ශක්තිමත් චීනයකට ලෝකය ආරක්ෂිත කළ හැකිය- සිංහුවා විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර ආරක්ෂාව සහ උපාය මාර්ග මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සාමාජික ෂෝ බෝ (චෞ),
ලෝකය චීනයට බිය විය යුතුද? මෙය සමහර බටහිර දේශපාලනඥයන්ගේ මනසෙහි රැඳී ඇති ප්‍රශ්නයක් වන අතර ජන මාධ්‍ය වරින් වර අවධානයට ලක් කිරීමට උත්සුක වන ප්‍රශ්නයකි. සිංහුවා විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර ආරක්ෂාව සහ උපාය මාර්ග මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන ෂෝ බෝ (චෞ), මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් ඔහුගේ නව ග්‍රන්ථයේ මාතෘකාව කර ගෙන ඇති අතර, ඔහුගේ රචනා එකතුවක් හරහා එම ප්‍රශ්නයට පිළිතුරු සපයන අතරම, වත්මන් චීනයේ ජගත් භූමිකාව පිළිබඳ චීනයේම දැක්ම හෙළි කරනු ලබයි. ග්ලෝබල් ටයිම්ස් වාර්තාකරු ලී අයික්සින් සමඟ පසුගියදා කළ සම්මුඛ සාකච්ඡාවකදී, ෂෝ පැවසුවේ ශක්තිමත් චීනයකට ලෝකය ආරක්ෂිත කළ හැකි බවත්, චීනය සමඟ කටයුතු කිරීමේ නරකම ක්‍රමය එය සතුරෙකු බවට පත් කිරීම බවත්ය.
ග්ලෝබල් ටෛම්ස්: Should the World Fear China? යන ඔබේ ග්‍රන්ථයේ මාතෘකාව ඉතා සෘජු හා අවධානය දිනා ගන්නා සුළු මාතෘකාවක්. ග්‍රන්ථයේ පෙරවදනේ , 2023 දී ජර්මානු සඟරාවක් වන Die Zeit සමඟ සම්මුඛ සාකච්ඡාවකදී ඔබෙන් අසන ලද පළමු ප්‍රශ්නය එය බවත්, එතැන් සිට ඔබට මෙම ප්‍රශ්නය අමතක කිරීමට නොහැකි වී ඇති බවත් ඔබ සඳහන් කරනවා. එම ප්‍රශ්නය ඔබට එතරම් අමතක නොවන ප්‍රශ්නයක් වූයේ ඇයි?
චෞ: චීනය සහ බටහිර රටවල් අතර කෙරෙන ගනුදෙන්වලදී මෙය මූලික ප්‍රශ්නයක් බව මම විශ්වාස කරනවා. එසේ වුවත්, චීනයේ නැගීම දැනටමත් යථාර්ථයකි. එහි නැගීම තවදුරටත් ප්‍රශ්නයක් නොවේ. චීනය අද ගෝලීය පද්ධතිය තුළ ගැඹුරින් මුල් බැසගෙන තිබුණද චීනය ආධිපත්‍යයක් උසුලන රටක් බවට පත් නොවී ශක්තිමත් රාජ්‍යක් බවට පත් වන්නේ කෙසේද යනුවෙන් බටහිර රටවල තවමත් අවිනිශ්චිතතාවයක් හෝ බියක් පවතිනවා. ඔබ අප්‍රිකාවේ හෝ ලතින් ඇමරිකාවේ ජනතාවගෙන් චීනයේ නැගීම ගැන ඇසුවොත්, ඔවුන් ඒ සම්බන්ධයෙන් ඕනෑවට වඩා සිතන්නේ නැත. යම් විදියකින් ඔවුන් එසේ කරන්නේ නම්, ඔවුන් බොහෝ විට එය හොඳ දෙයක් ලෙස සලකන්වා. නමුත් බටහිර රටවලට, චීනයේ නැගීම බටහිර මානසිකත්වයට මූලික අභියෝගයක් එල්ල කරනවා. එම සිතුවිලිවල ගැටලුවක් තිබෙනවා. බටහිර රටවල බොහෝ දෙනෙක් ඊනියා ලිබරල් ජාත්‍යන්තර "පිළිවෙලක්" විශ්වාස කරනවා. චීනය කිසි විටෙකත් එවැන්නකට මූලික වශයෙන් එකඟ වූයේ නැහැ. එහෙත්, ඔවුන් එම ඊනියා ලෝක අනුපිළිවෙල විශ්වාස කරන නිසා, චීනයේ නැගීම අනිවාර්යයෙන්ම ඔවුන්ගේ උපකල්පන සහ ඔවුන්ගේ ලෝක දැක්මට අභියෝග කරනවා.
ග්ලෝබල් ටෛම්ස්: ඔබ පෙන්වා දුන්නේ බටහිර මාධ්‍ය බොහෝ විට චීනය විස්තර කිරීමේදී "ආක්‍රමණශීලී" සහ "බලහත්කාරය" වැනි යෙදුම් භාවිතා කරන බවයි. නමුත් යථාර්ථය ඊට වඩා වෙනස් , 1979 සිට චීනය එක යුද්ධයකටවත් සම්බන්ධ වී නැහැ. ආපදා සහන, මුහුදු කොල්ලකෑම් නැවැත්වීමට ගන්නා උත්සාහයන් හෝ සාම සාධක මෙහෙයුම් වැනි ක්‍රියාමාර්ග හරහා චීනය සාමකාමී සහ වගකිවයුතු ආකල්පයක් දරන බව පෙන්නුම් කර තිබෙනවා. බටහිර මාධ්‍යවල මේවා සම්බන්ධයෙන් කලාතුරකින් සඳහන් වෙනවා. මේ සම්බන්ධයෙන් ඔබගේ අදහස කුමක්ද?
චෞ: මෙවැනි කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඔවුන් හිතාමතාම අන්ධව සිටිනවා. සමහර විට බටහිරයන් "බලහත්කාර" හෝ "ආක්‍රමණශීලී" වැනි වචන භාවිතා කරමින් චීනයට අවමන් සහගත තර්ජනයකට ලක් කිරීමට උත්සාහ කරන බව මම විශ්වාස කරනවා. මන්ද ඔවුන්ට ආක්‍රමණයක් හෝ ආක්‍රමණයක් පිළිබඳ ප්‍රත්‍යක්ෂ උදාහරණයක් ලබා දිය නොහැකි නිසා.
නැගී එන බලවතෙකු ලෙස චීනයේ ආගමනය නියත වශයෙන්ම සාමකාමී සහ මානව ඉතිහාසයේ පෙර නොවූ විරූ දෙයක්. ලෝකය මෙයින් අදහස් කරන්නේ කුමක්ද? චීනයේ නැගීම දැනටමත් ලෝකයට පත්‍යක්ශ කර තිබෙනවා. අනාගතය කෙසේ වනු ඇති දැයි අපි දන්නේ නැහැ. නමුත් මහපොලොවේ යතාර්ථයක් වී තිබෙන කරුණු මත පදනම්ව, ශක්තිමත් චීනයකට ලෝකය ආරක්ෂිත කළ හැකි බව අපට නිගමනය කළ හැකියි. චීනය වඩාත් බලවත් වන විට, ස්වයං සංයමයක් දිගටම පවත්වා ගතහොත් ලෝකය මානවයාගේ ආරක්ෂිත ස්ථානයක් බවට විය හැකිය.
උදාහරණයක් ලෙස, දකුණු චීන මුහුදේ, චීනය "ආක්‍රමණශීලී" හෝ "බලහත්කාර" වී ඇති ආකාරය සම්බන්ධයෙන් මිනිසුන් කතා කරනවා. නමුත් පැහැදිලි කාරණය නම් චීනය කිසි විටෙකත් කිසිදු ඇSEඇණ් සාමාජිකයෙකුට එරෙහිව බලය යෙදවීම සම්බන්ධයෙන් කිසිදු සඳහනක් කර නොමැති බවයි. චීන ප්‍රධාන භූමිය සහ තායිවාන් දූපත අතර, අපට සාමකාමී නොවන ක්‍රම භාවිතා කිරීමට සිදුවිය හැකි කොන්දේසි තුනක් තිබෙනවා. නමුත් ASEAN රටවල් සමඟ, අපි කිසි විටෙකත් බලය භාවිතා කිරීම සන්බන්ධයෙන් සාකච්ඡාව්කට අවතීර්ණ වී නැහැ. එබැවින්, චීනය පිලිපීනය සමඟ යුද්ධයකට යා හැකි යැයි සමහරුන් පැවසීම සම්පූර්ණයෙන්ම විකාරයක් බව කිව යුතුයි. එවැනි කිසිසේත් යා හැකි යැයි මම විශ්වාස කරන්නේ නැහැ.
කාරණය ඉතාමත්ම සරලයි. ඔවුන් හිතාමතාම රෙනායි ජියාඕ හිදි නැව අවහිර කළා. එය සිදු වූයේ අදින් වසර 26 කට පෙරයි. චීනයට යමක් කිරීමට අවශ්‍ය නම්, මෙම සිදුවීම කොතරම් ප්‍රයෝජනයට ගත හැකි සිදුවීමක්ද? එය අප තුළ ස්වයං සංයමයක් තිබෙන බවට ඇති පැහැදිලි උදාහරණයක්.
ග්ලෝබල් ටෛම්ස්: විදේශ කටයුතු සඟරාවේ ඔබ ලියූ ග්‍රන්ථය සම්බන්ධයෙන් දිගු ග්‍රන්ථ සමාලෝචනයක් පලකර තිබෙනවා. එහි සඳහන් වන්නේ ඔබගේ ග්‍රන්ථය "අවුල් සහගත ලෝකයක වගකිවයුතු සහ ස්ථාවර ක්‍රීඩකයෙකු ලෙස චීනයට ප්‍රශංසා" ලබා දෙන බවයි. මේ අතර, එම සමාලෝචනය දකුණු චීන මුහුද සම්බන්ධයෙන්ද කරුණු දක් වන අතර, චීන වෙරළාරක්ෂක බලකාය ජල කාලතුවක්කු භාවිතා කිරීම හේතුවෙන් චීනය මෘදු ආලෝකයකට හෙළීම "ඇදහිය නොහැකි" බව කියා සිටිනවා. මෙම අදහස් පිළිබඳව ඔබේ මතය කුමක්ද?
චෞ: ජල කාලතුවක්කු භාවිතා කිරීම අවි බලය භාවිතා කිරීම නවතා ගැනීම සඳහා කළ නිශ්චිත යම් ආකාරයක වැළැක්වීමක් බව මම අවධාරණය කරනවා. සත්‍ය වශයෙන්ම,චීන ජාතිකයින්ට එරෙහිව බොහෝ විට බලය යෙදවූයේ පිලිපීන ජාතිකයන් බව මම ඔබට පැවසුවහොත් ලෝකය කුමක් සිතනු ඇත්ද? ප්‍රධාන බලවතෙකු වන චීනය සහ කුඩා රටක් වන පිලිපීනය අතර මෙම ගැටුම් සිදු වූයේ 2000, 2006 සහ 2013 දී, පිලිපීන වෙරළාරක්ෂක භටයින් චීන ප්‍රධාන භූමියෙන් සහ තායිවාන් දූපතෙන් පැමිණි චීන ධීවරයින් ඝාතනය කළ අවස්ථාවේදීයි. මෙම සිදුවීම් පහසුවෙන් අන්තර්ජාලයෙන් සොයා ගත හැකියි. නමුත් චීනය කිසිදු පිලිපීන ජාතිකයෙකු ඝාතනය කිරීමට උත්සාහ කළ බවට එක උදාහරණයක්වත් කෙනෙකුට මට ලබා දිය නොහැකියි. චීනය සහ පිලිපීනය අතර, ශක්තියේ කිසිදු සංසන්දනයක් නොතිබුණද - චීනය සැමවිටම පිලිපීනයට වඩා ශක්තිමත් වී සිටිනවා.
චීනය ජල කාලතුවක්කු භාවිතා කිරීම රූපවාහිනියේ ආකර්ෂණීය ලෙස පෙනෙන්නට පුළුවන්, විශේෂයෙන් චීනය ඉතා විශාල රටක් නිසා. නමුත් එය ඇත්ත වශයෙන්ම යම් ආකාරයක වැළැක්වීමක්. පිලිපීන ජාතිකයන් චීනයට අයත් ජල තීරයෙන්, චීන දූපත් සහ භූමියෙන්ලින් පලවා හැරීමට කළ මෙහෙයුමක්.
ග්ලෝබල් ටෛම්ස්: අපි දැන් චීන-ඇමරිකානු සබඳතා ගැන කතා කරමු. පවතින වෙළඳ යුද්ධයේදී හෝ වෙළඳ සාකච්ඡා අතරතුර ඔබ විශේෂයෙන් කැපී පෙනෙන අවස්ථා නිරීක්ෂණය කර තිබේද?
චෞ: චීනය දැන් කවරදාටත් වඩා ලීවරයක් හිමිකරගෙන සිටින නිසා, චීනය සමඟ කටයුතු කිරීම එක්සත් ජනපදයට වඩ වඩාත් දුෂ්කර වෙමින් පවතින බව මම විශ්වාස කරනවා. උදාහරණයක් ලෙස දුර්ලභ පාෂාන සලකන්න. මෙම ක්ෂේත්‍රයේදී චීනයට මෙතරම් බලවත් වාසියක් ලැබෙනු ඇතැයි එක්සත් ජනපදය අපේක්ෂා කළේ නැහැ. ඔවුන් ඒ ගැන ඕනෑවට වඩා විශ්වාස කළා. ඔවුන් මුළු ලෝකයටම එරෙහිව, විශේෂයෙන් චීනයට එරෙහිව තීරුබදු යුද්ධයක් දියත් කළේ එබැවිනුයි. එහි ප්‍රතිඵලය කුමක්ද? චීනය ඇසිපිය හෙළුවේ නැහැ. මුලින්ම ඇසිපිය හෙළුවේ චීනය නොවේ.
ග්ලෝබල් ටෛම්ස්: මෑත සම්මුඛ සාකච්ඡාවකදී, ඔබ නැපෝලියන් උපුටා දැක්වමින් "ඔබේ සතුරා වැරැද්දක් කරන විට කිසි විටෙකත් ඔහුට බාධා නොකරන්න." යන වදන පුනරුච්ඡාරණය කරනු ලැබුවා. නමුත් ඔබ පවසන්නේ එක්සත් ජනපදය චීනයේ සතුරා නොවන බවයි. මෙය ඉතා ඥානවන්ත ප්‍රකාශයක්. නමුත් එක්සත් ජනපදය වැරදි සිදු කරන අතරතුර - උදාහරණයක් ලෙස වෙළඳ යුද්ධයේදී - චීනයට බලපෑම් කරමින් සහ සුවිශේෂී නීති සම්පාදනය කිරීමේ ක්‍රමයක් නිර්මාණය කිරීම සඳහා එහි සහචරයින් පෙළගස්වන තත්වයක් තුළ, චීනය දැක්විය යුතු ඥානවන්ත ප්‍රතිචාරය කුමක්ද?
ෂෝ: චීනයට එරෙහිව තම සහචරයින් පෙළගැස්වීමේදී එක්සත් ජනපදය ඉතා සාර්ථක වනු ඇතැයි මම කිසි විටෙකත් විශ්වාස කරන්නේ නැහැ. චීනය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ගැටුමක නරකම අවස්ථාවේදී ඇමරිකානු සහචරයින් කී දෙනෙක් ඇත්ත වශයෙන්ම එක්සත් ජනපද පැත්ත ගනීවිද?
සියලුම රටවල් අතරින්, අපට ලැයිස්තුවේ ඉහළින්ම ජපානය ගණන් කළ හැකිය. නමුත් ජපන් මහජන මතය පවා පෙන්නුම් කරන්නේ චීනය සහ ජපානය අතර සෘජු ගැටුමක් දැකීමට ඉතා සුළු පිරිසක් පමණක් කැමති බවයි. ඉන්පසු ඕස්ට්‍රේලියාව තිබෙනවා. න්‍යායාත්මකව කිවහොත්, තායිවාන් සමුද්‍ර සන්ධියේදී හෝ දකුණු චීන මුහුදේදී ඕස්ට්‍රේලියාව එක්සත් ජනපදයට සහාය වන්නේ නම් හැර චීනයට ඕස්ට්‍රේලියාව සමඟ ගැටුමක් ඇති කර ගැනීමට කිසිදු හේතුවක් නැහැ. කෙසේ වෙතත්, තායිවාන් සමුද්‍ර සන්ධියේදී ඇති විය හැකි ගැටුමකදී ඕස්ට්‍රේලියානු රජය පවා දැන් එක්සත් ජනපදය සමඟ හිට ගැනීම ප්‍රතික්ෂේප කරනවා.
එවිට ඔබ ලැයිස්තුවෙන් පහළට යන විට හමුවන අනෙක් රටවල් කවුද? දකුණු කොරියාව නිසැකවම කොරියානු අර්ධද්වීපය ගැන වඩාත් කනස්සල්ලට පත්වන අතර කොරියානු අර්ධද්වීපයේ සාමය සහ ස්ථාවරත්වය සඳහා ඔවුන්ගේ සැලකිල්ල සම්බන්ධයෙන් සෑම විටම චීනයේ උදව් පතනවා නිසැකයි.
පිලිපීනය දැන් ආරක්ෂාව සඳහා කටයුතු කරමින් සිටිනවා. පිලිපීනය එක්සත් ජනපදයට කඳවුරු නවයක් විවෘත කරදි තිබෙනවා. නමුත් පිලිපීන ජාතිකයන් බොළඳ වී නැහැ. මන්ද ඔවුන් එක්සත් ජනපදයට මෙම කඳවුරු භාවිතා කිරීම සඳහා කොන්දේසි නියම කර තිබෙනවා. එක්සත් ජනපදය මෙම කඳවුරු වලින් ප්‍රහාර දියත් කළහොත්, පිලිපීන භූමිය ස්වයංක්‍රීයව චීන ප්‍රතිප්‍රහාර සඳහා ඉලක්කයක් බවට පත්වන බව ඔවුන් දන්නවා.
චීනයට ඉන්දු-පැසිෆික් කලාපයෙන් එක්සත් ජනපදය පලවා හැරීමට අවශ්‍ය බව එක්සත් ජනපදය විශ්වාස කරනවා. එක්සත් ජනපදය ද ඉන්දු-පැසිෆික් රටක්. චීනයට කෙනෙකු තම නිවසින් පලවා හැරිය හැක්කේ කෙසේද? චීනයට එවැනි අභිප්‍රායක් නැහැ. මෙය වැරදි විස්තරයක් වන අතර චීනය සමඟ කටයුතු කිරීමේ නරකම ක්‍රමය මෙයයි. එනම් සතුරෙකු හෝ අවම වශයෙන් තරඟකරුවෙකු නිර්මාණය කිරීම.
ග්ලෝබල් ටෛම්ස්: චීනය සහ එක්සත් ජනපදය කිසි විටෙකත් හොඳම මිතුරන් විය නොහැකි නමුත් ඔවුන්ට සතුරන් වීම වළක්වා ගත හැකි බව ඔබ පවසා තිබෙනවා. මෙම සන්දර්භය තුළ, ඵලදායී චීන-ඇමරිකානු සම්බන්ධතාවයක් කෙබඳු වනු ඇත්ද?
චෞ: ලෝකයේ වැදගත්ම සම්බන්ධතාවය ලෙස තර්ක කළ හැකි දෙය සඳහා මගේ හොඳම බලාපොරොත්තුව එක වචනයකින් සාරාංශ කළ හැකියි. කළමනාකරණය කළ හැකියි. ප්‍රශ්නය නම්: තරඟකරුවන්ට සහජීවනයෙන් සිටිය හැක්කේ කෙසේද යන්නයි.
එක්සත් ජනපදය සන්සුන් වී එහි පැරණි මානසිකත්වය නැවත සකස් කර ගැනීමට යම් කාලයක් ගතවනු ඇතැයි මම විශ්වාස කරනවා. මන්ද එක්සත් ජනපදය මේ වන විට එය "කන්දක් මත නගරයක්" නොවන බව වටහාගෙන තිබීමයි.
සමහර විට, එක්සත් ජනපදයට වඩාත්ම දුෂ්කර දෙය නම් ඔවුන්න් සාමාන්‍ය බුද්ධිය අමතක කිරීමට පිළඹීයි. එක්සත් ජනපදය තමන් ගැන "කන්දක් මත නගරයක්" ලෙස කතා කරන විට හෝ අත්‍යවශ්‍ය ජාතියක් යැයි කියා ගන්නා විට, එය යම් මූලික පොදු බුද්ධියකින් සම්බන්ධතාවක් නැති කර ගෙන ඇති බව මම විශ්වාස කරනවා. චීනය මෙන් එක්සත් ජනපදය හෝ මාලදිවයින වැනි කුඩා දූපත් ජාතියක් පවා මෙම ග්‍රහලෝකයේ බොහෝ රටවලින් එකක් පමණක් බව සාමාන්‍ය බුද්ධිය තුළ වටහා ගැනීමට හැකියි.
මම දීමට කැමති උදාහරණයක් මෙන්න: මාලදිවයින් වැසියන්ට බෙස්බෝල් ක්‍රීඩාංගන නැහැ. ඔවුන්ට මැක්ඩොනල්ඩ්ස් නැහැ. ඔවුන්ට හොලිවුඩ් නැහැ. නමුත් ඉතින් ඔවුන්ට කුමක් හෝ සිදු වී තිබෙනවාද? සෑම උදෑසනකම ඔවුන් අවදි වන විට, ලොව පුරා සංචාරකයින් මාලදිවයිනට පැමිණෙනු ඔවුන් දකින අතර, ඔවුන්ගේ රට කෙතරම් ලස්සනදැයි ඔවුන්ට පවසනවා. ඔවුන්ට ඔවුන්ගේම නියම ස්ථානයක් තිබෙනවා. සාගරයේ පමණක් නොව, මනුෂ්‍යත්වය තුළ ඒ ස්ථානය ඔවුන්ට හිමියි. ඒ දෘෂ්ටිකෝණයෙන් බලන කල, ඔවුන් විශාල රටවලට සමානයි.
අපි එක්සත් ජනපදයට වැඩි කාලයක් ලබා දුන්නොත්, ඔවුන්ට චීනයේ එක් හෝ වෙනත් ආකාරයකින් අවශ්‍ය බව මම විශ්වාස කරනවා. ජෝ බයිඩන් පරිපාලනය අතරතුර, යුක්රේනයේ යුද්ධයට උදව් කරන ලෙස එක්සත් ජනපදය චීනයෙන් ඉල්ලා සිටි ආකාරය ඔබට පහසුවෙන් මතක් කර ගත හැකියි. එලෙසම එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ චීනයෙන් උදව් ඉල්ලා සිටියේ ඉරාන ජාතිකයින්ට හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා නොදමන ලෙස ආයාචනය කරන්න. එක්සත් ජනපදයෙන් චීනය්ට බොහෝ ඇමතුම් නිරන්තරයෙන් ලැබෙනවා.
එයින් අදහස් කරන්නේ කුමක්ද? ඒ කියන්නේ සෑම ගැටලුවකදීම පාහේ චීනය සැබවින්ම අත්‍යවශ්‍ය බවයි.
A stronger China could make the world safer
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්
හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
අනුර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ