මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා විජේරාම හැරදා තංගල්ලට ගියා..
මේ මොහොතේ ශ්‍රී ලංකාවට බොහෝ දුරින් ලෝකයේ වෙනත් කොනක ජීවත් වෙන පිරිසක්, ඉතාම උණන්දුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති නරඹමින් ජයපැන් බොනවා ඇති. ප්‍රීති ඝෝෂා කරනවා ඇති.
පසුගිය වසර තුළ හිටපු ජනපතිවරු නඩත්තු කිරීමට රජය වියදම් කළ මුදල හෙළිව තිබුණා.
වඩාත් නිවැරදිව කියනවා නම් රජය විසින් හෙළිකර තිබුණා.
ඒ අනුව හිටපු ජනපතිවරු පස්දෙනෙකු නඩත්තු කිරීමට රජ්‍යය දැරූ වියදම රුපියල් කෝටි 9 යි.
හරියටම ශ්‍රී ලංකාව තුළ ටොයෝටා ලෑන්ඩ් කෘසර් මෝටර් රථයක් මිලට ගැනීමට යන මුදලමයි.
එළඹෙන නොවෙම්බර් මාසයේ රජය එවැනි වාහන 159 ක් සිය මන්ත්‍රීවරුන් අතරේ බෙදා දීමට නියමිතයි.
එනම් මේ හිටපු ජනාධිපතිවරු පස්දෙනා අවුරුදු 150 ක් නඩත්තු කිරීමට වැය වෙන මුදල, ඔවුන් එක් අවුරුද්දක මන්ත්‍රීවරුන්ට වාහන සඳහා වෙන් කරනවා.
රාජ්‍යයේ වියදම් , ආදායම් සමග බැලීමේ දී එම මුදල පවා මහා විශාල මුදලක් නොවෙයි.
රාජ්‍යයේ එක් වැය ශීර්ෂයක් රුපියල් බිලියන දහස් ගණනක්.
ජනපති අනුර නඩත්තු කිරීමට පමණක් රජය වසරකට රුපියල් කෝටි 300 ක් වැය කරනවා. (ජනපතිගේ නඩත්තු වියදම පමණක්)
මේවා රාජ්‍යයක් අනිවාර්යෙන්ම දැරිය යුතු වියදම්. රාජ්‍යයක් එහි පාලකයා, හිටපු රාජ්‍ය නායකයන් සහ එහි වැදගත් වගකීම් දරන්නන් ආරක්ෂා කළ යුතුයි. නඩත්තු කළ යුතුයි.
එය සිදු කරන්නේ රාජ්‍යයේ පැවැත්මට මිසෙක, තනතුරු දරන්නන් VIP නිසා ඔවුන්ට 'ආතල්' දීමට නොවෙයි.
නමුත් දිගු කලයක් තිස්සේ මාලිමාව සමාජගත කළේ එවැනි අදහසක්. ඔවුන් රටේ ජනතාවගේ සියලූම ගැටලු වලට හේතුව මේ සොච්චම් මුදල ලෙස සමාජගත කළා.
සෑම රාජ්‍යයක්ම සිය හිටපු නායකයන් සහ රාජ්‍යයේ තීරණාත්මක තනතුරු හෙබවූ පුද්ගලයන් රැකබලා ගන්නවා.
එයට හේතුව ඔවුන් තනතුරු දරන සමයේ ස්වාධීනව සහ නිර්භීතව කටයුතු කිරීමට නම්, තනතුර ඉවත් වූ පසුවත් ඔවුන්ගේ ආරක්ෂාව සහ පැවැත්ම සහතික විය යුතුයි.
ඇමෙරිකාවත්, බ්‍රිතාන්‍යයත්, ඉන්දියාවත්, මාලදිවයිනත්, නයිජීරියාවත්, ස්විට්සර්ලන්තයත් සිය හිටපු රාජ්‍ය නායකයන් රැකබලා ගන්නවා.
එය ශිෂ්ට රාජ්‍යයක ලක්ෂණ.
ඒ ශිෂ්ටත්වය අත්හැරි පාලකයෙකු බලය දරන සමයේ හැකි තරම් අනාගතය උදෙසා 'ඉපැයීමට' බල කෙරෙන ලොව පළමු අශිෂ්ට රාජ්‍යය බවට ශ්‍රී ලංකාව පත් වුණා.
උණුසුම් සුබ පැතුම්!
මේවා විශාල වියදම් ලෙසත්, ජනතාව විඳිමින් සිටිනා දුක් කම්කටොලු වලට හේතුව ලෙසටත් පෙන්වා වෛරී දේශපාලනයක් කළේ මාලිමාව.
ආදරය, ධනාත්මක චින්තනය, නැවුම් අදහස් සහ සත්‍යයට වඩා වෛරය, සෘණාත්මක සිතුවිලි සහ අසත්‍ය සමාජගත කිරීම පහසුයි.
අවසානයේ ඔවුන් ජයග්‍රහණය කළා.
ජාතියකට හුස්ම ගැනීමට නිදහස දුන් මිනිසා මහින්ද රාජපක්ෂ නිවෙසින් ඇද දැමීම වනාහි ඊටත් එහා ගිය දේශපාලනික පොරොන්දුවක්.
මාලිමාවට බලයට පැමිණීමට උපකාර කළ, ජාතියේ සතුරන්ට ලබා දුන් ත්‍යාගයක්.
අද බර්ලීනයේත්, ලන්ඩනයේත්, පැරිස් නගරයේත්, ටොරොන්ටෝ හීදිත් විස්කි වීදුරු එකට ගැටෙනවා ඇති. දෙමල භාෂාවෙන් ප්‍රීති ගී ගැයෙනවා ඇති.
කොහොමත් අප ජාතියක් ලෙස අපගේ වීරයන් සහ අප වෙනුවෙන් සටන් කළ මිනිසුන් පාවා දෙන පළමු අවස්ථාව මෙය නොවෙයි.
අර්චුනා ප්‍රභාකරන් ත්‍රස්තවාදියෙකු යැයි සිතනා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට අත ඔසවන්නැයි කියූ විට, 300 කට අධික ප්‍රමාණයකින් එක අතක් හෝ ඉහළට එසවුණේ නැහැ.
ඔවුන්ට අනුව ත්‍රස්තවාදියා මහින්ද රාජපක්ෂ මිසෙක ප්‍රභාකරන් නෙවෙයි.
මහින්ද රාජපක්ෂ විසල් මිනිසෙක්.
නිවාසයක් අහිමි කර ඔහු රිදවීමට බැහැ.
නමුත් අසත්‍ය සහ වෛරය මත පිහිටා අප වෙනුවෙන් සටන් කළ, අපගේ වීරයෙකු, සතුරන් පිනවීම උදෙසා නිවසින් ඇද දැමීම මහ පොළව පවා කම්පා විය හැකි, ස්වභාව ධර්මයේ ශාපයට ලක් විය හැකි ක්‍රියාවක්.
එයටත් වඩා හද දවන සිදුවීම වන්නේ අද දිනයේ සිට ශ්‍රී ලංකාවේ පාලකයාට ඔහු තනතුරේ සිටියදීම, සුවබර විශ්‍රාම දිවියක් වෙනුවෙන් 'ඉපැයීමට' සහ ජාවාරම්කරුවන් පිනවීමට සිදුවන රටක්, මිනිසුන් විසින්ම ප්‍රීතිඝෝෂා කරමින් නිර්මාණය කිරීමයි.
ජනපතිවරයෙකුට නිවසක්, ආරක්ෂාව වෙනුවෙන් වියදම් කිරීමට පිරිස් සොයා ගැනීම අතිශය පහසුයි.
නමුත් කණගාටුව නම් අවසානයේ එහි මිල කිහිප ගුණයකින් ගෙවීමට සිදු වන්නේ රටට සහ ජනතාවට බව ඔවුන්ට නොවැටහීමය.
- සචින් රත්වත්තේ
(අන්තර්ජාලෙයන් උපුටාගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..