"උතුරට වැඩියෙන් ආදරෙයි.. ගොඩක් තුවාල වෙලා තියෙන නිසා" - බිමල් රත්නායක
උතුරු පළාතට ගොඩක් තුවාල වී ඇති නිසා උතුරට වැඩියෙන් වැඩ කරන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
යුද්ධයෙන් දරුණුවටම තුවාල සිදුවුනේ උතුරට පමණක් දැයි, දකුණේ සිදුවූ විනාශය සුළුවෙන් ලඝුකොට දැක්විය හැකි දැයි මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් විවිධ පාර්ශව සමාජ මාධ්‍ය තුළ ප්‍රශ්න කර තිබේ.
එම එක් අදහස් පළ කිරීමෙක් පහළින් දැක්වේ.
එතකොට...,
➡️ ආරක්ෂක අංශ විරුවන් 28,703 ක් ඝාතනය කිරීමෙ තුවාලය පුංචිද...?
➡️ ආරක්ෂක අංශ විරුවන් 60,000 කට වඩා අර්ධ සහ පූර්ණ ආබාධිත වීමෙ තුවාල පොඩියිද...?
➡️ දකුණෙ ගමින් ගම ගෙයින් ගෙට සීල් කරලා ආපු මිනී වල වේදනාවෙ තුවාල ඒ අම්මලා, තාත්තලා, බිරින්දෑවරු සහ දරුවන්ට පොඩිද..?
➡️ දළදා මාළිගාව, ශ්‍රී මහ බෝධිය ලඟ කරපු නින්දිත ඝාතන වල තුවාල පොඩියිද..?
➡️ මහ බැංකුවට, කටුනායක ගුවන් තොටුපොලට පහර දිලා රටේ ආර්ථික මර්මස්ථාන විනාශ කරපු තුවාල පොඩියි ද..?
➡️ මහ දවල් ඉස්කෝලෙ ඇරෙන වෙලාවෙ මරදාන පාලම යට බෝම්බ පුපුරවලා මරා දැමුණු අහිංසක පාසල් දරුවන්ගෙ දෙමව්පියන්ගෙ හිත් වල තුවාල පොඩියි ද..?
➡️ කොළඹ ස්ටේෂන් එකේ ඝාතනය කරපු ඩී. එස් එකේ බේස් බෝල් ටීම් එකේ දරුවන්ගේ දෙමව්පියන්ගෙ තුවාල පොඩිද...?
➡️ බස් වල, කෝච්චි වල ඝාතනය කරපු සිය දහස් ගනන් අහිංසක මිනිස්සුන්ගෙ තුවාල වල වේදනාව පොඩිද..?
➡️ මායිම් ගම්මාන වල ඉවක් බවක් නැතිව තොග පිටින් කපලා කොටලා මරලා දාපු මිනිස්සුන්ගෙ වේදනාවෙ තුවාල පොඩියි ද..?
➡️ රටේ ජනාධිපතිවරයෙක්, ආරක්ෂක ඇමතිවරයෙක් ඇතුළු මැති ඇමතිවරුන් රාශියක් මහමග අමු ඇමුවේම ඝාතනය කළ තුවාල පොඩිද..?
➡️ දොරෙඅප්පා, අමිර්තලිංගම්, නීලන් තිරුචේලම්, ලක්ෂ්මන් කදිරගාමර් වැනි ද්‍රවිඩ දේශපාලඥයින් ඝාතනය කළ තුවාල පොඩිද...?
මේ අවුරුදු 30 ක ශාපලත් යුද්ධයක අංශු මාත්‍රයක මතකයන් විතරයි...?
ඔයාලාට ඒ මිනිස්සු ගැන ආදරෙ හිතෙන්නෙ නැද්ද...? වැඩිපුර ආදරෙ දැනෙන්නෙ උතුරේ ජනතාව ගැන විතරයිද..?
ඩයස්පෝරා ඩොලර් ඒ ආදරය,ඒ සංවේදිතාව උතුරට පමණක් කොටු කරාද..?
යුද්ධයෙන් ඇති වූ තුවාල උතුරේ වේවා දකුණේ වේවා එසේ සීමා මායිම් දමා නිශ්චිතව වෙන් කරන්න පුළුවන්ද...?
රණවිරුවන් සාමාන්‍ය සොල්දාදුවන් වූ රටක ත්‍රස්තවාදීන් සටන්කරුවන් යැයි පවසන රටක මේ වගේ තුට්ටු දෙකේ දේශපාලඥයින්ගෙන් සමාජ සාධාරණත්වයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ද..?
කරුණාකරලා මේ උතුර සහ දකුණ කියන වර්ගවාදී බෙදීම තමන්ගේ තක්කඩි දේශපාලනය වෙනුවෙන් පාවිච්චි කරන්න එපා. ඔය වචන ඇතුළෙම තියෙන්නෙ බෙදීම විතරමයි..
කරුණාකරලා ශාපලත් යුද්ධයක ජනතාවගෙ දුකේ, වේදනාවෙ කඳුළු සහ හැඟීම් අඩු වැඩි වශයෙන් බෙදා වෙන් කරන තුප්පහි දේශපාලනය නවත්තන්න.
උතුරු - නැගෙනහිර කියන වචන විශේෂිකරණය කිරීම නවත්වන්න. මේක සමස්ත රටක් විදියට හිතන්න ජනතාවගෙ මනෝභාවය සකස් කරන්න...
ඩොලර් ටිකකට, චන්ද ටිකකට මිනිස්සුන්ගෙ හැඟීම් හා සංවේදිතාව උඩින් දේශපාලනය කරන තුප්පහි, කුපාඩි දේශපාලනය දැන්වත් නවත්තන්න..
යුද්ධයෙ භෞතික පාඩුව සහ මිනිස්සු ආධ්‍යාත්මිකව විඳවන වේදනාව භූගෝලීය සීමා මායිම් මත වර්ගීකරණය කරන්න එපා. ඒක හරි ගෝත්‍රිකයි, ම්ලේච්ඡයි.
- නිලන්ත සත්සර ගමගේ ✍️
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..