
උතුම් දළඳා ප්‍රදර්ශනය සම්පූර්ණයෙන්ම අසාර්ථක, කලබගෑනියක් වීමේ වගකීම
උතුම් දළඳා ප්‍රදර්ශනය සම්පූර්ණයෙන්ම අසාර්ථක, කලබගෑනියක් වීමේ වගකීම පැහැදිලිවම රජය භාරගත යුතුය.
දළදා ප්‍රදර්ශනය වත්මන් රජය කොතරම් අසංවිධානාත්මක, සැලසුමක් නැති, පරිපාලනයේ දුර්වලයන් පිරිසක් යැයි කීමට හොඳ උදාහරණයකි.
එයට 2009 වසරේ පැවැති දළදා ප්‍රදර්ශනයෙන් නිදසුන් ලබාගත හැක.
2009 මාර්තු මාසයේ යුද්ධයේ අවසන් සමයේ යුද ජයග්‍රහණයට ආශිර්වාද පතා දළඳා ප්‍රදර්ශනය පැවැත්විය.
එයට ආරක්ෂාවේ දැඩි තර්ජනයක් ද විය.
දළඳා මාලිගාව අසල හෝ තුල එක් බෝම්බයකින්, ප්‍රභාකරන්ට පැරදීමට යන යුද්ධය ජයග්‍රහණයට හැරවිය හැක.
සම්පූර්ණයෙන්ම දකුණේ ජයග්‍රාහී මානසිකත්වය බිඳ දැමිය හැකිය.
ඒ අනුව මෙය ත්‍රස්තවාදීන්ට අවස්ථාවකි. රජයට ප්‍රබල අභියෝගයකි.
යුද්ධයේ දරුණු සහ තීරණාත්මක සමයක උතුරු නැගෙනහිර ක්‍රියාත්මක හමුදා ඛණ්ඩ හෝ කොළඹ බස් බෝම්බ වැළැක්වීම උදෙසා ක්‍රියාත්මක පොලීසිය සහමුලින්ම ගලවා නුවර ගෙන ඒම අපහසුය.
නමුත්!
ආරක්ෂාවේ කිසිඳු ගැටලුවක් හෝ කිසිදු කල්මැරීමක් නොමැතිව අතිසාර්ථක දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට මහින්ද රජයට හැකිවිය.
දළදා ප්‍රදර්ශනයට ලක්ෂ 30 ක ජනතාවක් දිවයින පුරා ප්‍රදේශ වලින් පැමිණියහ.
කොටින්ම ගම් පිටින් බස් රථ ගෙන 2009 දළඳා ප්‍රදර්ශනයට ජනතාව පැමිණියහ.
එයට ප්‍රධාන හේතුවක් වූයේ ත්‍රිවිධ හමුදාවේ සටන් වදිනා සිය ඥාතීන්ට, මිතුරන් වෙනුවෙන් ප්‍රාර්ථනා කිරීම සහ භාර වීමය.
2009 දළදා ප්‍රදර්ශනයට පැහැදිලිවම VIP පෝළිමක් තිබුණි. කොටින්ම නුවර සෑම දෙනෙකුම පාහේ සිය සබඳතා ඔස්සේ දන්ත ධාතූන් වැදගත්තේ එම VIP පෝළිමෙනි.
VIP පෝළිමේ උපරිම කාලය පැයකි.
සෙසු පෝළිම් හතරක් තිබුණි. එහි උපරිම කාලය පැය හයකි.
ආරක්ෂාව යුද හමුදාව, පොලීසිය සහ බුද්ධි අංශ විසින් සැපිරුවේය.
පැමිණෙන බැතුමතුන්ට පහසුකම් සැපයීම ව්‍යාපාරික ප්‍රජාවට සහ ප්‍රාදේශීය දේශපාලඥයන්ට පවරා තිබුණි.
කොටින්ම එක් එක් පෝළිමට පහසුකම් සැපයීම නුවර එවකට ප්‍රධාන දේශපාලන නායකයන්ට පවරා තිබූ බව නොරහසකි.
ඔවුන් විසින් ව්‍යාපාරිකයන් සහ ප්‍රාදේශීය දේශපාලන යාන්ත්‍රණය උපයෝගි කරගනිමින් පහසුකම් සැලසීම සිදුකරන ලදි.
* පැමිණෙන ජනතාවට ආහාර පාන වලින් කිසිඳු අඩුවක් නොවීය.
ඒ සඳහා සොෆ්ට්ලොජික්, අබාන්ස්, ඩයලොග් වැනි ප්‍රධාන සමාගම් සියල්ල සහභාගී කරවා ගත්තේය.
එමෙන්ම ප්‍රාදේශීය දේශපාලඥයන් එක්වී සංවිධානය කළ දන්සැල් ද බොහෝ විය.
* සමීපාරක්ෂක පහසුකම් නිසි අයුරින් සපයා තිබුණි.
* ඉතාම වයෝවෘද්ධ, ශාරිරිකව අපහසු පුද්ගලයන්ට මිසෙක සාමාන්‍ය වැඩිහිටියෙකුට කිසිදු කරදරයක් සිදුනොවෙන ලෙසට පෝළිම පැවතිණි.
* කැලි කසල ඉතාම ක්‍රමවත්ම බැහැර කිරීමට අවශ්‍ය පද්ධතිය නාගරික සංවර්ධන අමාත්‍යංශයේ අධීක්ෂණය මත මහනුවර මහනගර සභාව විසින් පවත්වාගෙන ගියහ.
ඒ 2009 වසරයි.
තාක්ෂණය අතිශය දියුණු, ආරක්ෂාවේ කිසිඳු තර්ජනයක් නැති 2025 ඕනෑවටත් වඩා හොඳින් සංවිධානය කිරීමේ විභවයක් තිබුණි.
2009 දළඳා ප්‍රදර්ශනයේ වැඩි ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසක් යොදවා තිබුණේ ආරක්ෂාව තහවුරු කිරීමටයි.
2025 ඒ මානව සම්පත සහමුලින්ම සංවිධානය කිරීමේ සහ පහසුකම් සැපයීමේ කටයුතු සඳහා යොදාගත හැකිව තිබුණි.
මහනුවර මහනගර සභාව නිසි පරිදි භාවිතා කිරීමට රජය අසමත් ය.
ව්‍යාපාරිකයන් සහ සෙසු යාන්ත්‍රණ වල සහය ලබා ගැනීමට රජය අසමත් ය.
කොටින්ම මාලිමා ආණ්ඩුව ෆේල් ය.
නමුත් දැන් දළඳා ප්‍රදර්ශනය ඉතාම ඛේදාන්තයක් බවට පත්වෙමින් තිබේ.
තමන්ගේ සංවිධාන ශක්තිය ගැන බොරු පම්පෝරී ගැසූ රජයේ රතු තරුව සැබැවින්ම මහපොළවේ සැබෑ අභියෝගාත්මක තත්ත්වයක වැඩ බැරි යාන්ත්‍රණයක් බව ඔප්පු වෙමින් තිබේ.
ඔවුන් විසින් දූෂිත යැයි හංවඩු ගැසූ පසුගිය රජයන් හි ප්‍රාදේශීය යාන්ත්‍රණය සැබෑවටම කාර්යක්ෂම එකක් බව පෙනේ.
- සචින්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදි අවසර දෙයි..
රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදනයට කොළඹ වරාය භාවිතා කිරීම පිටුපස ඇති කතාව පුබුදු හෙළිකරයි.. ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් ගැනත් හෙළිදරව්වක්.. (වීඩියෝ)
විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..
ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..
බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)
