උතුරු නැගෙනහිර අද හර්තාල්..
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, පළාත් සභා මැතිවරණය පැවැත්වීම, දෙමළ ජනතාවගේ ඉඩම් ගැටලු නොවිසඳීම ඇතුළු කරුණු කිහිපයකට විසඳුම් ඉල්ලා උතුරු නැගෙනහිර ප්‍රදේශවල අද (18දා) හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කරන බව ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ මඩකළපුව දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රි ශානක්‍යන් රාසමානික්කන් පවසයි.
පාර්ලිමේන්තුව නියෝජනය කරන උතුරු නැගෙනහිර දෙමළ පක්ෂ 03ක සහ මුස්ලිම් පක්ෂ 03ක පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ නායකත්වයෙන් හර්තාලය සිදුකරන බවත් රාමනාදන් අර්ජුනා සහ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ පක්ෂ දෙක මෙම හර්තාලයට සහාය දක්වන බවට ප්‍රකාශ කර ඇතත් ඔවුන් හර්තාල් ව්‍යාපාරයට විරුද්ධ වන බවට එළිපිට අදහස් දැක්වීමක් සිදුකර නැති බවත් මන්ත්‍රිවරයා කීය.
ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ආකාරයට තම ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවත් උතුරු නැගෙනහිර සාමාන්‍ය ජනතාවට අයත් ඉඩම්, පාසල්, පිට්ටනි හමුදා පාලනය යටතේ පවතින බවත් මුලතිව් දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් 11 දෙනකුට හමුදා සාමාජිකයකු බැගින් සිටිනා බවත් ඔහු කීය. මෙසේ වැඩි වශයෙන් හමුදාව එම ප්‍රදේශය ඇතුළු උතුරු නැගෙනහිර සිටීම නිසා දෙමළ ජනතාවට ගැටලු රැසකට මුහුණදීමට සිදුවී ඇති බවත් සාමාන්‍ය ජනතාවගේ ඉඩම්වල හමුදාව වගා කටයුතු කිරීම නිසා එම ජනතාවට ආර්ථික වශයෙන් ගැටලු මතුවී ඇති බවත් මන්ත්‍රිවරයා කීය.
ඉකුත් 07 වැනිදා මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයට අයත් මුත්තු අයන්කට්ටු ප්‍රදේශයේ හමුදා ප්‍රහාරයකින් 32 හැවිරිදි තරුණයකු මියයෑම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගත්ත ද එම තරුණයාගේ ජීවිතය නැවත නොලැබෙන බවත් යම්කිසි සොරකමක් කිරීමට කඳවුරට පැමිණියා නම් ඔහු පොලිසියට භාරදීමට තිබූ බවත් මන්ත්‍රිවරයා කීය.
මියගිය තරුණයා කඳවුරේ කිහිපදෙනකු සමග සම්බන්ධතා පවත්වා ඇති බවත් ඔවුන් නොමැති දිනයක කඳවුරට යෑම නිසා තරුණයා මියයන්නට ඇතැයි තමා විශ්වාස කරන බවත් ඒ මහතා කීය. තම ගැටලු සම්බන්ධයෙන් හර්තාලය පවත්වා රජයෙන් විසඳුම් ඉල්ලා සිටින බවත් ඒ වගේම තම ඉල්ලීම්වලට විසඳුම් ඉල්ලා තම පක්ෂයේ ලේකම්වරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යොමුකර ඇති බවත් ඔහු කීය.
ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර තම ඉල්ලීම්වලට විසඳුම් ලබාගැනීම අරමුණ බවත් ජනාධිපතිවරයා සමග පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී සිදුකළ සාකච්ඡාවකින් පසු තවම සාකච්ඡාවක් සිදුනොකළ බවත් එම සාකච්ඡාව ද පැවැත්වූයේ ආපදා තත්ත්වයක් සම්බන්ධයෙන් බවත් ඔහු කීය.
මේ අතර උතුරු – නැගෙනහිර පරිපාලන හා වෙළෙඳ කටයුතු සියල්ල නවතා දමා මෙම හර්තාල් ව්‍යාපාරය දියත් කිරීමට දෙමළ පක්ෂ එක්ව කටයුතු කරන ලෙසට සුමන්තිරන් මහතා විවෘත ආරාධනයක් කර තිබිණි. ඒ සඳහා වතුකරයේ ජනතාව නියෝජනය කරන වෘත්තීය සමිති නායකයන්ගේ සහයෝගය ලබාදෙන ලෙස ඉලංගෙයි තමිල් අරසු කච්ච පක්ෂයේ නායකයන් ද මීට පෙර ඉල්ලීම් කර තිබුණි. මේ සඳහා කඳුරට ජනතා පෙරමුණේ පූර්ණ සහයෝගය ලබාදෙන බව එම පක්ෂයේ නායක වී. රාධා ක්‍රිෂ්ණන් මහතා ද දැනුම් දී තිබුණි.
ලංකා කම්කරු කොංග්‍රසය ද හර්තාලයට සහයෝගය දක්වන බවත් වතුකරයේ ජනතාවගේ සහය නොදුනහොත් ගැටලුවක් වන නිසා තම පක්ෂය පූර්ණ සහයෝගය ලබාදෙන බවටත් වී. රාධා ක්‍රිෂ්ණන් මන්ත්‍රිවරයා තවදුරටත් අදහස් දක්වා තිබුණි.
එක්සත් සාම සන්ධානයේ නිර්මාතෘ සහ මහ ලේකම් කොළඹ දිස්ත්‍රික් නාගරික මන්ත්‍රි අයි. ඒ. කලිලුර් රහ්මන් සඳහන් කර සිටියේ කාත්තන්කුඩි, එරාවුර්, මුත්තූර්, කින්නියා, අලංචිපතාන ඇතුළු රටේ බොහෝ ප්‍රදේශවල සිදුවූ ඝාතන හා හජ් වන්දනාකරුවන් ඝාතනයන් හා පැහැරගැනීම්, උතුරේ මුස්ලිම්වරුන් බලහත්කාරයෙන් පලවා හැරීම් හෝ මුස්ලිම්වරුන්ගේ ඉඩම් සහ දේපළ අත්පත් කර ගැනීම් යනාදී අසාධාරණයන් පිළිබඳව දෙමළ නායකයන් මුස්ලිම්වරුන්ට සහය දක්වමින් කතා කර නොමැති බවද ඔහු අවධාරණය කර සිටී. එමෙන්ම දෙමළ සන්ධානය පළමුව කල්මුණේ පරිපාලන බෙදුම්වාදී ඉල්ලීම, මඩකළපුවේ සහ ත්‍රිකුණාමලය මුස්ලිම්වරුන්ට අමු අමුවේ සිදුවන පරිපාලන අකටයුතුකම් සහ උතුරේ මුස්ලිම්වරුන්ගේ අභිලාෂයන් සහ අයිතිවාසිකම්වලට බාධා කිරීම නැවැත්විය යුතු බවත් ඔහු අවධාරණය කර සිටී.
මේ අතර, රජය හා ආරක්ෂක අංශ ඉලක්ක කර ගනිමින් කරන අදහස් විකෘති කිරීම් වලින් හා අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටින බව කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා ඊයේ සවස සඳහන් කළේය. මුලතිව් හමුදා කඳවුරකට බලහත්කාරයෙන් ඇතුළු වීමට තැත් කළ පුද්ගලයකු මියයෑමේ සිද්ධිය ගැන රජය පරීක්ෂණයක් පවත්වන බවත් දැනටමත් හමුදාවේ තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ඇමැතිවරයා පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..