මේ වසරේ, ශ්‍රී ලංකාව දරුණු සන්ධිස්ථානයක් සනිටුහන් කරයි - කුප්‍රකට මහ බැංකු බැඳුම්කර මගඩියට වසර දහයක් සපිරෙන, ජාතියේ වසර 5,000ක ඉතිහාසයේ පෙර නොවූ විරූ පරිමාණයේ මූල්‍ය සෝලිය. 2015 පෙබරවාරියේ සිදු වූයේ හුදෙක් වංචාවේ හුදකලා සිදුවීමක් නොව, රටේ ආර්ථිකය වියලි, පොලී අනුපාත හසුරුවා, සහ මිලියන ගණනක වියදමින් තෝරාගත් කිහිප දෙනෙකු පොහොසත් කළ ඉතා සූක්ෂම ලෙස සැලසුම් කරන ලද යෝජනා ක්‍රමයකි.
ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ජිනීවා හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි සැසිවාරයේ අමතා විශේෂ ප්‍රකාශයක් කළේය. එහිදී විජිත හේරත් අමාත්‍යවරයා සිය දේශනය පවත්වමින් පැවසූවේ, මානව හිමිකම්, සංහිඳියාව සහ තිරසාර සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම යලි තහවුරු කරමින්, රටේ ප්‍රගතිය සහ ජාත්‍යන්තර ප්‍රජාව සමඟ අඛණ්ඩව සම්බන්ධ වීම රජයේ උපාය මාර්ගික සැළසුම බවයි.
නූතන යුගයේ ජාතිකවාදී රාජ්‍යයක් අර්ථ දැක්විය හැක්කේ කෙසේද යන ප්‍රශ්නයට හොවාඩ් නිකලස් නම් සුප්‍රකට ආර්ථික විද්‍යා මහාචාර්යවරයා අප්‍රිකාව පිළිබඳ සිදුකරන ලද සාකච්ඡාවකදී පැහැදිලි කරනුයේ මෙසේය. ඔහු නෙදර්ලන්තයේ, රොටර්ඩෑම් හි පිහිටි එරස්මස් විශ්ව විද්‍යාලයේ සමාජ අධ්‍යයන අංශයේ සේවයේ නියුතු කීර්තිමත් ආර්ථික විද්‍යා මහාචාර්යවරයෙකි. පහත දැක්වෙන ඔහුගේ මෙම අර්ථ දැක්වීම ජාතිකවාදී රාජ්‍යය පිළිබඳව පමණක් නොව සැබෑ ජාතිකවාදය හෝ සැබෑ ජාතිකවාදියා යනු කවරෙක්ද යන ප්‍රශ්නයටද එක සේ අදාළ වේ.
අපේ රටට ජාතික ප‍්‍රතිපත්තියක් අවශ්‍ය බවට සහ එසේ නොමැති නිසා වත්මන් අර්බුදය පැන නැගුණු බවට බොහෝ පිරිසක් හඬ න`ගන බව දක්නට ඇත. එහෙත් මන්තරයක් සේ එම වචන ද්විත්වය පුනරුච්චාරණය කළ ද එවැනි ප‍්‍රතිපත්තියක අඩංගුව හෙවත් මූලික උපායමාර්ගික රාමුව කුමක් විය යුතුද යන්න පිළිබඳව ඔවුන් විසින් කිසිදු කොන්දේසියක් පනවන්නේ නැත. ඒ නිසා ජාතික ප‍්‍රතිපත්තියක නාමයෙන් විවිධ විෂය ක්ෂේත‍්‍රවලට අදාළව ඉතා උසස් අරමුණු සහ විචිත‍්‍රවත් අපේක්ෂා සහිත සංකල්පීය රාමු ඉදිරිපත් කරමින් පවතින සමාජ ආර්ථික මොඩලය එසේම පවත්වා ගන්නා අතර ඒ තුළ යම් රූපලාවන්‍ය වෙනස්කම් සඳහා යෝජනා ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබී ඇත.
ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් නීතීපතිගේ උපදෙස් මේ වන විට අර්බුදයක් මතුව ඇත එම කරුණු මගින් පෙන්වා දෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුව රජය අල්ලා පොලවේ ගැසිමක් සිදුකල ඇති බවයි එසේම නිසි නීති උපදෙස් නියමිත කාලයට නොලැබීම නිසා වත්මන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධ අර්බුදය දෙවන වරටත් රජය අල්ලා පොලවේ ගැසිමක් බව මේ වන විට සිදුවෙමින් පවතින කරුණු අනුව පෙනී යයි රටේ නීතිපති දෙපාර්තමේන්තුව පෙනී සිටින්නේ රජය වෙනුවෙන් ක්‍රියා කිරීමට සහ රජයට නීති උපදෙස් දීම වෙනුවෙන් ය
ජනාධිපති අනුර කුමාර දිසානායක රටේ බලය එකමිටට හිමිකර ගැනීම පිළිබඳ ලංකාවේ විවිධ වාද විවාද ඇති වන අතරේ විදෙස් විශ්ලේෂණ ද රැසක් ඉදිරිපත් වූ ආකාරය දැකගත හැකිවිය. බොහෝ විට වාද විවාද සහ විශ්ලේෂණවල දැකිය හැකි වූ කේන්ද්‍රීය තර්කය නම් අන් කිසිවක් නොව අනුර කුමාර සහ ඔහු නායකත්වය දෙන ජාතික ජන බලවේගය ලංකාවේ රාජ්‍යතන්ත්‍රය තුළ කාලයක් තිස්සේ වර්ධනය වෙමින් තිබෙන දූෂණය, වංචාව, අල්ලස, අකාර්යක්ෂමතාව, පවුල් වාදය, ප්‍රභූවාදය ආදියට එරෙහිව නැගූ විරෝධය එකී දේශපාලන ජයග්‍රහණයට හේතු වූ බවය. සාම්ප්‍රදායික දේශපාලනය පිළිබඳ කාලයක් තිස්සේ රටේ වර්ධනය වූ අප්‍රසාදය ඒ පිටුපස තිබුණු ප්‍රධාන සාධකය බව දේශීය දේශපාලන පණ්ඩිතයෝ සඳහන් කරති.
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්