ශත 20 ට මිල හොයන සිංහල ජාතියේ කොටසකට ජයවේවා‼️
ඔස්කා වයිල්ඩ් කියන ලොව ප්‍රකට සාහිත්‍යවේදියා වරක් කියනවා නරුමයා ලෝකයේ සියල්ලේම මිල හොයනවා සසදනවා නමුත්, නරුමයා කිසිදේක වටිනාකම හොයන්නේ හෝ සසදන්නේ නෑ කියලා.
අපි අද ඉන්නේ නරුමයන් තීන්දු ලියන කාලයක.
මහා කළු සිංහයා පලා යනවෝ කියලා වළගම්බා අනුරාධපුරය අතහැර යනවිට කෑ ගහපු ,හිනාවුන නිගන්ඨයන් සතුටු වුන පරිදිම මහින්ද නිල නිවසින් එලෙව්වෝ, කියා සතුටු වන වර්ථමාන නිගන්ඨයන් ගොඩක් දකින්නේය.
ඒ මේ, ජාතියේ කොටසක හැටිය. ‼️
තත්පරයට රු 750 වියදම් කරපු යුද්ධයක් සදහටම නතර කර
රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් 400න් ඉහළට 2000, ඉක්මවන සීමාවට ගත්තේ මහින්දය.
රටේ සෑම නිවසකටම විදුලිය සපයා අවසන් වුනේ යුද්ධයෙන් පසු, ගෙවුන වසර පහ තුළය.
ඉතිහාසයේ ජනාධිපතිධුරය ආරම්භ කල දවසේ සිට අද දක්වා වසරකට වැඩිම රජය මිළට ගත්වී තොගය ලියවෙන්නේ මහින්දගේ නම ඉදිරිපිටය.
දකුණු කොරියාවට තරුණ තරුණියන්ට රැකියා සදහා දොරටු ඇර ගත්තේ මහින්දගේ යුද්ධයෙන් පසු වසර පහ තුළය.
යුද්ධයෙන් පසු කිසිදු විදේශයකින් දෙමළ ජනතාවට පහසුකම් සපයන්න ඩොලර් මිලියන 100 නොලැබුනත් දෙමළ ජනතාව බහුළ උතුරේ, දිස්ත්‍රික් පහකට වැඩිම රජයේ මුදල්, යොදවා සංවර්ධනය කලේ මහින්දය.
වර්ග කිලෝමීටර 65610 වුන ලංකාවට අළුතින් වර්ග කිලෝමීටර 4 එකතු කලේ මහින්දය
මම මේ, කීපයක් ලීවේ මහින්ද නඩත්තු කරන්න බදු මුදල් යොදවන්නේ ඇයි කියලා අහන සිංහල ජාතියේ කොටස වෙනුවෙන්ය.
ජනාධිපතිවරයෙක් ලෙස ලංකාවේ ජනාධිපති ධුරය ආරම්භ කරන ලද දවසේ සිට උහුලන ලද වගකීම් සහ අවධානම ගත්තොත්
ලංකාව වෙනුවෙන්
රාජ්‍යය වෙනුවෙන්
සිංහළ ජාතිය වෙනුවෙන්
බෞද්ධාගම වෙනුවෙන්
වැඩිම අවධානම සහ වගකීම පහර දීම නින්දා කිරීම කොන් කිරීම බාධා කිරීම තහංචි දැමීම දරා ගත්තේ මහින්දය.‼️
අදටත් ඒ,වෙනුවෙන් මරන්න මරණ වරෙන්තු නොනිළ ලෙස ලියවී තිබෙන සිංහල මිනිහා මහින්දය.
අපි සිංහළ ජාතියෙන් හිනා වෙන්නේ එකී මනුස්සයෙකුට ලංකාවේ පුරවැසියෙක් මාසයකට ශත. 20 ක් වියදම් කිරීම නතර කරා යන්නටය.😃😃
මම නැවතත් මුලට එමි.
නරුමයා හැම දේකම මිල විමසන අතර
වටිනාකමක් තැකීමක් නොකරයි.
ඉතිහාසයේ ලියයෙන විට කොළඹ හිටියත්
මැදමුලනේ හිටියත්
දේශමාමක ජාතිකවාදී සිංහළයන් ලංකාවේ ඉන්නා තුරු
මහින්ද රාජපක්ෂ රාජපක්ෂමය.
මැරෙනකල් මිනිස්සු කොළඹ ද බෙලිඅත්තේද නොසලකා මහින්ද සොයා යනු ඇත.
මේ සිංහළ ජාතියේ අවසාන කාර්තුවය.
සිංහළ ජාතිය වෙනුවට ලාංකික ජාතිය ඇප්ලයි කිරීම සිදුවෙමින් ඇත.
ඒ ව්‍යාපෘති වලට සිංහළ ලේබලයේ මහින්දලා පට්ටම විෂය බාධාකාරීය
එහි තුළදී සිදුවන්නේ සිංහලයාට අභිමානයක් ජනිත වන සියළු දේ ඉතා ක්ෂුක්මව ඉවත් කිරීම වන අතර
වටිනාකම් අතුගා දමීම සිදුවන්නේය.
රටකට අභය දානය ලබා ගත්ත මිනිහෙක්ට වඩා ඔහු ආරක්ෂා කරගන්න රටේ ජනතාවගෙන් එක් පුද්ගලයෙකු වසරකට වැයකරනවා කියලා ඇස්තමේන්තු වන
ශත. 20 කට වැඩි ප්‍රචාරයක් ඉඩක් තක්සේරුවක් ලැබෙන්නේ
මහින්ද රාජපක්ෂට කෙලියා කියනවාට වඩා.
සිංහලයාට උං හිතන වටිනාකම් අනවශ්‍යයි කියන ගමන නිසාය.
ශත විස්සට ජයවේවා..
- නුවන් මොණරවිළ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..