උතුම් දළඳා ප්‍රදර්ශනය සම්පූර්ණයෙන්ම අසාර්ථක, කලබගෑනියක් වීමේ වගකීම
උතුම් දළඳා ප්‍රදර්ශනය සම්පූර්ණයෙන්ම අසාර්ථක, කලබගෑනියක් වීමේ වගකීම පැහැදිලිවම රජය භාරගත යුතුය.
දළදා ප්‍රදර්ශනය වත්මන් රජය කොතරම් අසංවිධානාත්මක, සැලසුමක් නැති, පරිපාලනයේ දුර්වලයන් පිරිසක් යැයි කීමට හොඳ උදාහරණයකි.
එයට 2009 වසරේ පැවැති දළදා ප්‍රදර්ශනයෙන් නිදසුන් ලබාගත හැක.
2009 මාර්තු මාසයේ යුද්ධයේ අවසන් සමයේ යුද ජයග්‍රහණයට ආශිර්වාද පතා දළඳා ප්‍රදර්ශනය පැවැත්විය.
එයට ආරක්ෂාවේ දැඩි තර්ජනයක් ද විය.
දළඳා මාලිගාව අසල හෝ තුල එක් බෝම්බයකින්, ප්‍රභාකරන්ට පැරදීමට යන යුද්ධය ජයග්‍රහණයට හැරවිය හැක.
සම්පූර්ණයෙන්ම දකුණේ ජයග්‍රාහී මානසිකත්වය බිඳ දැමිය හැකිය.
ඒ අනුව මෙය ත්‍රස්තවාදීන්ට අවස්ථාවකි. රජයට ප්‍රබල අභියෝගයකි.
යුද්ධයේ දරුණු සහ තීරණාත්මක සමයක උතුරු නැගෙනහිර ක්‍රියාත්මක හමුදා ඛණ්ඩ හෝ කොළඹ බස් බෝම්බ වැළැක්වීම උදෙසා ක්‍රියාත්මක පොලීසිය සහමුලින්ම ගලවා නුවර ගෙන ඒම අපහසුය.
නමුත්!
ආරක්ෂාවේ කිසිඳු ගැටලුවක් හෝ කිසිදු කල්මැරීමක් නොමැතිව අතිසාර්ථක දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට මහින්ද රජයට හැකිවිය.
දළදා ප්‍රදර්ශනයට ලක්ෂ 30 ක ජනතාවක් දිවයින පුරා ප්‍රදේශ වලින් පැමිණියහ.
කොටින්ම ගම් පිටින් බස් රථ ගෙන 2009 දළඳා ප්‍රදර්ශනයට ජනතාව පැමිණියහ.
එයට ප්‍රධාන හේතුවක් වූයේ ත්‍රිවිධ හමුදාවේ සටන් වදිනා සිය ඥාතීන්ට, මිතුරන් වෙනුවෙන් ප්‍රාර්ථනා කිරීම සහ භාර වීමය.
2009 දළදා ප්‍රදර්ශනයට පැහැදිලිවම VIP පෝළිමක් තිබුණි. කොටින්ම නුවර සෑම දෙනෙකුම පාහේ සිය සබඳතා ඔස්සේ දන්ත ධාතූන් වැදගත්තේ එම VIP පෝළිමෙනි.
VIP පෝළිමේ උපරිම කාලය පැයකි.
සෙසු පෝළිම් හතරක් තිබුණි. එහි උපරිම කාලය පැය හයකි.
ආරක්ෂාව යුද හමුදාව, පොලීසිය සහ බුද්ධි අංශ විසින් සැපිරුවේය.
පැමිණෙන බැතුමතුන්ට පහසුකම් සැපයීම ව්‍යාපාරික ප්‍රජාවට සහ ප්‍රාදේශීය දේශපාලඥයන්ට පවරා තිබුණි.
කොටින්ම එක් එක් පෝළිමට පහසුකම් සැපයීම නුවර එවකට ප්‍රධාන දේශපාලන නායකයන්ට පවරා තිබූ බව නොරහසකි.
ඔවුන් විසින් ව්‍යාපාරිකයන් සහ ප්‍රාදේශීය දේශපාලන යාන්ත්‍රණය උපයෝගි කරගනිමින් පහසුකම් සැලසීම සිදුකරන ලදි.
* පැමිණෙන ජනතාවට ආහාර පාන වලින් කිසිඳු අඩුවක් නොවීය.
ඒ සඳහා සොෆ්ට්ලොජික්, අබාන්ස්, ඩයලොග් වැනි ප්‍රධාන සමාගම් සියල්ල සහභාගී කරවා ගත්තේය.
එමෙන්ම ප්‍රාදේශීය දේශපාලඥයන් එක්වී සංවිධානය කළ දන්සැල් ද බොහෝ විය.
* සමීපාරක්ෂක පහසුකම් නිසි අයුරින් සපයා තිබුණි.
* ඉතාම වයෝවෘද්ධ, ශාරිරිකව අපහසු පුද්ගලයන්ට මිසෙක සාමාන්‍ය වැඩිහිටියෙකුට කිසිදු කරදරයක් සිදුනොවෙන ලෙසට පෝළිම පැවතිණි.
* කැලි කසල ඉතාම ක්‍රමවත්ම බැහැර කිරීමට අවශ්‍ය පද්ධතිය නාගරික සංවර්ධන අමාත්‍යංශයේ අධීක්ෂණය මත මහනුවර මහනගර සභාව විසින් පවත්වාගෙන ගියහ.
ඒ 2009 වසරයි.
තාක්ෂණය අතිශය දියුණු, ආරක්ෂාවේ කිසිඳු තර්ජනයක් නැති 2025 ඕනෑවටත් වඩා හොඳින් සංවිධානය කිරීමේ විභවයක් තිබුණි.
2009 දළඳා ප්‍රදර්ශනයේ වැඩි ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසක් යොදවා තිබුණේ ආරක්ෂාව තහවුරු කිරීමටයි.
2025 ඒ මානව සම්පත සහමුලින්ම සංවිධානය කිරීමේ සහ පහසුකම් සැපයීමේ කටයුතු සඳහා යොදාගත හැකිව තිබුණි.
මහනුවර මහනගර සභාව නිසි පරිදි භාවිතා කිරීමට රජය අසමත් ය.
ව්‍යාපාරිකයන් සහ සෙසු යාන්ත්‍රණ වල සහය ලබා ගැනීමට රජය අසමත් ය.
කොටින්ම මාලිමා ආණ්ඩුව ෆේල් ය.
නමුත් දැන් දළඳා ප්‍රදර්ශනය ඉතාම ඛේදාන්තයක් බවට පත්වෙමින් තිබේ.
තමන්ගේ සංවිධාන ශක්තිය ගැන බොරු පම්පෝරී ගැසූ රජයේ රතු තරුව සැබැවින්ම මහපොළවේ සැබෑ අභියෝගාත්මක තත්ත්වයක වැඩ බැරි යාන්ත්‍රණයක් බව ඔප්පු වෙමින් තිබේ.
ඔවුන් විසින් දූෂිත යැයි හංවඩු ගැසූ පසුගිය රජයන් හි ප්‍රාදේශීය යාන්ත්‍රණය සැබෑවටම කාර්යක්ෂම එකක් බව පෙනේ.
- සචින්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..