන 2007 අංක 56 දරණ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්යන්තර සම්මුති (ICCPR) පනත නොතිබූ එකල එවැනි ගොං පාට් දැමීම සාමාන්ය දෙයක් විය. මා ආවසන් වසර දන්ත වෛද්‍ය සිසුවෙකු සිටියදී අභාවයට ගොස් තිබූ දන්ත වෛද්‍ය පීඨ බෞද්ද සහෝදර සංගමය නැවත ගොඩ නැගීමට උත්සාහ කරද්දී එයට ජේශ්ඨ භාන්ඩාගාරික කෙනෙකු පත් කර ගැනීමට තිබුනු අපහසුව පුදුමාකාරය. බෞද්ද නම ගෑවී තිබුනු කිසිම දේකට එක් වීම එකල ආචාර්ය මංඩලය ප්‍රතික්ශේප කරන තත්වයක් මත ලේකම් ලෙස එම සංගමය යලි පිහිටුවා ගැනීමට මා හට හැකි විය.
පසුව වෛද්ය පීඨ ආචාර්ය මංඩලයට බැඳුනු මා ආචාර්ය උපාධිය නිමවා ලංකාවට පැමින සේවයට වාර්තා කර පැවැත්වෙන්නට යෙදුනු පළමු පීඨ රැස්වීමේ දීම වෛද්ය පීඨ ශිශ්ය සංගමේ ජේශ්ඨ භාන්ඩාගාරික ධූරය ආදරයෙන් මගේ ඇඟේ ගසන්නට (එම තනතුරු දැරුවාට උසස්වීමෙ ලකුණු නොතිබූ එකල ) මා මිත්‍ර වර්තමාන මහාචාර්ය සමත් ධර්මරත්න මහතා උත්සුක විය.
ඒ වසරේ වෛද්ය පීඨ ශිශ්ය සංගමේ ක්‍රියාකාරීන් වූවේ ඕනෑම දේකට සාර්ථකව මුහුණ දෙන්නට සමත් වැඩ්ඩන් සැට් එකකි. කායව්‍යච්චෙද දෙපාර්තමේන්තුවට සහ අනෙකුත් පළමු වසර අධ්‍යයන අංශ වලට නව ගොඩනැගිල්ලක් විවෘහ වුනු ඒ වසරේ එයට සමගාමීව වෛද්‍ය සිසුන් ට කපා කොටා අධ්‍යයනය කිරීමට තම සිරුරු දන් දුන් මලගිය ඇත්තන් ට පිරිතක් කියවා, දානයක් දී ට පින් පමුණුවීමේ අදහසක් වෛද්ය ශිශ්‍ය සංගමයට පහල විය. ජේශ්ඨ භාන්ඩාගාරික ලෙස එම අදහස පීඨ මංඩලයට ගෙන ගිය මා හට එල්ල වූයෙ නොසිතූ අන්දමේ බරපතල විරෝධයකි.
කොටින්ම කියනවානම් කිසිම ආකාරයක බෞද්දාගමික වැඩක් කිරීමට ඉඩක් නොදෙන වාතාවරනයක් මැද, නොයෙකුත් තර්ජන ගර්ජන මැද විශ්ව විද්යාල පණතේ ඇති ප්‍රතිපාදන සහ ජේශ්ඨ භාන්ඩාගාරික ලෙස ඇති බලතල පාවිච්චි කර මා තර්ක විතර්ක කරමින් සිටිනා අතර, නිසි අවසරයකින් තොරව මහ රෑ බුදු පිලිමට තැන්පත් කිරීම සිශ්යයන් විසින් සිදු කරන ලදී. පසුදින පැවති විශේශ පීඨ රැස්වීමේ දී එය වහාම ඉවත් කරන ලෙසට මා හට තර්ජනාංගුලිය එල්ල වෙද්දී මා පැවසුවේ එම පිලිමය මා විසින් තැන්පත් කලේ නැති බවත්, කැමති කෙනෙකුට එය ගලවා ඉවත් කල හැකි බවත්, එසේ සිදු කර වස් වැදීමකට ලක් වූවේ නම් මා හට ඒ පිලිබඳව වගකීමක් ගත නොහැඛි බවත් ය. බෞද්ද වැඩ කටයුතු ව්ලට අවි අමෝරාගත් ආචාර්ය මහාචාර්ය වරු වස් වදිනවාට බියෙන් ඒ ගැන වාද කිරීම එතැනින් අවසන් කල අතර එම බුදුපිලිමය අදටත් කායව්යච්චේද දෙපාර්තමේන්තු පරිශ්‍රයේ විරාජමාන වේ!! මේ ගැන සම්පූර්ණ විස්තරය මහාචාර්ය චන්න ජයසුමන ගේ පොතක සඳහන් වේ.
වෛද්‍ය පීඨ ඉතිහාසයේ පළමු වරට ගලහ හන්දියේ සිට හේවිසි හොරණෑ පෙටටුකොටගත් මහා බුදු පෙරහරකින් ධාතු කරඬුව වඩම්මවා සර්ව රාත්‍රික පිරිතක් ද සංඝ ගත දක්ශිනාවක් ද ඩීමට එම සිසු දරුවෝ සමත් වූහ.
එම වසරේ වෙසක් උත්සවය වෙනුවෙන් මහා පහන් කූඩුවක් නිර්මාණය කිරීමට ඔවුන් අවශ්‍ය බව සිශ්‍ය සංගමය පවස්ද්දී, කලින් සිදු වූ බාධා නිසාම මා කලේ මාස දෙකකටත් ප්‍රථමයෙන් උපකුලපති කාර්යාලයට ලියුමක් ලියා ලිඛිත අවසරයක් ලබා ගැනීමයි.
ඊට සති කීපයකට පසු ශිශ්‍යයන් විසින් ගලහා කූඩුව තැනීමට පටන් ගත් විට අර බෞද්ද විරෝදී කන්ඩායම් නැවතත් මහා කාලගෝට්ටියක් නටන්නට විය. එවකට බලවත් තනතුරු දැරූ ආචාර්ය මහාචාර්ය කීපදෙනෙකු මට පැවසූවේ මා එම කූඩු තැනීමට ඉඩ දිය යුතු නැති බවයි. ඒ සියල්ලන්ට ම මා ශිස්ය සංගමය විසින් (මගේ උපදෙස් මත ) මගෙන් අවසර ඉල්ලා ලියූ ලියුමේ චායා පිටපත් ලබ දුන්නෙමි. කුපිත වූ ඔවුන් උප කුලපති වරයා හමු වී කූඩුව හැදීම නැවැත්වීමට උත්සාහ කල ද, බෞද්ද විරෝදීන් ගේ බලපෑම් ගැන නොදැණුවත්වම මාස දෙකකට කලින් ම ඔහු තම අවසරය දී ඇති බව උපකුලපතිවරයා පෙන්නා දුන්නේය.
කූඩුව හදන්නට පෙර ශ්ශ්යයන් විසින් මගේ රෙකමදාරුව ද සහිතව ලියූ ලිපියක් රැගෙන ගොස් උපකුලපතිතුමා හමු වී කූඩුවේ ස්මාරම්භක උත්සවයට පැමින එය විවෘත කරනා ලෙස ඉල්ලීමක් කලේය. වෛද්ය පීඨ කූඩු විරෝදීන් නිසා චූන් වී සිටි උපකුලපතිවරයා එම ඉල්ලීම එකහෙලාම ප්‍රතික්ශේප කල අතර සිසුන් විසින් ක්ශනිකව තීරණය කලේ එම විවෘත කිරීමට මා හට ආරාධනා කිරීමටය. මා එම ආරාධනය ගෞරවයෙන් බාරගතිමි.
ඒ අතරතුර කිසිදා පේරාදෙණි විශ්ව විද්යාල පරිශ්‍රයේ නොතැනුනු තට්ටු හතරක් හෝ පහක් විරුද්ද දිශාවට කැරකෙනා මහා පහන් කූදු රාජයෙක් ගලහා හන්දියේ ගොඩ නැගෙමින් තිබුනි. එහි සියළු නිර්මාණ කටයුතු කලේ වෛද්‍ය ශිශ්යයන් ය.
වෙසක් දින සවස හතට විවෘත කිරීමට නියමකරගෙන එම වෙලාවට මා එහි ගිය විට සිසුන් සියල්ලෝ මා වෙත පැමින කීවේ පැය බාගයකට කලින් සුදු වතින් සැරසී උපාසෙකයෙක් ලෙසින් පැමින උපකුලපති තුමා විසින් එම පහන් කූඩුව උත්සවාකාරයෙන් විවෘත කල බව ය!! කාරණාවට විරුද්ද වුනත් එය ලොකු සාර්තක උතස්වයක් නම් එහි මුල් පුටුව දරා අලියා වීම උපකුලපතිතුමා ට අත හැරිය නොහැකි දෙයක් බව අප සැම තේරුම් ගත්තෙමු!
එතැණ් සිට වසරක් පාසා වෙසක් උලෙල ට වෛද්‍ය පීඨ සිසුන් විසින් ගල්හා හන්දියේ මහා පහන් කූඩුවක් නිර්මාණ්ය කරන්නට යෙදුනි. අවාසනාවක මහත, ඊයේ මා හට දැණගන්නට ලැබුනේ විශ්ව විද්යාල පාලන අධිකාරිය එය තහනම් කල බව ය!
මා හට කිව හැක්කේ මෙපමනය; පාලන අධිකාරියේ මහතුනි, තොපට යන්නට සතර අපාය මදි බවයි!!!
- මහා වෙදමහත්තයා FB පිටුවෙන්..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
