ආණ්ඩුව ට්‍රිලියන 1.2ක් අච්චු ගහලා.. රටේ ණය බර බිලියන 905 කින් ඉහළ ගිහින්..
මුදල් අච්චු ගැසීම, විදේශ සංචිත පහත වැටීම හා දේශීය ණය ප්‍රමාණය ඉහළ යාම වසරේ ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට බලවත් අභියෝගයක් විය හැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
2024 ඔක්තෝබර් සිට 2025 ජූනි දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 1225.9 ක් (හෙවත් රු. ට්‍රිලියන 1.2) ක් අච්චු ගසා ඇත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වන එකඟතා කඩකරමින් මුදල් අච්චු ගැසීම නැවත වරක් ආර්ථික අර්බුදයක් කරා රට යොමු වීමේ ආරම්භය විය හැකි බව එහි මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව, මේ දක්වා කාලය තුල එක් එක් මාසයේ දී අච්චු ගසා ඇති මුදල හෙවත් ‘පුළුල් මුදල් සැපයුමේ පුළුල්වීම’ (money printing – Broad money (M2b) ප්‍රමාණය පහත දැක්වේ.
(රු.බිලියන)
2024 ඔක්තෝබර් 58.70
නොවැම්බර් 78.30
දෙසැම්බර් 234.80
2025 ජනවාරි 117.40
පෙබරවාරි 104.70
මාර්තු 233.90
අප්‍රේල් 154.20
මැයි 33.60
ජූනි 210.30
අච්චු ගැසූ මුළු මුදල රු. බිලියන 1,225.9 (පුළුල් මුදල් සැපයුමේ පුළුල්වීම (M2b))
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මාර්ගෝපදේශයන්ට පටහැනිව මහ බැංකුව 2025 ජූනි මස පමණක් රු. බිලියන 210.3 (පුළුල්වීම 10.4%) ක් අච්චු ගසා ඇත. 2025 මාර්තු මස රු. බිලියන 233.90 ක් අච්චු ගසා (M2b) ඇති අතර පළමු මාස හය තුල මසක දී අච්චු ගැසූ වැඩිම මුදලයි. ගෝඨාභය පාලන සමයේ දී, අසීමිත මුදල් අච්චු ගැසීම හේතුවෙන් (උදා. 2022 අප්‍රේල් – මැයි පුළුල්වීම 17% -20%) ආර්ථිකයට මහත් විනාශයක් සිදු විය. 2001, රටේ මුල්‍ය අර්බුදයක් ඇති නොවීමට සුදුසු පියවර ගැනීම පාර්ලිමේන්තුවේ හා මහ බැංකුවේ ඒකාබද්ධ වගකීමකි.
ණය බර වැඩිවීම
පසුගිය සැප්තෑම්බර් ජනාධිපතිවරණයෙන් පසුව නැවත රටේ ණය ක්‍රමිකව නමුත් වේගයෙන් වැඩි වෙමින් ඇත. නව රජය බිහිවන විට රු. බිලියන 17,595.05 ක් වූ ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රමාණය, 2025 අප්‍රේල් වන විට රු. බිලියන 18,629.86 දක්වා එනම්, රු. බි. 1034.81 කින් ඉහළ නැග ඇත.
නව රජයේ පාලනය යටතේ රටේ සමස්ත දේශීය හා විදේශීය ණය එකතුව රු. බිලියන 28,574.65 සිට රු.බි. 29,480. 39 දක්වා රු. බිලියන 905.74 ඉහළ ගොස් ඇත. විදේශ ණය ප්‍රමාණය පහත වැටී ඇති නමුත්, දිගින් දිගටම බැඳුම්කර හරහා දේශීය ණය ලබා ගැනීම මෙයට හේතුවයි.
පසුගිය අගොස්තු 12 දින මහ බැංකුව ඉදිරිපත් කළ රු. බිලියන 65 ක බැඳුම්කර නිකුතුව අලෙවි වූයේ නැත. 2032 කල් පිරෙන (8% පොලිය) බැඳුම්කරයට එකම ලංසුවක් හෝ නොවීය. දේශීය ණය ලබා ගැනීමේ ප්‍රතිපත්තියට මෙය පැහැදිලි රතු එළියකි.
විදේශ සංචිත පහත වැටීම
මහ බැංකුවේ නිල දත්ත අනුව, 2025 මාර්තු මස ඩො. මි. 6,531 ක් වූ සංචිත ජූනි මස ඩො.මි. 6,080 ට පහත වැටුණි. ජූලි මස විදේශ සංචිත ඩො.මි. 6,114 කි. Swap (හුවමාරු) හරහා සිදුවන ව්‍යුත්පන්න කොන්ත්‍රාත්තු (derivative contracts) ද ඇතුලත් කරමින් ‘සංචිත’ ප්‍රකාශයට පත් කෙරේ.
කෙසේ වුවත්, Swap හුවමාරු අගය ඉවත් කළ විට, 2025 මාර්තු ඩො.මි. 2,799 ක් වූ රටේ ශුද්ධ විදේශ සංචිත ප්‍රමාණය ජූනි මස වන විට ඩො.මි. 2,210 දක්වා අඩුවී ඇත.
2024 දෙසැම්බර් මුළු සංචිත ඩො.මි. 6,122 න්, Swap ඩො.මි. 3,548 ක් වූ අතර, ශුද්ධ සංචිත 2,574 කි.
2025 ජූනි මුළු සංචිත ප්‍රමාණය ඩො.මි. 6,080 න්, චීන සහ වෙනත් Swap ඩො.මි. 3,870 ක් වු අතර, ශුද්ධ සංචිත ඩො.මි. 2,210 කි. ඒ අනුව, 2024 දෙසැම්බර් සිට 2025 ජූනි දක්වා ශුද්ධ විදේශ සංචිත අඩුවීම ඩො.මි. 364 කි.
2021 – 2022 ආර්ථිකය බිඳවැටීමේ පූර්ව ලක්ෂණ මතුවන විට ප්‍රමාණික විෂය දැනුමක් සහිත පිරිස් මුදල් අච්චු ගැසීම, අසීමිත ණය ගැනීම හා විදේශ සංචිත පහත වැටීම ගැන අනතුරු හඟවනු ලැබීය. එම අනතුරු හැඟවීම් නොතකා කරුණු සැඟවීම හා විචාරකයින්ට අවලාද නැගීම 2022 ‘මූල්‍ය බිඳ වැටීම’, දැවැන්ත ආර්ථික බිඳවැටීමක් දක්වා වර්ධනය වූවේය. වසර හතරකට පසු නැවත එවැනිම මුල්‍ය බිඳවැටීමක පෙරමඟ ලකුණු හඳුණාගෙන පිළියම් යෙදීම මහ බැංකුව, භාණ්ඩාගාරය, මුදල් අමාත්‍යාංශය හා පාර්ලිමේන්තුවේ වගකීමකි.
රුපියල් බිලියන 1225.9 මුදල් අච්චු ගැසීම, ඩො.මි. 364 කින් විදේශ සංචිත පහත වැටීම හා රු. බිලියන 905.74 කින් රටේ ණය ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් රටේ ආර්ථික වර්ධන වේගය පහත වැටීම අනිවාර්ය වනු ඇත. එය දිගු කාලීන අහිතකර බලපෑම් ඇති කරන තත්වයකි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්