අනුර-නලින්ද ආණ්ඩුව අධ්‍යාපනය මුදලට විකිණීම අරඹලා - මහා ශිෂ්‍ය සංගමයෙන් චෝදනා..
කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වේ.
සමසෞඛ්‍ය උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවාගැනීම සඳහා නිසි පටිපාටියක් සකසන ලෙසට ආණ්ඩුවට බලකරමින් දිගු කලක් පුරා අරගලයක් දියත් වෙමින් පවතී.
මේ වන විටත් සමසෞඛ්‍ය වෘත්තිකයන්, සෞඛ්‍ය සේවයේ වෘත්තිකයන්, විශ්වවිද්‍යාල ආචාර්‍යවරු සහ රටේ වෘත්තීය සමිති මෙම අරගලයට සහයෝගය පළ කරන අතර සියලු පාර්ශ්වයන් විසින් ආණ්ඩුවට ඉදිරිපත් කරන ඉල්ලීම වනුයේ දැනටම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුමත කර ඇති “කුසලතා පදනම මත වූ ලැයිස්තුව” (Merit list) ඒ සඳහා අනුගමනය කරන ලෙසයි.
එසේම තිබෙන පුරප්පාඩු ප්‍රමාණයට ගැළපෙන උපාධිධාරීන් ප්‍රමාණයක් කුසලතා ලේඛනයට අනුව බඳවාගන්නා ලෙසයි.
නමුත් එයට ඇහුම්කන් නොදෙන අනුර – නලින්ද ආණ්ඩුව ඒ සඳහා වූ දැනුම මිනුම විභාගයක් යෝජනා කරන ලදී. අරුමය නම් මෙම විභාගයම මීට පෙර ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව 2021 වසරේදී සහ රනිල් – රාජපක්ෂ ආණ්ඩුව 2024 දී පවත්වන්නට උත්සාහ කිරීමයි.
එම අවස්ථා දෙකේදීම රාජ්‍ය විශ්වවිද්‍යාලවල සියලු උපාධිධාරීන් විරුද්ධ වීම හේතුවෙන් එම විභාගයන් අවලංගු කර දැමූ අතර ඉන් අනතුරුව උපාධිධාරීන් විසින් දිගින් දිගටම යෝජනා කරන ලද කුසලතා අනුපිළිවෙල 2024 වසරේ දී සකස් කරන ලදී.
නමුත් වත්මන් අනුර – නලින්ද ආණ්ඩුව එම කුසලතා අනුපිළිවෙල කුණු කූඩයට විසිකර නැවත දැනුම මිනුම විභාගය පැවැත්වීය. රැකියා පිළිබඳව බරපතල අවශ්‍යතාවයක් තිබියදී පවා පිරිස 473 වූ රාජ්‍ය විශ්වවිද්‍යාලයවල සියලුම උපාධිධාරීන් මෙවර ද විභාගය වර්ජනය කර අතර කොතලාවල ප්‍රමුඛ පෞද්ගලික උපාධිකඩවලින් උපාධිය ලබා ගත් 105 පමණක් ඒ සඳහා ඉදිරිපත් විය.
නිදහස් අධ්‍යාපනයට අත්තටු දෙන බව පවසා බලයට පැමිණි ආණ්ඩුව අධ්‍යාපනය මුදලට විකිණීම ප්‍රවර්ධනය කිරීමට මෙම විභාගයට පෙනී සිටි කොතලාවල ප්‍රමුඛ පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් උපාධිය ලබා ගත් පිරිස රජයේ සේවයට බඳවාගැනීමට එලඹෙන 17 වැනිදා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට සියල්ල සූදානම් කර තිබේ.
මෙය නිදහස් අධ්‍යාපනය විනාශ කරමින් අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීමේ තීරණාත්මක පියවරකි. එනිසා වත්මන් අනුර – නලින්ද ආණ්ඩුවේ මෙම උත්සාහය අනිවාර්‍යයෙන් නතර කළ යුතුව පවතී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්‍යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්රකාශයක්..