සෝලා විදුලියට ගෙවීම් තවත් අඩු කරන්න කැබිනට් යෝජනාවක්..
සියලුම පුනර්ජනනීය බලශක්ති මත පදනම්ව, ජාතික පද්ධතියට ඒක් කරන විදුලි සැපයුම් සඳහා මණ්ඩලෙයන් ගෙවන ගාස්තු අඩු කිරීමේ යෝජනාවක් කැබිනටි මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව සන්ඩේ ටයිමිස් පුවත්පත වාර්තා කරයි.
මෙම යෝජනාව අනුමත වුවහොත්, සූර්ය පැනල, කුඩා ජල විදුලි, සුළං, ජෛව ස්කන්ධ සහ නාගරික ඝන අපද්‍රව්‍ය කොන්ත්‍රාත් යටතේ ජනනය කරන සෑම විඳුලි ඒකකයක් සඳහාම ගෙවන මිල සැලකිය යුතු ලෙස අඩු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට හැකියාව ලැබෙනු ඇතැයි පැවැසෙයි.
පළමු වතාවට, බැටරි බලශක්ති ගබඩා පද්ධති සහිත වහල මත සූර්ය පැනල සහ සූර්ය කෝෂ පද්ධති සඳහා ද ගාස්තුවක් යෝජනා කර ඇත.
කෙසේ නමුත්, මෙම වෙනස්කම් මීට පෙර පුනර්ජනනීය බලශක්ති අංශයේ දැඩි විරුද්ධත්වයට ලක් වූ බව ද පැවැසෙයි. පෙර කොන්ත්‍රාත්තු වලට අදාළ ගිවිසුම්වලට අනුකුලව පෙර පැවැති ගාස්තු යටතේම ගෙවීම සිදුවනු ඇතැයි වාර්තා වේ.
කිලෝ වොට් 500 දක්වා විදුලි සැපයුම් සිදු කරන, වහල මත සූර්ය පැනල ස්ථාපිත කළ සූර්ය පැනල හිමිකරුවන්ට, ඒකකයකට රුපියල් 37 ක් හිමිවන අතර, 2024 ජූලි මස හෝ පසුව (ගාස්තු අවසන් වරට සංශෝධනය කළ විට) ගිවිසුම් අත්සන් කළ සූර්ය පැනල හිමිකරුවන්ට හිමිවන්නේ රුපියල් 27.06 කි. නව යෝජනාව කිලෝවොට් 20 දක්වා වහල මත සූර්ය පැනල සඳහා ඒකකයක මිල රුපියල් 19.61 දක්වා පහතවැටෙනු ඇතැයි ද පැවැසෙයි.
කිලෝවොට් 20 ට වැඩි සහ කිලෝවොට් 100 දක්වා ඒකකයක මිල රුපියල් 17.46 දක්වා පහත වැටෙනු ඇති අතර, කිලෝවොට 100 ට වැඩි සහ කිලෝවොට් 500 දක්වා ඒකකයක මිල රුපියල් 15.49 දක්වා පහතවැටෙනු ඇති බව ද පැවැසෙයි.
කිලෝවොට් 500 ට වැඩි සහ මෙගාවොට් 1 ට අඩු ඒකකයක මිල රුපියල් 15.07 දක්වා පහත වැටෙනු ඇත. එමෙන්ම මෙගාවොට් 1 සහ ඊට වැඩි ඒකකයක මිල රුපියල් 14.46 දක්වා පහත වැටෙනු ඇති බව ද බලධාරීහු පෙන්වා දෙති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්‍ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්රකාශයක්..