අපි කොතැන ද?
ඇමෙරිකාවේ ආර්ථිකය සුපිරියට ම නැගලා යනවා නම් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ආරක්‍ෂණවාදී තීරු බදු පනවන්නේ නෑ. මේ වෙද්දි ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී රටවල්වල ආර්ථිකය නොන්ඩි ගහනවා. ඉතින් ඇමෙරිකාවේ දේශීය කර්මාන්ත නගා සිටුවීම අරමුණු කරගෙන තීරු බදු යුද්ධයක් මෙහෙයවන්න ට්‍රම්ප් ජනාධිපතිවරයා යොමුවෙලා. මෙහෙම ආරක්‍ෂණවාදී ප්‍රතිපත්තියකින් ඇමෙරිකාවේ රැකියා රැකගන්න, ආර්ථික වර්ධනයට දිරිදෙන්න, ආරම්භක මට්ටමේ පවතින කර්මාන්තවලට සපෝට් එකක් දෙන්න පුළුවන් කියලා ඔහු හිතනවා. කොහොම හරි, ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ නැටුම නටන්නේ ඇමෙරිකාවේ ආර්ථිකය නොන්ඩි ගහන හින්දා කියන එක හංගන්න පුළුවන් කාරණයක් නෙවෙයි.
මේ වෙද්දි බටහිර යුරෝපයේ තත්ත්වය ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕන නෑ. 2023, 2024 අවුරුදු දෙකේ දී ම ජර්මනියේ ආර්ථිකය හැකිළුණා. 2023 දී, ජර්මනියේ උද්ධමනය සීයට 6 ඉක්මවලා ගියා. 2024 අවුරුද්දේ ඒ රටේ විරැකියාව සීයට 3.4 ක් තරම් ඉහළ අගයක් ගත්තා. මුළු යුරෝපය ම දේශපාලනිකවත් අනාථවෙලා. පහුගිය දවසක ට්‍රම්ප් ජනාධිපතිවරයා මුණගැහෙන්න ගිය යුරෝපයේ නායකයෝ පුටු පේළියක වාඩිවෙලා දොස්තර කතා කරන කල් වගේ හිටිය හැටි අපි හැමෝම වගේ දැක්කා. තමන්ගේ රටවල් නැගලා යනවා නම් නායකයෝ ඒ තරම් අසරණවෙන්නේ නෑ.
අධිරාජ්‍යවාදය නඩත්තුවෙන්නේ ප්‍රාග්ධන වෙළෙඳාමෙන්. 1980 න් පස්සේ කර්මාන්ත අංශයේ නිෂ්පාදනය මුළුමනින් ම වගේ “පරිධියේ” රටවල්වලට තල්ල කරපු හින්දා අධිරාජ්‍යවාදී රටවල් ප්‍රාග්ධන බිස්නස් එක තමන්ගේ ප්‍රධාන ම කර්මාන්තය බවට පත් කරගත්තා. ඉතින් මේ ප්‍රාග්ධන බිස්නස් එක නැතුව අධිරාජ්‍යවාදී රටවල්වලට පණ ගැට ගහගන්න බෑ. තමන්ගේ නිෂ්පාදන කර්මාන්ත නැතිවෙලා ගියාට පස්සේ සෘජු විදේශ ආයෝජන (FDI) බිස්නස් එක දිගට ම කරගෙන යන්න අධිරාජ්‍යවාදී රටවල් කැමැති නෑ. ඒ වෙනුවට, උන් කැමැති BlackRockලා වගේ ගිනි පොලීකාරයෝ ඉස්සරහට දාලා ණය දෙන්න. අපේ මේ සිරිලංකාව වගේ රටවල්වලට “ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර” (ISB) කියලා විකුණන්නේ ඒ කළු කඩේ ප්‍රාග්ධනය තමයි.
චීනය ඇතුළු රටවල් නිෂ්පාදනයෙන් කප් ගහද්දි ඒ රටවල්වල විදේශ සංචිතත් කඳු ගැහෙන්න පටන්ගත්තා. මේ වෙද්දි වැඩියෙන් ම විදේශ සංචිත හිමි කරගත්ත රට බවට චීනය පත්වෙලා ඉවරයි. විදේශ සංචිත හිමිකම් ලැයිස්තුවේ ඇමෙරිකාවට ලැබිලා තියෙන්නේ 15 වැනි තැන. අපේ සිරිලංකාවටත් වඩා පුංචි තායිවාන දූපත ඒ ලැයිස්තුවේ 6 වැනියා බවට පත්වෙලා. හොං-කොං ප්‍රදේශයට 8 වැනි තැන ලැබිලා. සිංගප්පූරුවට 11 වැනි තැන ලැබිලා. තායිලන්තය 15 වැනි තැනට ඇවිල්ලා ඇමෙරිකාව 16 වැනි තැනට තල්ලු කරලා දාන්න වැඩි දවසක් ගතවෙන එකකුත් නෑ.
ලෝකය පුදුමාකාර විදිහට වෙනස්වෙමින් තියෙනවා. අධිරාජ්‍යවාදී කඳවුර බිඳ වැටෙමින් තියෙනවා. ඒත් අපි ඒ ගැන හිතන්නේ නෑ. නොබැඳි විදේශ පිළිවෙතක් අනුගමනය කරමින් ලෝකයට ම ආදර්ශයක් වෙච්ච අපි දැන් කඩාගෙන වැටෙන අධිරාජ්‍යවාදී කඳවුරට හේත්තුවෙලා ආරක්‍ෂාවෙන්න හදනවා. අනුර දිිසානායක ජනාධිපතිවරයා සහ මාලිමා ආණ්ඩුව BRICS ගැන කතා කරන්නෙවත් නෑ. මේ දකුණු ආසියානු කලාපයේ ඉන්දියාව ඇතුළු හැම රටක් ම වගේ ෂං-හයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායක රැස්වීමට යද්දි ඇමෙරිකාවේ අනුග්‍රහයෙන් අරගල කරලා ආණ්ඩු පෙරලපු අපේ සිරිලංකාවත් බංග්ලාදේශයත් එහෙම එකක් නෑ වගේ ඉන්නවා.
මේ උදාවෙලා තියෙන්නේ ආසියාවේ සියවස. ඒත් ඒ ගැන වගේ වගක් අනුර දිසානායක ජනාධිපතිවරයාටත් මාලිමා ආණ්ඩුවටත් නෑ. ඒ විතරක් නෙවෙයි. තමන් නොදන්න සභ්‍යත්වයක්, සංස්කෘතියක් ගැන කියවා කියවා රඟන නළු බට්ටෝ මේ ගැන කියන්නෙත් නෑ. මුළු රට ම අඳුරට තල්ලු කරලා තමන්ගේ බඩ වඩාගන්න තමයි මේ හැම එකෙක් ම දඟලන්නේ.
- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..