
අනුර-නලින්ද ආණ්ඩුව අධ්‍යාපනය මුදලට විකිණීම අරඹලා - මහා ශිෂ්‍ය සංගමයෙන් චෝදනා..
කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වේ.
සමසෞඛ්‍ය උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවාගැනීම සඳහා නිසි පටිපාටියක් සකසන ලෙසට ආණ්ඩුවට බලකරමින් දිගු කලක් පුරා අරගලයක් දියත් වෙමින් පවතී.
මේ වන විටත් සමසෞඛ්‍ය වෘත්තිකයන්, සෞඛ්‍ය සේවයේ වෘත්තිකයන්, විශ්වවිද්‍යාල ආචාර්‍යවරු සහ රටේ වෘත්තීය සමිති මෙම අරගලයට සහයෝගය පළ කරන අතර සියලු පාර්ශ්වයන් විසින් ආණ්ඩුවට ඉදිරිපත් කරන ඉල්ලීම වනුයේ දැනටම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුමත කර ඇති “කුසලතා පදනම මත වූ ලැයිස්තුව” (Merit list) ඒ සඳහා අනුගමනය කරන ලෙසයි.
එසේම තිබෙන පුරප්පාඩු ප්‍රමාණයට ගැළපෙන උපාධිධාරීන් ප්‍රමාණයක් කුසලතා ලේඛනයට අනුව බඳවාගන්නා ලෙසයි.
නමුත් එයට ඇහුම්කන් නොදෙන අනුර – නලින්ද ආණ්ඩුව ඒ සඳහා වූ දැනුම මිනුම විභාගයක් යෝජනා කරන ලදී. අරුමය නම් මෙම විභාගයම මීට පෙර ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව 2021 වසරේදී සහ රනිල් – රාජපක්ෂ ආණ්ඩුව 2024 දී පවත්වන්නට උත්සාහ කිරීමයි.
එම අවස්ථා දෙකේදීම රාජ්‍ය විශ්වවිද්‍යාලවල සියලු උපාධිධාරීන් විරුද්ධ වීම හේතුවෙන් එම විභාගයන් අවලංගු කර දැමූ අතර ඉන් අනතුරුව උපාධිධාරීන් විසින් දිගින් දිගටම යෝජනා කරන ලද කුසලතා අනුපිළිවෙල 2024 වසරේ දී සකස් කරන ලදී.
නමුත් වත්මන් අනුර – නලින්ද ආණ්ඩුව එම කුසලතා අනුපිළිවෙල කුණු කූඩයට විසිකර නැවත දැනුම මිනුම විභාගය පැවැත්වීය. රැකියා පිළිබඳව බරපතල අවශ්‍යතාවයක් තිබියදී පවා පිරිස 473 වූ රාජ්‍ය විශ්වවිද්‍යාලයවල සියලුම උපාධිධාරීන් මෙවර ද විභාගය වර්ජනය කර අතර කොතලාවල ප්‍රමුඛ පෞද්ගලික උපාධිකඩවලින් උපාධිය ලබා ගත් 105 පමණක් ඒ සඳහා ඉදිරිපත් විය.
නිදහස් අධ්‍යාපනයට අත්තටු දෙන බව පවසා බලයට පැමිණි ආණ්ඩුව අධ්‍යාපනය මුදලට විකිණීම ප්‍රවර්ධනය කිරීමට මෙම විභාගයට පෙනී සිටි කොතලාවල ප්‍රමුඛ පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් උපාධිය ලබා ගත් පිරිස රජයේ සේවයට බඳවාගැනීමට එලඹෙන 17 වැනිදා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට සියල්ල සූදානම් කර තිබේ.
මෙය නිදහස් අධ්‍යාපනය විනාශ කරමින් අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීමේ තීරණාත්මක පියවරකි. එනිසා වත්මන් අනුර – නලින්ද ආණ්ඩුවේ මෙම උත්සාහය අනිවාර්‍යයෙන් නතර කළ යුතුව පවතී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
